බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දැයට කිරුළ ප්‍රදර්ශන ආවරණයක් කඩා වැටී අප්‍රාණික වූ වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් මිලියන 180 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (27) නියෝග කළා.
වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටියදී 2008 වසරේ ඇයට මෙම අනතුර සිදුවූ අතර, ලෝහමය කූඩාරම කඩා වැටීමෙන් ඇගේ හිසට මෙන්ම, කොඳුඇට පෙළට ද බරපතල හානි සිදුවුණා. ශරීරයේ පහළ කොටස අප්‍රාණික වුව ද හිසට සිදුවූ හානියෙන් සුවය ලැබූ ඇය පසුව වෛද්‍ය උපාධිය නිමකොට වෛද්‍යවරියක ලෙස සේවයට එක්වුණා.
අදාළ වන්දි මුදල ගෙවන ලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කළමනාකාරිත්වයට නියෝග කරමින් කොළඹ දිසා අධිකරණය ප්‍රකාශ කළේ එහි නොසැලකිලිමත්භාවය අනතුරට හේතුව බවයි.