යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වන ලෝචනා ඉමාෂි මනාළියක් වෙන්නලු යන්නේ. ඒ ගැන අපි කලින් දැනගෙන හිටියත් ලෝචනා කීවේ කාටවත් ඒ ගැන ප්‍රසිද්ධ කරන්න එපා කියලා. හැබැයි ඇයගේ විවාහය ගැන ඉස්ඉස්සෙල්ලාම අපිට කියනවා කියලත් ඇය පොරොන්දු වුනා. අන්න ඒ දවස දැන් උදාවෙලා තියෙනවා.
රංගනයෙදි විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙදිත් කටකාර චරිතයක් වුනු ලෝචනා ඇයගේ අතගන්න යන පෙම්වතා ගැන අපිත් එක්ක කීවේ හරිම ආසාවෙන්.
ඇය විවාහවෙන්න හිතේ තියාගෙන හිටිය විදියේ කෙනෙක්ම ඇයට හම්බවෙලා තියෙනවලු. ක්ෂේත්‍රයට සම්බන්ධ වුනු කෙනෙක්ම වෙන ඔහු මේ වෙනකොට නම් ඉන්නේ විදේශගත වෙලා.
කොහොම වුනත් විවාහයෙන් පස්සේ ලෝචනත් රටයයි කියලා පොඩි කතාවකුත් තියනවා. මේ හැමදෙයක් ගැනම ඇය අපිත් එක්ක කියපු හඬපටය පහතින් අහන්න..
සංවාදය නිසලී ප්‍රබුද්ධිකා