‘‘ඔය බොරුවලට සම්බන්ධ වෙන හැම එකාටම,
තොපිට ළමයි, ගෑණු ඇතිනේ ඔය බොරු කියන හැම එකාම
හැප්පිලා කුඩුවෙලා මැරෙන්න ඕනි..‘‘
සාදයක් අතරතුර ඇඹිලිපිටිය පොලිසිය සමග ගැටුමේදී තරුණයා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (14) දිනයේත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා.
එහිදී 1, 2 සහ 18 යන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. එම සාක්ෂිකරුවන් වූයේ පසුගිය 4 වැනිදා පැවැති සාදයට සංගීතය සැපයූ පුද්ගලයෙක්, ගැටුම ඇති වූ මොහොතේ මාර්ගයේ යමින් සිටි පුද්ගලයෙක් සහ මියගිය තරුණයා රෝහල් ගත කිරීමට මැදිහත්වූ පුද්ගලයෙක්. මේ අතරතුර මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ ඇතුළු ඥාතින් පිරිසක් නඩුව අවසන් වූ පසුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට පැමිණ පොලිසියට සිය විරෝධය පළ කළේ පොළවේ වැලි ඇටයක් ගානට මේ කළ අපරාධයට පඩිසන්දෙන ලෙස දෙස් දොවොල් තියමින්..