Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
17
ඇඹිලිපිටිය සිද්ධිය ගැන කොහෙදිවත් නොකී කතාවක් බිරිඳ මුල්වරට හෙළි කරයි

- ඇඹිලිපිටිය සිද්ධිය ගැන කොහෙදිවත් නොකී කතාවක් බිරිඳ මුල්වරට හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views

‘‘තව කියපන්... තව කියපන්...' කියලා ගගහා අතේ තිබුණු ෆෝන් එකෙන්
සිද්ධිය වීඩියෝ කළා‘‘

ඇඹිලිපිටිය යුධ පිටියක් කළ සාදයේ ගුටි බැට හුවමාරුවෙන් පසු මහල් 3කින් පාතට තල්ලු කළ බව කියන තරුණයා ගැන තවමත් නොකියවුණු නොඇසුණු කතා එමටයි. සිද්ධිය පිළිබඳව පොලිසිය විවිධ කතා කියද්දි එම අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි තරුණයාගේ ගැබිණි බිරිඳ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයක් කර තිබෙනවා.

එම අවස්ථාවේ වූ ඇතැම් දේවල් පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණත් ඊට එහා ගිය ඇතැම් දේ සිදුවූ බවයි ඇය පවසා සිටින්නේ. මේ ඇය එලෙස කර තිබූ ප්‍රකාශයයි....

මගේ නම මුණසිංහ ආරච්ච්ගේ ශෂිකා නිශාමනී මුණසිංහ. වයස අවුරුදු 29 යි. මගේ මහත්තයගේ නම ජයවර්ධන සුබසිංහගේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන. අපි විවාහ වෙලා අවුරුදු නවයක්‌ වෙනවා. පදිංචි වෙලා හිටියේ ඇඹිලිපිටිය, නව නගරය, අංක 103 පාරේ නිවසක. අපිට දුවක්‌ ඉන්නවා.



එයාගේ නම ටෙෂානි චමත්කා ජයවර්ධන. දුව ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 03 වසරේ ඉගෙන ගන්නවා. මට තව දරුවෙක්‌ ලැබෙන්න ඉන්නවා. දැනට මාස පහක ගැබිණියක්‌. මහත්තයාට ස්‌ථීර රැකියාවක්‌ තිබුණේ නෑ. කුලියට වෑන් හයර් කරපු එක තමයි කළේ. ඒත් අපි ලස්‌සනට ජීවත් වුණා. මගේ මහත්තයා රස්‌තියාදුවේ යන, බීගෙන දඟලන කෙනෙක්‌ නෙමෙයි. බොහෝම හොඳ ගතිගුණ තිබුණේ. මටයි, දුවටයි පුදුම ආදරයක්‌ තිබුණේ. කසාද බැඳපු දවසේ ඉඳලා අපි බොහෝම ආදරයෙන් ජීවත් වුණේ.

පහුගිය 04 වැනිදා අපේ ගෙවල් ඉස්‌සරහා ගෙදර මෙන්ඩිස්‌ මාමාගේ දුව වැඩිවියට පත්වීමේ උත්සවය තිබුණා. ඒ උත්සවය දවල්, රෑ දෙකේම තිබුණා. එදා රෑ මම ටිකක්‌ අසනීප ගතියෙන් හිටිය නිසා මඟුල් ගෙදර ගියේ නෑ. මහත්තයා විතරයි ගියේ. මම රෑ 11. 15 ට විතර නිදාගන්න ලෑස්‌ති වුණා. ඒ එක්‌කම මඟුල් ගෙදර දිහාවෙන් ලොකු ශබ්දයක්‌ ඇහුණා. 'බුදු අම්මෝ ගහන්න එපා... මරන්න එපා...' කියන හඬ ඇහුණා. මම නිදා සිටි දුවත් ඇහැරවගෙන මඟුල් ගෙදර පැත්තට ගියා. ඒ යනකොට පාර මැද පොලු මුගුරු තියාගත්ත පිරිසක්‌ කිහිප දෙනකුට බිම දාගෙන ගහනවා දැක්‌කා.

