Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර පුවත්පත් පවා මුද්‍රණය කරමින් නීති විරෝධී මුදල් ඔට්ටු  ලබා ගන්නා ආකාරය පිළිබදව හිරු CIA තුලින් පසුගිය දින කිහිපයේම හෙළි කළා.

මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විමර්ශන ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.නමුත් ,මහා පරිමානයෙන් ප්‍රසිද්ධියේ මෙවැනි කටයුතු සිදුවද්දී‍ එහි බලධධාරින් නිද්‍රාශීලීව පසුවීම විමතියට කරුණක්.

views260 Views
comment

විවාහයෙන් පසු රට හැරයයි ?

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන ලෝචනා ඉමාෂි මනාළියක් වෙන්නලු යන්නේ. ඒ ගැන අපි කලින් දැනගෙන හිටියත් ලෝචනා කීවේ කාටවත් ඒ ගැන ප්‍රසිද්ධ කරන්න එපා කියලා. හැබැයි ඇයගේ විවාහය ගැන ඉස්ඉස්සෙල්ලාම අපිට කියනවා කියලත් ඇය පොරොන්දු වුනා. අන්න ඒ දවස දැන් උදාවෙලා තියෙනවා.

රංගනයෙදි විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙදිත් කටකාර චරිතයක් වුනු ලෝචනා ඇයගේ අතගන්න යන පෙම්වතා ගැන අපිත් එක්ක කීවේ හරිම ආසාවෙන්. 

views295 Views
comment

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේකෂකයා ලෙස ඉදිරිපත් කිරීම උදෙසා සංවිධානය වන රැළි මාලාව 2වන රැළිය අද දිනයේ මහනුවරදී පැවැත්වුනා.

රැළියට සම්බන්ධ වීමට දේශපාලනය සාමාජිකයින් මෙන්ම කලාකරුවන් පිරිසක්ද සහභාගී වී සිටියා.

views284 Views
comment
බංග්ලාදේශයේ සිට ඉන්දියාවට නීති විරෝධීව පැමිණි පුද්ගලයෙක් එහි සිට වාහන අලුත්වැඩියාවේ යෙදී සිට තිබෙනවා. එසේ සිටියදී ඔහු විසින් තරුණියක්ව පැහැරගෙන ගොස් දින 2ක් තිස්සේ දූෂණය කොට තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු සම්බන්දව එල්ලවූ චෝදනා හමුවේ පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන සිරගත කොට තිබෙනවා.

views828 Views
comment
නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවතින්නේ තමා ළග බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද (06) උදෑසන හොරණ - මදුරාවල ප්‍රාදේශීය සභාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන්නැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවයි.

views895 Views
comment
ගිනිගත්හේන පොලිස් වසමට අයත් මිනුවන්දෙනිය ප්‍රදේශයේ පහළොස් (15)  හැවිරිදි පාසැල් දැරියක් අපයෝජනයට ලක්කල සිය පෙම්වතා සහ එයට අනුබලදුන් පාසැල් දැරියගේ මව සහ පෙම්වතාගේ මව අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයි.පී.ඩි. ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා මේ මස 9 වෙනි දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.

මෙම පාසැල් දැරිය සමග කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්දතාවයක් පවත්වා ඇති අතර එයට දැරියගේ මව විරුද්ධ නිසා පාසැල් දැරිය පෙම්වතාගේ නිවසට ගොස් පදිංචිවී තිබෙනවා.

views960 Views
comment
පක්ෂ සමාජිකයින් නුවර රැළියට යන්නේ නැතිලු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) සවස රැස්වී තිබෙනවා. ඒ, කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම සදහා එක්ව සිටියා.

මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කර සිටියේ කරුණු ගණනාවක් පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි.
views306 Views
comment
‘‘දේශපාලනයට එනවායැයි කියන කතා අමූලික බොරු‘‘

පසුගිය දිනවල වෙබ් අඩෙවි කිහිපයකම පළකර තිබුණේ  හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ඉදිරි මැතිවරණයේදී තරඟ වදිමින් දේශපාලනයට පිවිසෙන බවයි. නමුත් සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම පදනම් විරහිත වාර්තා අමූලික බොරු බවයි.  

