මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.
ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 408ක්. ඒ බටහිර ඉන්දීය කොදව්වන්ට එරෙහිවයි. මෙය ඕස්ට්‍රේලියාවේදි කණ්ඩායමක් එක්දින තරගයකදි රැස්කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම ලෝක කුසලාන තරගයකදි කණ්ඩායමක් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනු ඇති.
එහිදී ප්‍රවේකාරී පිතිහරඹයක නිරත වූ නායක ඒ බී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත්වුණා. ඒ පන්දුව 66ක් තුළදීයි.
ඒ අනුව ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ලකුණු 150යේ වාර්තාවට ඒ බී ඩිවිලියර්ස් හිමිකම් කියනු ඇති. මීට පෙර ද ඒ බී ඩිවිලියර්ස් වේගවත්ම අර්ධ ශතකයට සහ වේගවත්ම ශතකයට හිමිකම් කියනවා. අද දිනයේ ඩිවිලියර්ස් ලබාගත් ලකුණු 162ට හයේ පහර 8ක් සහ හතරේ පහර 17ක් ද ඇතුළත්.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 408ක් ලබාගැනීමට සමත් වුණා. මේ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන් එම ඉලක්කය අභිබවා යාමට නම් ලකුණු 409ක් ලබාගත යුතු වනවා.
ඩිවිලියර්සගේ සුපිරි ඉණිමේ වීඩියෝව පහතින්