ඊට චුට්‌ටක්‌ එහායින් පොලිස්‌ ජීප් එකකුත් නතර කරලා තිබුණා. 'අපිට ගහන්න එපෝ...' කියලා කෑගහන තැනට මම ගියා. මෙන්ඩිස්‌ මාමාගේ බිරිඳයි, තවත් නැන්ද කෙනෙකුයි මෙන්ඩිස්‌ මාමාව වත්තන් කරගෙන ගෙයි පහළ ඉඳලා උඩ තට්‌ටුවට ගියා. මමත් ඒ එක්‌කම උඩට ගිහිල්ලා මගේ මහත්තයා කොහේද කියලා හොයලා බැලුවා. පහළින් මහත්තයාගේ කටහඬ ඇහුණා. මම උඩ තට්‌ටුවේ ඉඳගෙනම පහළ බැලුවා. මහත්තයා කොරිඩෝවේ ඉඳගෙන 'පොලිස්‌ ඇඳුම් ඇඳගත්තට ඔය විදිහට මිනිස්‌සුන්ට ගහන්න එපා...' කියලා පොලිස්‌ නිලධාරියකුට කියනවා ඇහුණා. එතකොට ඒ පොලිස්‌ නිලධාරියා 'තව කියපන්... තව කියපන්...' කියලා අතේ තිබුණු ෆෝන් එකෙන් වීඩියෝ කළා. පස්‌සේ මම 'කෑගහන්න එපා... කෑගහන්න එපා...' කියාගෙන මහත්තයා හිටිය තැනට ගිහින් මගේ අතින් මහත්තයගේ කට තද කළා. ඒ එක්‌කම මෙන්ඩිස්‌ මාමාගේ දුවත් එතනට ඇවිත් 'අයියේ යමු... යමු...' කියලා අපි දෙන්නම මහත්තයගේ අතින් ඇදගෙන ගේ ඇතුළට අරගෙන ගියා.

පස්‌සේ මම මහත්තයා කෑම කන තැනට එක්‌කරගෙන ගියා. ඒ අසල සිටි අනිත් අයත් අයියේ කෑම කාලා නංගිත් එක්‌ක ගෙදර යන්න කිව්වා. මම කෑම එක බෙදලා මහත්තයගේ අතට දෙනකොටම ඇඹිලිපිටිය පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු පිරිසක්‌ එතැනට ආවා. එතකොටම 'මෙන්න මූ තමයි මිනිහා මූ අල්ල ගන්න' කියලා. ඒ.එස්‌.පී. මහත්තයා කිව්වා. 'එයාව ගෙනියන්න එපා... දැන් අපි ගෙදර යන්න හදන්නේ' කියලා මම ඒ.එස්‌.පී. මහත්තයාට කිව්වා. එතකොට ඒ.එස්‌.පී. මහත්තයා කුණුහරුපෙන් බැණලා මාව තල්ලු කරලා දැම්මා. 'මම බබෙක්‌ හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක්‌...' කියලා මම කෑගැහුවා.

එතකොටත් එතැන හිටපු නිලධාරීන් මගේ මහත්තයාට ගහලා බිම දාගෙන ඇදගෙන ගියා. ඒ එක්‌කම මම දැක්‌කා තවත් අයියලා දෙන්නෙකුටත් පොලිසියේ අය පොලුවලින් ගහනවා. පස්‌සේ මම ෆෝන් එකෙන් කතා කරලා මහත්තයාගේ අම්මට කිව්වා. ඒ කියලා පොලිසිය මහත්තයාව ඇදගෙන යන පස්‌සෙන්ම මමත් ගියා. මෙන්ඩිස්‌ මාමලාගේ ගෙදර උඩ තට්‌ටුවට නඟින පඩි පෙළ ළඟදීත් මම පොලිසියේ අයට කිව්වා 'අපි ගෙදර යන්න හැදුවේ. අපිට යන්න දෙන්න' කියලා. එතකොටත් පොලිසියේ අය මට කුණුහරුපයෙන් බැණලා මාව තල්ලු කළා. 'මම දරුවෙක්‌ ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්‌. මගේ මහත්තයට ගහන්න එපා... කියලා මම ආයෙමත් කෑගහලා ඇඬුවා. එහෙම කෑගහනකොට එක පොලිස්‌ නිලධාරියෙක්‌ තුවක්‌කුවක්‌ දික්‌ කරලා මට කුණුහරුපෙන් බැන්නා. ඒ එක්‌කම පොලිසියේ අය මාව තල්ලු කරගෙන මගේ මහත්තයාව ඇදගෙන උඩ තට්‌ටුවට අරගෙන ගියා.

