ලොව පුරා බොහෝ පිරිසක් අතර අප්‍රසාදය දිනාගනිමින් ත්‍රස්තවාදී ක්‍රියා රාශියකට වගකිව යුතු ISIS ත්‍රස්තයින්ගේ ප්‍රධාන අළුගෝසුවා පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පසුගියදා නිකුත් කල ගෙල සිඳ මරාදමන වීඩියෝ රාශියක පෙනී සිට ඇත්තේ මොහු වන අතර එහිදී ඔහුගේ මුහුණ ආවරණය කරගෙන සිටීම නිසාවෙන් හඳුනාගත නොහැකිව තිබුණා.
කෙසේ නමුත් මේ වන විට ඔහුගේ ඡායාරූප, කුඩා අවධිය මෙන්ම පාසැල් කාලය පිළිබඳව තොරතුර හෙළිදරව් කරගැනීමට සමත් වී තිබෙනවා. කුඩා කල ලන්ඩන් නගරයේ ඉගෙනුම ලබා ඇති මොහු පාසැල් කාලයේ ඉතා නිහඬ චරිතයක් ලෙසයි කාලය ගතකර ඇත්තේ.
ආගම දහමට වඩා පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් දක්වා ඇති මොහු පාසැලේ ඉතා උනන්දුවෙන් වැඩකටයුතු කර තිබෙනවා. ඔහු වැඩියෙන්ම ආශා කල පරිගණක ක්‍රීඩාව වී ඇත්තේ Time to Kill නම් ක්‍රීඩාවයි. එමෙන්ම කැමතිම ග්‍රන්ථය වී ඇත්තේ How to Kill a Monster නම් පොතයි.
කුවේට් හි උපතලබා ඇති මොහු වයස අවුරුදු 6දී එංගලන්තයට පැමිණ ඇත. එහිදී අන්තවාදීයෙකු ලෙසින් 2012 වසරේදී සිරියාවට පැනගොස් ඇති මොහු 12 වතාවක් පොලිස් අත්අඩංගුවට පත්වීමට ගොස් ඇත. නමුත් එම සෑම අවස්ථාවකම ඔහුට එයින් මිදී පලායන්නට හැකිවී ඇත.