දින 100 වැඩසටහනේ වූ පොරෙන්දුවට අනුව දිවයින පුරා නොමිලේ වයිෆයි ලබාදීමේ පියවර ආරම්භ කිරීමට කටයුතු කරමින් යන බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කලා.
ඒ අනුව දිවයින පුරා විදුලි සංදේශ සේවා සපයන ආයතන සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලංකාව පුරා ස්ථාන 1000කට නොමිලේ වයිෆයි ලබා දීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
සියළුම ප්‍රධාන දුම්රිය ස්ථාන, ප්‍රධාන රෝහල්, සියළුම විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, ශ්‍රී ලංකා නීති විද්‍යාලය, ප්‍රධාන උද්‍යාන, මහජන පුස්ථකාල යන ස්ථාන වලට ඒ අනුව නොමිලේ වයිෆයි පහසුකම ලබාදීමට තීරණය කර ඇත.
මුලින්ම මෙවැනි ස්ථාන 1000ක් ස්ථාපනය කොට පසුව එහි ප්‍රගතිය හා තාක්ෂණික කරුණු පිළිබඳ සලකා බලා ඉදිරි පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර සිටියා. මෙයට රජය වියදම් දැරීමක් නොකරන බවත් සන්නිවේදන ආයතන එම වියදම දරණ බවත් පැවසූ අජිත් පී පෙරේරා මහතා මෙහි පළමු සවිකිරීම තවත් සති 2කින් පමණ ආරම්භ කරන බවත් ප්‍රකාශ කර සිටියා.