නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවතින්නේ තමා ළග බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. අද (06) උදෑසන හොරණ - මදුරාවල ප්‍රාදේශීය සභාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා එහි සිටි මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කළා.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන්නැයි කිසිවෙකුට පැවසිය නොහැකි බවයි.
මේ අතර, අද මහනුවරදී පැවැත්වෙන රැළියට සහභාගි වන්නේ ද යන්න පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනපතිවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ තමාට ඊට ආරාධනාවක් කර ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදෑසන මදුරාවල ප්‍රාදේශීය සභාවට පැමිණියේ ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන අතරතුරදීයි. හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම සැලවීමත් සමඟ ප්‍රදේශවාසී ජනතාව මදුරාවල ප්‍රාදේශීය සභා භූමියට පැමිණ තිබුණා. එම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, නිර්මල කොතලාවල, මදුරාවල ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පජිත් ශීලවික්‍රම, පැමිණ සිටි බවයි වාර්තාවන්නේ.