එන්රික් ඇවිත් ලංකාව දෙවනත් කරලා යන්න ගියේ බ්‍රා එක ගැනත් ලොකු කතාවක් හැමෝගෙම මතකේ ඉතිරි කරලා. රට වටෙන් බැණුම් එන අතරේ ජනපතිතුමාත් අන්තිමට කීවේ ඕක කරපු අයට මඩු වලිගෙන් තලන්න ඕනි කියලා.
හිතේ තිබ්බ ආදරයටද රාගයටද දන්නේ නෑ ඔය බ්‍රා එක විසිකරපු සිද්ධිය වගේ සිද්ධි ටිකක් ගැන දැන් කාලෙට කලින් අපේ ගායකයෙකුටත් සිද්ධ වුණා කියලා හැමතැනම කටකතා ගියා. ඒ වෙන කවුරුත් නෙවෙයි ශිහාන් මිහිරංග. ශිහාන් සංගීත ක්ෂේත්‍රයට ආවම තරුණියන් උන්මාදයෙන් වගේ ඔහුට ආදරේ කරන්න පටන් ගත්ත. බිත්තිවල, පර්ස්වල විතරක් නෙවෙයි ඉස්කෝලේ ගෙනියන පොත්වලත් හිටියේ ශිහාන්.
ඔය කාලේ පැතිරුණු කටකතා වල ගියේ සමහර තරුණියෝ ශිහාන්ට කියලා පපුවේ අත්සන් දාගත්තා කියලා. මේ ගැන සති අන්ත පුවත්පතකින් ශිහාන්ගෙන් අහලා තිබුණා. ඔහු ඒකට උත්තර දීලා තිබුණේ මේ විදියට.
ඇත්තටම එහෙම දෙයක් වුණේ නෑ. නුවර ප්‍රසිද්ධ බාලිකා විදුහල් කිහිපයක් එකතුවෙලා සංවිධානයට කරපු ප්‍රසංගයක් ගැන පත්තරවල ගියා. ‘‘සුපිරි තරුවගේ අනවශ්‍ය රංගනය නිසා ප්‍රසිද්ධ බාලික පාසැල් දෙකක තරුණියෝ උඩුකය වස්ත්‍ර ගලවා දැමූහ‘‘ එහෙම තමයි හෙඩිම ගියේ. ඒ ආර්ටිකල් එක මං ළඟ තවමත් තියෙනවා.
කොහොම වුනත් ශිහාන් කියන්නේ එන්රික්ට වගේ එයාටත් ප්‍රතිචාර ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා ප්‍රශ්න වුණා කියලත් ශිහාන් කියනවා. ඒ වගේම අනන්ත අප්‍රමාණ කෙල්ලෝ පොර කාලා ශිහාන්ගේ ස්ටේජ් වලට නැගලා තියෙනවා වගේම මේ දවස් ටිකේ ෆේස්බුක් එක නිසා පොඩි පොඩි කරදර ටිකකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා තමයි මෙයා කියන්නේ.
මොකද ශිහාන් ෆේස්බුක් නැතිවුනත් ව්‍යාජ ගිණුම් නිසා ඔහු අපහසුතාවයට පත්වෙලා තියෙනවලු. ශිහාන්ට ආදරේ කරන අයට කියන්න තියෙන්නේ ඒ වගේ ෆේක් අකවුන්ට් වලින් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න....