පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව තුළ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් සදහා සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුලිබල හා බල ශක්ති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ සුවදුක් විමසා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැමිණියා. ප්‍රේමලාල් ජයසේකර රඳවා සිටින්නේ කුරුවිට බන්ධනාගාරයේයි.
අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සදහා මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ අද පෙරවරු 11.30ට පමණයි.
එමෙන්ම එහිදී මාධ්‍යවේදීන් සහ රැස්ව සිටි ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියේ මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්නයි. එහිදී හිටපු ජනාධිපතිවරයා සිනහමසු මුහුණින් ප්‍රකාශ කළේ ඉදිරි කාරණයක් සම්බන්ධයෙන් මේ මොහෙතේ ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.
එමෙන්ම ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය ඇයගේ ෆේස්බුක් ගිණුමේද මහින්ද රාජපක්ෂගේ පැමිණිම සම්බන්ධයෙන් ඡායාරූප පළකර තිබෙනවා.