මේ හේතුවෙන් ඔහුට රටින් පිටවීම තහනම් කරමින් උසාවි නියෝගයක්ද ගෙන තිබුණා. එමෙන්ම SF ලොකූගේ සහෝදරයාද ඊයේ (31) දිනයේ අත්අඩංගුවට පත්වූ අතර ඔහුව අල්ලාගෙන තිබුණේ තංගල්ල නගරයේදියි.
ප්‍රධාන සැකකරු හලාවත ප්‍රදේශයේ නිවසක සැඟව සිටි බවට තොරතුරු ලැබිමෙන් පසු පොලිසිය විසින් ඔහුගේ මිතුරකු යොදවා දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.
එහිදී ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ තමා ජාඇල ප්‍රදේශයේ සිටින බවය. අනතුරුව එම යහළුවා හමුවීමට ඔහු හලාවතට පැමිණෙන බව පවසා තිබේ. එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. එම අවස්ථාවේ ඔහු අනුරාධපුරයට පැමිණීමට නියමිතව සිටි බවද පැවසේ.
අනුරාධපුර මුදිතා මාවතේ සමාජ ශාලාවක් තුළදී වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 28ක්. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේදීයි. ඔහු සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.
සමාජ ශාලාවට පහර දෙන අවස්ථාවේ වසන්ත සොයිසා වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.