ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලිගේ හෝමාගම පිහිටි නිවසට කිසියම් අයෙකු බලහත්කාරයෙන් ඇතුල් ඇති බවට හිරු ගොසිප් අපිට ආරංචි වුණා. ඉතින් මේ ගැන දැනගන්න අපි උපේක්ෂා ස්වර්ණමාලිව සම්බන්ධ කරගත්තා. කළින් වාර්තාවල දැක්වුණේ උපේක්ෂාගේ ගෙදරට ඇතුල් වුණේ ඇයව හොඳින්ම දන්න පෞද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙක් කියලා. කොහොම වුනත් ඒක නෙවෙයි ඇත්ත කතාව කියලා උපේක්ෂා සිද්ධිය ගැන අකුරක් නෑර අපිට කීවා.
මේ මනුස්සයා උපෙක්ෂාගෙ පස්සෙන් එන්න පටන් අරන් දැන් ගොඩක් කල්. ෆේස්බුක් එකෙන්, වයිබර් එකෙන් වගේම SMS දාලා මෙයා උපේක්ෂාට ආදරෙයි, එයාව බඳින්න ඕනි කියලා කරදර කරලා තියෙනවාලු. ඒ වගේම උපේක්ෂාගේ කාර්යාලයට ඇවිල්ලත් මීට කලිනුත් පොලිසියට මෙයාව අල්ලලා දීලා තියෙනවා කියලා උපේක්ෂා හිරු ගොසිප් අපිට කීවා.
ඇත්තමට මෙයාට මානසික රෝගයක් තියෙනවා කියලා තමයි උපේක්ෂා කියන්නේ. අවුරුදු ගාණක් උපේක්ෂාගේ පස්සෙන් එන මෙයාගේ නම දිලංකලු. මෙයා උපේක්ෂාට ආදරෙයි කියලා හැමෝටම කියනවා වගේම එයාව බඳින්න ඕනි කියලත් කියනවලු.
119 දුරකථන ඇමතුමට කතා කරලා ඔහුව අල්ලන් යන්න කියලා පොලිසියට කීව වාහනේක ඇවිත් අරන් ගියත් මීට කලින් ගෙදරට ආවමත් මේ විදියට පොලිසියට කෝල් කළා කියලා තමයි උපේක්ෂා කියන්නේ. එතකොටනම් පොලිසියේ දෙන්නෙක් ආවේ බයික් එකකින්ලු.
උපේක්ෂා කියන්නේ මේ විදියට ඔහුට තියෙන රෝගි තත්වය නිසා නීතියෙන් සමාවක් ලැබුණත් මීට වඩා කරදරයක් තමන්ට කළත් නීතිය ක්‍රියාත්මක වෙන්න වෙලා යයි කියලා. ඒ නිසා උපේක්ෂා කීවලු මෙයාව මානසික රෝහලකට දාන්න කියලත්.
මේ සිද්ධිය මුළ ඉඳන් සිද්ධ වුණු හැටි ගැන උපේක්ෂා අපිට කීව කතාව පහතින් අහන්න....