මේ වෙනකොට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රවීන ගායකයෙක් වුණු කීර්ති පැස්කුවෙල් මහතා රෝගි වුණු තරුණියක් ඉදිරියේ ගායනා කරන ගීතයන් කිහිපයක් හුවමාරු වෙන්නේ සංවේදි හදවත් තියෙන මිනිස්සු විදියට ඔහු කළ උතුම් ක්‍රියාව අගය කරමින්. හිරු ගොසිප් අපි මෙම ගීත ඔබ වෙත ගෙනා මොහොතේ ඉඳන් බොහෝ පිරිසක් අපිට දුරකථන ඇමතුම් ලබාදීලා ඇහුවේ මේ තරුණියට උදව් කරන්න පුලුවන් විදියක් තියෙනවද අහලා.
ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් උදව්වක් ගැන බලන්න ඇයගේ පියාව සම්බන්ධ කරගත්ත වෙලාවේ අපිට අහන්න ලැබුණේ ඔබ අපි කවුරුත් හීනෙකින්වත් නොහිතන කතාවක්. අවාසනාවකට ඒ වෙනකොටත් දිනූෂා මේ ලෝකේ දාලා ගිහින්. කොහොම වුනත් ඇයට තිබුණු රෝගී තත්වය ගැන පියා අපිට පැහැදිලි කළා.
මාස 20ක් තිස්සේ දිනූෂා වකුගඩු රෝගින් පෙලුණු නිසා ඒවා අක්‍රිය වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඇයගේ පවුලේ අය වගේම මිතුරු මිතුරියන් ගොඩදෙනෙක් දිනූෂාගේ ජීවිතේ බේරගන්න පුලුවන්තරම් උත්සාහ කරලා තියෙනවා. කොහොම වුනත් ඇය වෙනුවෙන් වකුගඩුවක් බද්ධ කරන්න හිතුවත් අවාසනාවකට ඒ වෙනුවෙන් වකුගඩුව පරිත්‍යාග කරන්න කෙනෙක් මෙයාලට හොයාගන්න බැරිවෙලා.
දිනූෂාගේ තාත්තා කියන්නේ ෆේස්බුක් එකෙන් වගේම තවත් බොහෝ දෙනෙක් ඇයගේ රෝගී තත්වයට උදව් කරන්න ඉදිරිපත් වුණා කියලා. ඇය වෙනුවෙන් ලක්ෂ 81ක මුදලක් වියදම් කළත් අවසනාවකට ඇයට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා.
හිරු ගොසිප් අපිත් එක්ක මේ ගැන කියන වෙලාවේ දිනුෂාගේ තාත්තා කීර්ති පැස්කුවෙල් මහත්මයාවත් මතක් කරන්න අමතක කළේ නැහැ. දුවගේ විවාහය දවසේ ඇය වැඩියෙන්ම කැමති ගායකයා වුණු කීර්ති පැස්කුවෙල් මහත්මයා උත්සව අවස්ථාවට එක්ක ඇවිත් ඇයව පුදුම කරන්නත් මෙයාලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දුව රෝගී වෙලා රෝහලේ ඉන්න වෙලාවේ ඇවිත් ඇය කැමතිම ගීත 2ක් ගායනා කරලා ඒ අවස්ථාවේ දුවගේ හිතට සතුටක් ගෙනාව එකගැන ඔහු කීර්ති පැස්කුවෙල් මහත්මයාට ස්තූතිවන්ත වුණා.
ජනවාරි 15 වෙනිදා උදේ ඇය වෙනුවෙන් ඇපකැප වුණු හැමෝවම දාලා දිනූෂා මේ ලෝකෙන් සමුගත්තත් ඇය ඉතිරිකර ගිය මතකයත් බිඳක් අපි ඔබට ගෙන එන්න හිතුවා.
පහතින් තියෙන්නේ ඒ විදියට දිනුෂාගේ රෝගී තත්වයට උදව් උපකාර කරන්න නිර්මාණය වුණු වීඩියෝවක්. ඒ වගේම ඇය සමුගන්න අවසන් රාත්‍රියේ කීර්ති පැස්කුවෙල් මහත්මයා ගායනා කළ ගීතයන් එකතුවක් පහතින් නරඹන්න පුලුවන්..
දිනූෂාගේ තාත්තා මේ ගැන අපිට කීවේ මෙන්න මේ විදියට......VIDEO VIDEO VIDEO