ගිනිගත්හේන පොලිස් වසමට අයත් මිනුවන්දෙනිය ප්‍රදේශයේ පහළොස් (15) හැවිරිදි පාසැල් දැරියක් අපයෝජනයට ලක්කල සිය පෙම්වතා සහ එයට අනුබලදුන් පාසැල් දැරියගේ මව සහ පෙම්වතාගේ මව අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයි.පී.ඩි. ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා මේ මස 9 වෙනි දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.
මෙම පාසැල් දැරිය සමග කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්දතාවයක් පවත්වා ඇති අතර එයට දැරියගේ මව විරුද්ධ නිසා පාසැල් දැරිය පෙම්වතාගේ නිවසට ගොස් පදිංචිවී තිබෙනවා.
මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මතයි ගිනිගත්හේන පොලීසිය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පෙම්වතාගේ නිවසේ රැදීසිටි කාලය තුළ තමාව අවස්ථා කීපයකදීම පෙම්වතා විසින් අපයෝජනයට ලක් කළ බව දැරිය විසින් පොලීසියට පවසා තිබෙනවා.
මව්වරුන් දෙදෙනා අපයෝජනයට ලක්කිරීමට අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත පමුණුවා ඇති අතර දැනට පොලිස් භාරයේ සිටින පාසැල් දැරිය හෙට (05.03) හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ළමා නිවාසයක භාරයේ තැබීමට කටයුතු කරන බවයි ගිනිගත්හේන පොලීසිය පවසන්නේ.