'මට ගහන්න එපා...' කියලා මහත්තයා කෑගහනවා ඇහුණා. ඒ එක්‌කම වීදුරු බිඳෙන ශබ්දයක්‌ ඇහුණා. මම උඩට දිව්වා. එතකොටත් ඒ.එස්‌.පී. මහත්තයා දෙවැනි තට්‌ටුවේ කොරිඩෝව කෙළවරෙන් මහත්තයාව පහළට තල්ලු කරන්න හදනවා. 'අනේ මාව තල්ලු කරන්න එපා...' කියලා මහත්තයා කෑගැහුවා. මම මහත්තයා ළඟට දිව්වා. එතැනට යනකොටම ඒ.එස්‌.පී. මහත්තයා මගේ මහත්තයාව තට්‌ටුවෙන් බිමට තල්ලු කළා. 'අයියෝ... මේ මොකක්‌ද කළේ...' කියලා මම කෑගැහුවා. ඒ එක්‌කම ඒ.එස්‌.පී. මහත්තයා එතැනින් ඉවත් වුණා. එතන රතු පාට රැලි කර්ටන් එකක්‌ තිබුණා.

මම ඒ කර්ටන් එක ළඟට එනකොට මෙන්ඩිස්‌ මාමාගේ බිරිඳත් එතැන ඉන්නවා දැක්‌කා. මම ඒ නැන්දට කිව්වා අයියාව තට්‌ටුවෙන් බිමට තල්ලු කළා කියලා. එතකොටම 'බුදු පුතේ මොකද වුණේ' කියලා නැන්දා කෑගැහුවා. 'මොකක්‌ද මේ කරපු හෙණ ගහන අපරාදේ' කියලා අපි දෙන්නම කෑගැහුවා. මහත්තයා තල්ලු කරපු තැන ඉඳලා පහළ බලනකොට මම දැක්‌කා මහත්තයා උඩුබැලි අතට වැටිලා ඉන්නවා. ඒ මොහොතේම ඒ.එස්‌.පී. මහත්තයා පහළ සිටි පොලිස්‌ නිලධාරියකුට ඔලුවෙන් මොනවාදෝ කියනවා මම දැක්‌කා. ඒ පොලිස්‌ නිලධාරියා මගේ මහත්තයගේ හිස කකුලෙන් එහාට, මෙහාට තල්ලු කරලා බැලුවා. පස්‌සේ ඒ.එස්‌.පී. මහත්තයා කිව්වා ඔය බොඩිය ත්‍රීවීල් එකකට දාපං කියලා.

