Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 59 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views846 Views
comment

රට තුළ  රේස් බයි රේස් සූදු ව්‍යාපාරය නතර කිරීමට ආණ්ඩුව සෘජු තීරණ ගත යුතු බව සිංහල රාවය සංවිධානය අවධාරණය කරනවා.

එම සංවිධානයේ කැදවුම්කරු පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙන්නේ මෙම සූදු මධ්‍යස්ථාන හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් දුගී භාවයට පත්ව ඇති බවයි.

views1,171 Views
comment

සාමාන්‍යයෙන් අඹු සැමි යුවළක් නිත්‍යානුකූලව විවාහ ගිවිසගන්නේ විවාහවන දිනයේ හෝ ඊට පෙර දිනකයි. නමුත් අඹු සැමියන් වශයෙන් වසර ගණනාවක් ජීවත් වූ පිරිසක් ඊයේ (27) පළමුවතාවට විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් ගාල්ල නාගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ අතර අවුරුදු 72 ක් හා 69 ක්වන අඹුසැමි යුවලක්ද සිටීම විශේෂත්වයක්.

ගාල්ල - උඩුගම හොමදොල වතුයායේ අඹු සැමියන් වශයෙන් ජීවත් වූ 24 දෙනෙක් ඊයේ (27) උදේ මෙම ශාලාවට රැස්වුණේ ඔවුන්ගේ ජීවිතයේ මෙතෙක් ඉටු නොවූ වැදගත් කර්තව්‍යයක් ඉටු කර ගැනීම සදහායි.

views366 Views
comment
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ඊයේ (27) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඇය අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී විනිසුරු ගිහාන් පිලපිටිය නියෝග කළේ ශෂී වීරවංශ රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

ඊට අමතරව, සෑම මසකම අවසන් සිකුරාදා පෙරවරු 9 ත් 12 ත් අතර අධිකරණ රෙජිස්ටාර්වරයා හමුවේ පෙනී සිටිය යුතු බවට ඇයට පැනවූ එක් ඇප කොන්දේසියක්.

views583 Views
comment
චින්ති සද්ද නැතිවම විවාහ වෙලා කියලා අපිට ආරංචියක්‌ ලැබුණා. මෙයා විවාහවෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි. ගිය අවුරුද්දේ ඔක්‌තෝබර් මාසයේ.

මෙච්චර කාලයක්‌ චින්ති විවාහය හංගාගෙන හිටියේ ඇයිද කියන කාරණාවත් එක්‌ක ඔහුගේ බිරිඳ කවුද කියලා මේ වෙනකොට ඔහු කියලා තියෙනවා.

ආගමානුකූලව පවුලේ අයත් එක්ක පල්ලියේදී තමයි ඔහුගේ විවාහ උත්සවය පැවැත්වෙලා තියෙන්නේ.

views520 Views
comment
ඊයේ (26) දිනයේ හිරු ටීවී බලය දේශපාලන වැඩසටහනට සහභාගී වූ විමල් විරවංශ හා අජිත් පී පෙරේරා අතර උණසුම් වචන හුවමාරුවක් ඇතිවුනා. එයට හේතු වූයේ උපන්දිනයක් සම්බන්ධව මතුවූ කතාවක් හේතුවෙනුයි.

views646 Views
comment
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 408ක්. ඒ බටහිර ඉන්දීය කොදව්වන්ට එරෙහිවයි. මෙය ඕස්ට්‍රේලියාවේදි කණ්ඩායමක් එක්දින තරගයකදි රැස්කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.  එමෙන්ම ලෝක කුසලාන තරගයකදි කණ්ඩායමක් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනු ඇති.

views761 Views
comment
සාරධර්ම, ගුණධර්ම යුතු අයුතුකම් වැනි දේ අද සමාජයෙන් ගිලිහී යන මොහොතක නැවතත් නූතන සමාජයට උතුම් ආදර්ශවත් පණිවුඩයක් ලබාදුන් උදාර මාතාවක් තිස්සමහාරාම නැදිගම්විල ප්‍රදේශයේදී අපට හමුවිය.

