රාශි චක්‍රයේ මේෂ රාශියේ ඉඳන් මීන රාශිය දක්වා රාශීන් 12ක් තියෙනවා . ඉතින් මේ ග්‍රහයින් එක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා
අද අපේ කතානායකයා වන සෙනසුරු 2014 නොවැම්බර් මාසේ 2 වැනිදා තුලා රාශියේ ඉඳලා වෘශ්චිකට රාශි ගතවුනා.
ඇයි මේ සෙනසුරු ග්‍රහමාරුව අප සියලු දෙනාටම මේ තරම් වැදගත් වන්නේ......
අනිත් ග්‍රහයින් දිහා බැලුවොත් බොහෝ විට මාසයක් මාස එක හමාරක් උපරිම වසරක් වගේ කාලයක් තමයි රාශියක ගමන් කරන්නේ හෝ රැඳී සිටින්නේ හැබැයි සෙනසුරු වසර දෙක හමාරක ආසන්න කාලයක් තිස්සේ එකම රාශියක රැඳී සිටිනවා.