'අයියව ඉක්‌මනට ඉස්‌පිරිතාලෙකට ගෙනියන්න' කියලා මම උඩ තට්‌ටුවේ ඉඳගෙනම කෑගැහුවා. ඒත් අයියව වාහනයකට දාගෙන ගෙනියනවා මම දැක්‌කේ නෑ. ඊට විනාඩි හතළිස්‌ පහකට විතර පස්‌සේ මමයි, මහත්තයගේ අම්මයි, අක්‌කගේ පුතයි, දුවයි, මගේ දුවවත් අරගෙන පයින්ම ඇඹිලිපිටිය ඉස්‌පිරිතාලෙට ගියා. අපි කට්‌ටියත් එක්‌කම ගියේ තනියම යන්න බය නිසයි. ඒත් ඉස්‌පිරිතාලේ ආරක්‍ෂක නිලධාරීන් මට ඒ වේලාවේ ඇතුළට යන්න දුන්නේ නෑ. ලෙඩා ඉන්නේ තියටර් එකේ, ඩොක්‌ටර්ස්‌ලා ලෙඩා බලනවා. ඒ නිසා එතැනට යන්න දෙන්න බෑ කිව්වා. ඉස්‌පිරිතාලෙත් තුවක්‌කු අර ගත්තු පොලිස්‌ නිලධාරීන් විශාල පිරිසක්‌ හිටියා.

මම පැය දෙකක්‌ ඉස්‌පිරිතාලේ මිදුලේ ළතෝනී දීලා ඇඬුවා. ඒ කාලය ඇතුළතදී මට දැනගන්න ලැබුණා මහත්තයාට ලේ දුන්නා කියලා. ඒත් මහත්තයාව අපිට බලන්න දුන්නේ නෑ. ඊට පහුවැනිදා උදේ හයට විතර ලෙඩාගේ තත්ත්වය අසාධ්‍යයි කියලා ගිලන් රථයක දාලා කොළඹ ජාතික රෝහලට පිටත් කර හැරියා. ඒත් මහත්තයගේ තත්ත්වය දිගින් දිගටම අසාධ්‍ය තත්ත්වයට හැරුණු නිසා රත්නපුර ඉස්‌පිරිතාලෙට ඇතුළත් කරලා තිබුණා. එතැනදී ඔපරේෂන් එකක්‌ කරලා වම් අත ඉවත් කරලා තිබුණා. මගේ මහත්තයගේ ජීවිතය බේරගන්න ඉස්‌පිරිතාල දෙකේදීම වෛද්‍යවරු උපරිම උත්සාහ කරලා තිබුණා. ඒත් මගේ රත්තරං මහත්තයා 07 වැනිදා අලුයම් කාලේදී අපිව තනි කරලා ගිහින් තිබුණා.
මගේ මහත්තයා මියගියේ ඇඹිලිපිටිය පොලිසියේ ඒ.එස්‌.පී. මහත්තයා පහරදීලා උඩ තට්‌ටුවෙන් තල්ලු කරපු නිසයි. සිද්ධිය වෙච්ච දිනට පසු දින (05 වැනිදා) අපිට වෙච්ච අසාධාරණය කියා පැමිණිල්ලක්‌ කරන්න රත්නපුර ඩී.අයි.ජී. මහත්තයගේ ඔෆිස්‌ එකට ගියා. ඩී.අයි.ජී. මහත්තයා ඒ වෙලාවේ හිටියේ නෑ. වෙන පොලිස්‌ නිලධාරියෙක්‌ හිටියේ. මම කිව්වා ඇඹිලිපිටියේ ඉඳලා ආවේ පැමිණිල්ලක්‌ කරන්න කියලා. එතකොට ඒ නිලධාරියා ඇහුවා ඇඹිලිපිටියේ පොලිස්‌ කේස්‌ එකද කියලා.

'ඔයා කියන්න ඉස්‌සර වෙලා අපි ඒ කේස්‌ එක දන්නවා. ඔයා ඔය කරන දේ බරපතලකම දන්නවාද... ඔයා පොලිස්‌ නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කළාට ඔයාට මේක උසාවියට ගෙනියන්න පැමිණිලි පිටපතක්‌ අපිට දෙන්න බෑ. අපි පොලිසිය පැත්තෙන් වුණ දේ හොයලා බලනවා. ඔයා ඔය කියන දේවල් අකුරක්‌ නෑර හැම තැනම කියන්න වෙනවා. නැති නම් ඔයයි අමාරුවේ වැටෙන්නේ. ඔයාගේ මහත්තයා රෝහලේ හිටියාට එයත් ලොකු අපරාධකාරයෙක්‌ කියලා ඔයා දන්නවද... මහත්තයා ගහලා පොලිස්‌ නිලධාරීන් හතරදෙනෙක්‌ රෝහලේ ඉන්නවා...'

