දෙමටගොඩදී මවත් දියණියක් යටකළ වාහනයේ
අයිතිකරුවන් ගැනත් හෙළිවේ
දෙමටගොඩ - මවුන්ට්මේරි ප්‍රදේශයේ කහ ඉරක් මතදී මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්කරමින් රිය අනතුරක් සිදුකර පළාගිය මෝටර් රථය පැදවූ පාසල් සිසුවාගේ මව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මේ වන විට නියෝග කර තිබෙනවා.
ඉකුත් 16 වනදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි පාසල් සිසුවා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර, ඔහුගේ මව මීට පෙර අත්අඩංගුවට ගෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඇය මාස 10 ක ළදරුවෙකුට කිරිදෙන මවක් බැවින් සානුකම්පිත ලෙස සළකා ඇප ලබාදෙන ලෙස ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.