පසුගියදා ශ්‍රී ලංකාවෙන් හමුවූ ලොව විශාලම මැණිකට වඩා වැඩි විශාලත්වයකින් යුතු තවත් මැණිකක් හමුවී ඇති බවට වාර්තා වෙනවා. එය සොයාගෙන ඇත්තේ ඇලහැර ප්‍රදේශයෙන් බවටයි වාර්තා වන්නේ.
මෙම මැණිකේ අයිතිකරු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු විසින් මීට කළකට පෙර මෙය සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. මැණිකේ බර කැරට් 2476.66ක්, එනම් ග්‍රෑම් 482ක් පමණ වන බවටයි වාර්තා වන්නේ...
මැණිකේ අයිතිකරු පරම්පරාවෙන්ම මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර මෙය ‘‘බ්ලූ සෆයා‘‘ ලෙස නම් කර ඇති බවට වාර්තා වෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත මෙය තවමත් යොමුකර නැති අතර අයිතිකරුගේ පියාද මැණික් ව්‍යාපාරික කටයුතු වල නිරත වූ බවට වාර්තා වනවා.
කෙසේ නමුත් මෙම මැණික සම්බන්ධයෙන් අප මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් විමසා සිටි අතර එහි සභාපති අසංක වෙළගෙදර පවසා සිටියේ මෙම මැණික අදාල තත්වයන් යටතේ තිබුණහොත් මෙය පෙර මැණික පරදා ලොව විශාලම මැණික බවට පත්වනු ඇත බවයි.
මීට පෙර සොයාගත් මැණික කැරට් 1404ක් වන අතර එහි බර ග්‍රෑම් 281ක් වනවා. එහි වටිනාකම ලෙස අයිතිකරු පවසා සිටියේ ඩොලර් මිලියන 300ක්..