අද බොහෝ දෙමවුපියන් මහළු වියට පත්වූ විට සිටින්නේ මහළු නිවාසවලය. අපට අහන්න දකින්නටද ලැබෙන්නේ දෙමවුපියන්ට ළමයින්ගෙන් සිදුවන එවැනි අකටයුතුකම්ය. එසේ පවතින යුගයක මුළු රටටම උදාර ආදර්ශයක් මෙම මාතාව විසින් ලබා දෙන්නීය.

views1,258 Views
comment
 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දැයට කිරුළ ප්‍රදර්ශන ආවරණයක් කඩා වැටී අප්‍රාණික වූ වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් මිලියන 180 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (27) නියෝග කළා.

views1,882 Views
comment
මත්පෙති කළවම් කල සිසිල් බීම දී නිරුවත් කර දූෂණය කරලා

චිත්‍රපට ක්ෂේත්‍රයේ නිළියන් හා නිෂ්පාදවරුන් අතර ඇතිවන පටලැවිලි පිළිබඳව බොහෝ විට අපට අසන්නට ලැබේ. යම් නිළියන්ට ක්ෂේත්‍රයේ රැදී සිටීම සඳහා මෙලෙස උදව් උපකාර කරන නිෂ්පාදකවරුන් අතර පටලැවිලි නිසාවෙන් අධිකරණයේ පිහිට පතන්නට වූ අවස්ථාද නැතිවාම නොවේ.

එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ලාල් කළුආරච්චි මහතා ඊයේ (26) දිනයේ බන්ධනාගාර ගතකර තිබේ. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ නවක ටෙළි නිළියක් වන මන්දාකිනි රණසිංහ හට සම්මුඛ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ආරාධනා කොට ඇයව දූෂණය කිරීමයි.

views1,886 Views
comment
පසුගිය රජය සමයේ ඇතිවු තර්ජන හේතුවෙන් තමන්ට විදේශගත වීමට සිදුවූ බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි ප්‍රකාශ කළා.

views272 Views
comment
රේස් බයි රේස් සූදු ව්‍යාපාරය වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනතාව පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ රේස් බයි රේස් සූදුව  වර්තමානයේ ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

රේස් බයි රේස් සූදු ව්‍යාපාරය පිළිබදව සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.රාවනා බලය සංවිධානයේ කැදවුම්කරු පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද අවධාරණය කළේ රේස් බයි රේස් සූදු ව්‍යාපාරය නතර කළ යුතු බවයි.

views1,119 Views
comment
කොස්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් විවෘත කිරීමේ උත්සවයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් අද (26) පෙරවරුවේ පැවැත්වුණා.

බලපිටිය ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කුෂාන්ත මෙන්ඩිස් සහ බලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කමල් ජයන්ත ද සොයිසා යන මහත්වරුන් ද එම උත්සවයට පැමිණ සිටියා.

views825 Views
comment
පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව තුළ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් සදහා සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුලිබල හා බල ශක්ති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ සුවදුක් විමසා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැමිණියා. ප්‍රේමලාල් ජයසේකර රඳවා සිටින්නේ කුරුවිට බන්ධනාගාරයේයි.

views715 Views
comment
ලෝක කුසලානයේ 18 වන තරඟය ලෙසින් අද දිනයේ පැවති ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟයේදී වාර්තා රැසක් අලුත් කරන්නට තිලකරත්න ඩිල්ෂාන් සමඟින් එක්වූ කුමාර් සංගක්කාර සමත් වී තිබෙනවා.

එමෙන්ම වසර 19ක් පැරණි ශ්‍රී ලාංකීය වාර්තාවක්ද තමන් සතුකරගැනීමට මෙහිදී ඩිල්ෂාන් සමත්වුනා. ඒ අනුව ලෝක කුසලානයක ලකුණු 150ක් රැස්කල එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට දිල්ෂාන් පත්වුනා. මීට පෙර ලෝක කුසලානයක ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සිටියේ අරවින්ද සිල්වා වේ. 1996 ඔහු ලකුණු 145 රැස්කල අතර ඒ කෙන්යාවට එරෙහිවයි.

views959 Views
comment
[1]      «      5283   |   5284   |   5285      »      [5657]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top