ඒ පොලිස්‌ නිලධාරියා කතා කළේම පොලිසිය පැත්තට. පස්‌සේ මම ඒ පොලිස්‌ නිලධාරියාට කිව්වා මම දැක්‌කේ එක පොලිස්‌ නිලධාරියෙක්‌ ඇඟිලි දෙකක්‌ ඔතන් ඉන්නවා විතරයි. තුවාල වෙච්ච අනිත් අයව දැක්‌කේ නෑ කියලා. පස්‌සේ මම වෙච්ච සිද්ධිය කියනකොට ඒ පොලිස්‌ නිලධාරියා මගෙන් ඇහුවා එතැනට සිවිල් පිටින් ඇවිත් හිටියේ පොලිස්‌ නිලධාරීන් කියලා ඔයා දන්නේ කොහොමද... මම මේ ඇඳුම ගලවලා වෙන ඇඳුමක්‌ ඇඳගෙන ආවා නම් ඔයා දන්නවද මම පොලිස්‌ නිලධාරියෙක්‌ද කියලා...' ඒ පොලිස්‌ නිලධාරියා මගෙන් ප්‍රශ්න කළා. පස්‌සේ මම කිව්වා පවුලේ අය කිසිම කෙනෙක්‌ බැටන් පොලු අරගෙන හිටියේ නෑ කියලා.

'ඔයා දන්නේ කොහොමද ඒ ආවේ ඒ. එස්‌. පී. මහත්තයාම කියලා...' ආයෙමත් ඒ පොලිස්‌ නිලධාරියා මගෙන් ප්‍රශ්න කළා. එතකොට මම කිව්වා ටික කාලෙකට කලින් එච්.කිවු.අයි. වෙලා ආව වෙලාවේ ඉස්‌කෝලේ රැස්‌වීමකට ආවා. ඊට ටික කාලෙකට පස්‌සේ ඒ මහත්තයාම ඒ.එස්‌.පී. වෙලා ඇඹිලිපිටියටම ඇවිත් කියලා දැන ගන්න ලැබුණා. කියලා පස්‌සේ ඒ පොලිස්‌ නිලධාරියා මට කියනවා 'ඔයා කිව්ව දේවල්වලින් ඒ කතාව විතරයි ඇත්ත... ඒ.එස්‌.පී. මහත්තයාව ඔයා ඉදිරියට ගෙනාවොත් ඔයා, මේ කියන දේවල් මේ විදිහටම කියනවද' කියලා මගෙන් ඇහුවා. මම ඔව් කිව්වා. 'මට කලන්තේ වගෙයි.

පැමිණිල්ල සටහන් කර ගන්න තව වේලා යනවාද...' කියලා මම ඒ පොලිස්‌ නිලධාරියාගෙන් ඇහුවා. එතකොට ඒ පොලිස්‌ නිලධාරියා 'අසනීප කාරයෙක්‌ පැමිණිලි කරන්න ආවේ මොකටද ඉස්‌පිරිතාලෙකට යන්න නේ තිබුණේ කියලා කිව්වා. පස්‌සේ මගේ අම්මා එතැනට ඇවිත් 'සර් මෙයා අසනීප ගතියෙන් ඉන්නේ. ඔච්චර වද දෙන්න එපා...' කියලා පින්සෙන්ඬු වුණා. එතකොට ඒ නිලධාරියා කිව්වා උසාවිවලත් ඔය විදිහේ හරස්‌ ප්‍රශ්න අහනවා. මේවා විනාඩි පහෙන්, දහයෙන් කරන වැඩ නෙමෙයි' කියලා අම්මටත් සැර දැම්මා. මගේ පැමිණිල්ල කොල කිහිපයක සටහන් කරගෙන අන්තිම කොලේ අත්සන් කරන්න කිව්වා. පැමිණිල්ල මට කියවලා බලන්නවත් දුන්නේ නෑ. පස්‌සේ අපි ගෙදර ගියා.