මෙලෙස තමන් දේශපාලනයට පිවිසීමට කිසිසේත් බලාපොරොත්තු නොවන බවත් කිසිසේත් සත්‍ය‍තාවයෙන් තොරව පළ කරන එම වාර්තා උපේක්ෂා සහගතව ප්‍රතික්ෂේප කරන බවත් රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළා.

views753 Views
comment
මගීන් 125 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු රැගත් ඩෙල්ටා ගුවන් සේවයට අයත්, මගී ගුවන් යානයක් හිමකුණාටුවක් මැද නිව්යෝක් නුවර ගුවන්තොටුපලේ හිම මත ලිස්සා ගොස් තිබෙනවා.

ඇට්ලන්ටා සිට අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුණු මෙම ගුවන් යානය හිම මත ලිස්සා ගොස් එහි ඉදිරිපස කොටස ආරක්ෂිත වැටක ගැටී නතර වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

views338 Views
comment
මෙරට සූදු ආඥා පනතට අනුව සූදුපොල ආශ්‍රිතව සිදු කෙරෙන නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. රේස් බයි රේස් සූදු පොල ආශ්‍රිතව සිදු කරන නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු ලබාගැනීමේ සුදුව පිළිබඳව පසුගියදා හිරු CIA ඔස්සේ කරුණු වාර්තා කළා.

නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු ලබාගැනීම සඳහා පුවත්පත් පවා මුද්‍රණය කරමින් මහා පරිමාණයෙන් සූදු පොල තුළ මෙම ජාවාරම මේ දිනවල ක්‍රියාත්මක වනවා. නමුත් මෙහි කණගාටුවට කරුණක් වන්නේ නීතිය ක්‍රියාත්මක කළයුතු බලධාරීන් මෙරට අසරණ ජනතාවගෙන් මුදල් කෝටි ගණනින් සූදුපොල වෙත ඇදී යාමට ඉඩදී නිහඬව බලා සිටීමයි.

views627 Views
comment
නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලේ වහළය මත නැගී තමන් ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක බව විරෝධතාවයේ නිරත මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවකයින් පවසනවා.

කොන්ත්‍රාත් කාලය ඉක්මයාමට පෙර වර්තමාන පාලනය තමන්ගේ සේවය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව පවසමිනුයි ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළේ.

views294 Views
comment
කුලියාපිටිය  - මාදම්පේ  - දුම්මලසූරිය පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුලදී සැකකරුවෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති බවයි.

views449 Views
comment
සීගිරිය - ගෙඩිගස්වලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු තමන්ට පරම්පරාවෙන් ලැබුණු කුඹුරේ අස්වැන්න අලින්ට ආහාර පිණිස ලබාදී එම ඉඩමද සඟ සතු කිරීමේ පුවතක් අද වාර්තා වුණා.

75 හැවිරිදි මොහු තම අක්කර භාගයක වී වගා කරන ලද කුඹුර මැදින් පොහෝ දිනය වන අද (05) දිනයේ අලින්ගේ පාරිභෝජනයට ලබාදී ඉන් අනතුරුවයි පිදුරංගල රජමහා විහාරයට පූජා කෙරුණේ.

views403 Views
comment
තමාගේ භාවිතයට සඳහා යැයි කියමින් යාපනය - කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින, මාධ්‍ය මගින් අනාවරණ කළ ගොඩනැගිල්ල ජනාධිපති මන්දිරයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ  1980 වර්ෂවල කොටි ත්‍රස්තවාදීන් විනාශ කරනතුරු යාපනය කොටුව තුළ ජනාධිපති මන්දිරයක් තිබූ බවයි.

views695 Views
comment
සති 2කින් පළමු සවිකිරීම
ස්ථාන 1000කට Free වයිෆයි

දින 100 වැඩසටහනේ වූ පොරෙන්දුවට අනුව දිවයින පුරා නොමිලේ වයිෆයි ලබාදීමේ පියවර ආරම්භ කිරීමට කටයුතු කරමින් යන බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කලා.

ඒ අනුව දිවයින පුරා විදුලි සංදේශ සේවා සපයන ආයතන සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලංකාව පුරා ස්ථාන 1000කට නොමිලේ වයිෆයි ලබා දීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

views373 Views
comment
[1]      «      5279   |   5280   |   5281      »      [5657]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top