Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
02
‘‘රෝහලට අරන් යනකොටත් මගේ රත්තරන් දුව නැතිවෙලා‘‘

- ‘‘රෝහලට අරන් යනකොටත් මගේ රත්තරන් දුව නැතිවෙලා‘‘Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මාරවිලම කඳුලින් හැඬවූ සිඟිති දියණියගේ හදිසි වියෝව

පසුගිය 26 දා අලුයම මාරවිල - පිච්චවල පාරේ නිවසක සිඟිති දියණියක්‌ හදිසියේ මියයැමෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පනයට පත්වුනා.

මෙලෙස මියගියේ වයස අවුරුදු එක හමාරක් පමණ වයසැති ට්‍රිෂානි අමාෂියා රණවක නම් සිඟිති දියණියයි. තමන්ගේ ආදරණීය ආච්චී සමඟින් වෛද්‍ය සායනයකට ගොස් ඇති ඇය ත්‍රිත්ව එන්නත ලබාගෙන ඇති අතර පසුව සුළු උණ තත්වයක් හටගෙන ඇති බව මව වන කල්පනී මහත්මිය පවසා ඇත.

සිරප් දුන්නාම උණ බැස්‌සා. රාත්‍රි 7 ට විතර අල කෑලි ටිකක්‌. බිස්‌කට්‌ කෑල්ලක්‌ එක්‌ක කෑවා. රෑ 10 ට විතර කිරි ටිකක්‌ බිව්වා. නිදා ගනිද්දී 12 විතර වුණා. රාත්‍රි 1 ට විතර දුව ඇහැරුනා.


හුස්‌ම ගන්න අමාරුයි වගේ මට තේරුණා. විනාඩි 10- 15 අතර මාරවිල රෝහලට දුවව අරන් ගියා. ඒ වෙනකොටත් මගේ රත්තරන් දුව නැතිවෙලා කියා රෝහලෙන් කිව්වා" යෑයි පවසමින් ඇය හඬා වැළපුනාය.

මගේ දුවට කිසිම රෝගයක්‌ තිබුණේ නෑ. දුව ගෙදර දඟකාරකමට ඇවිදිනවා. එයාගේ සුරතල් තමයි අපේ ජීවිතේ. අපිට දැන් ජීවිතයක්‌ නෑ. දුවට බේත් විදිද්දි දොස්‌තර මහත්තයා ඇවිත් හිටියේ නෑ. මිසීලා, මිඩ්වයිෆ්ලා, බේත් විදින්න ගත්තා. දොස්‌තර මහත්තයා පරක්‌කු වෙලා ඇවිත් මාස 9 ට අඩු ළමයි බැලුවා. දොස්‌තර මහත්වරු දෙන්නෙක්‌ හිටියා.

බේත් කුප්පි එකට තබාගෙන තිබුණේ. අපි මොනවා හරි කිව්වොත් හරි ඇහුවොත් හරි අපිට අහන්න වෙන්නේ ඇනුම්පදයක්‌. දුවගේ වයස අවුරුදු 1 1/2 යි කිව්වාම ඔව් අපි දන්නවා කියනවා. වෙනත් දේවල් කථා කරමිනුයි බේත් විදින්නේ. මේ ගැනයි අපි සැකකරන්නේ. බේත් මාරුවෙලා කියලා හිතන්නත් පුළුවන්.

දැරියගේ තාත්තා මෙම සෝචනීය සිඳුවීම පිළිබඳව පැවසුවේ මෙවන් දෙයකි. මගේ දරුවගේ මරණ පරීක්‍ෂණය තිබ්බෙ හලාවත මහ රෝහලේ. එහිදී අපි දැක්‌කා දරුවාගේ තොල්. යටිපතුල්, ඉඟටිය පෙදෙස සුදු පැහැ ගැන්වී තිබුණා. හෘද වස්‌තුවේ වෙනසකුත් තියෙන බව වෛද්‍යවරු කිව්වා. මොන හේතුවකට අපේ දරුවා අපිට නැතිවුණාද කියා හිතාගන්න බෑ.

සිද්ධිය සම්බන්ධව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්. එම්. ඒ. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙවන් අදහසකි.

මේ එන්නත නිසා කිසිම අනතුරක්‌ සිදුවෙන්න හැකියාවක්‌ නෑ. මේ බෙහෙත මාස 2, 4, 6 කාලවලදිත් දෙනවා. එතකොට වර්ග 5 ක්‌ අන්තර්ගතයි. අවුරුදු 1 1/2 දරුවන්ට වර්ග 3 යි, බේතට අඩංගුවන්නේ. ඒක ත්‍රිපල් එක.

අවුරුදු 5 ට බේත් වර්ග දෙකයි තියෙන්නේ. ඒක ඩුවෙල් එක. දරුවාට කලින් මේවා දීලා තිබුණා. අපි ළමයාට බේත් විදලා පැය 1/2 ක්‌ තියා ගන්නවා. පැය 14 කට පස්‌සේ තමයි මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ.

ඒ වගේම මරණ පරීක්‍ෂණයේ කියලා තියෙනවා නින්දේදී කෑම සහ කිරි පිටි උගුරේ යැම සිදුවී ඇති බව. ඒ ගැන වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන නිසා මටත් වැඩි යමක්‌ කියන්න බෑ. ඒත් මම පිළිගන්නවා දරුවා අහිමිවීම මේ දෙමාපියන්ට දරාගන්න බැරි බව. අත් වැරැද්දක්‌ වෙන්න තියන හැකියාව අඩු බවයි මම කියන්නේ. සමන් රණවකට හා සජිනි කල්පනාට සිටි එකම දරුවා විෂානි අමාෂියා පමණි. ඔවුනගේ ජීවිතය අලුත් තැනකින් පටන්ගත යුතු වන්නේ එකම දරුවාගේ වියෝව නිසාය. මෙම මරණය සිදුවූයේ කිනම් කරුණකින්ද යන්න තවම පැහැදිලි නැහැ. වෛද්‍යවරු පවසන අන්දමට බෙහෙත් විසවීමෙන් මියගිය සංඛ්‍යාව ඉතා අල්පය.

නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top