පහුගිය 6 වැනිදා මම පැල්මඩුල්ලේ අපේ ගෙදර ඉන්නකොට රත්නපුර පොලිසියේ නිලධාරියකු ගෙදරට ඇවිත් ඩී.අයි.ජී. මහත්තයා කියලා මගෙන් වෙච්ච සිද්ධිය ඇහුවා. ඒ වේලාවේ මම කිව්වා අපි ඩී.අයි.ජී. ඔෆිස්‌ එකට ගිහින් පැමිණිල්ලක්‌ කළා. ඒත් පැමිණිල්ල සටහන් කරගත්ත නිලධාරියා අපිට කියවන්නවත් දුන්නේ නෑ කියලා. එතකොට ඒ පොලිස්‌ නිලධාරියා කිව්වා 'ඒ පැමිණිල්ල වැඩක්‌ නෑ දැන් සේරම විස්‌තරය කියන්න' කියලා.

මම සිද්ධිය විස්‌තර කරන්න ඉස්‌සර වෙලා ආයෙමත් ඒ නිලධාරියා මගෙන් ඇහුවා ඔයාට පැමිණිල්ල කියවන්න ඕනිද... නැති නම් මම ඔයාට පේන්න ලියන්නද කියලා. පස්‌සේ මම කියන සියලු දේවල් සටහන් කර ගත්තා. මම පැමිණිලි සටහන බලන්න ඉල්ලුවාම දුන්නා. ඒත් ඒ නිලධාරියා ලියලා තිබුණු අකුරු පැහැදිළි නැති නිසා මට කියවා ගන්න අපහසු වුණා. පස්‌සේ ඒ නිලධාරියා 'ඔයාට පේන්නනේ කියන දේ සටහන් කර ගත්තේ' කියලා මගෙන් අත්සන් අරගෙන යන්න ගියා.

මම කියන ප්‍රකාශය පොලිසිය මොන විදිහට සටහන් කර ගන්නවාද කියලා මට ලොකු සැකයක්‌ තියෙනවා. මොකද ඒ සටහන් කරගත්ත එක ප්‍රකාශයක්‌වත් මට කියවන්න ලැබිලා නෑ. ඒ නිසා මම පොලිසියට දෙන කටඋත්තරයම මාධ්‍යයටත් දීලා තියෙනවා. ඒත් මගේ මහත්තයාව මරා දාපු කිසිම කෙනෙක්‌ව තවම අත්අඩංගුවට අරගෙන නෑ.

මගේ මහත්තයට පහරදීලා උඩ තට්‌ටුවෙන් පහළට තල්ලු කරපු ඇඹිලිපිටියේ පොලිසියේ ඒ.එස්‌.පී., එච්.කිවු.අයි. මහත්තයා ඇතුළු තවත් පහළොවක්‌ විතර ඉන්නවා. ඒ අය අතර හිටපු කිහිප දෙනෙක්‌ අතේ තුවක්‌කු තිබුණා. අනිත් සේරම අතේ බැටන් පොලු හෝ වෙනත් පොලු තිබුණා. ඒ අය අතරින් යුනිෆෝම් ඇඳලා ඉන්නවා දැක්‌කේ දෙන්නයි. කොටසක්‌ කොට කලිසම් ඇඳලා හිටියා. තව කොටසක්‌ දිග කලිසම් ඇඳලා හිටියා. මම කියන මේ කතාව රටේ වගකිවයුතු නිලධාරීන්ට පේන්න පත්තරේ ලියලා හරි මට සාධාරණයක්‌ ඉටු කරලා දෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ...' පොලිස්‌ පහරදීමෙන් මිය ගියා.
ඒ ප්‍රසන්නගේ බිරිඳ කියන කතාවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top