විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන් යානය සිනායි අර්ධද්වීප සීමාව පසුකරනවාත් සමඟම මෙහෙයුම් මධ්‍යස්ථාන සමඟ තිබූ සියලූ සබඳතා බිඳ වැටී ඇති බවයි. එමෙන්ම කඩාවැටුණු රුසියානු ගුවන් යානය වැටුණු ස්ථානයට ඊජිප්තු ගුවන් හමුදා ළගා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තු ගුවන් හමුදා විසින් මළ සිරුරු 100ක් පමණ මේ වනවිට නිරීක්ෂණය කර ඇති බවයි.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සුන්බුන් අතරින් කෙඳිරිලි හඩවල් ඇසී ඇති බවත් එම නිසා කිහිපදෙනෙකු හෝ ජීවතුන් අතර සිටිය හැකි බවට සැක කරන බවයි.
යානයේ ළමුන් 17 දෙනෙකු ඇතුළු මගීන් 217 ක් සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටි ඇත.