ගමේ කොල්ලෝ දෙවනි පාරත් අල්ලන් ඇවිත්
පොලිසියටම භාර දීලා..
රෙදිත් ගලවන් හෙල්මට් නැතිව බයික් එකේ අරන් ගිහින්
ලංකාවේ පොලිසියට මේ එච්චර හොඳ කාලයක් නෙවෙයි. කොටදෙණියාව, ඇඹිලිපිටිය සිද්ධිවලදි මේ ගැන වැඩිපුරම කතාවුණේ පොලිසිය කරපු සමහර වැඩ කවුරුත් අනුමත කළේ නැති නිසා. ඒ විදියට පොලිසියේ නම සවුත්තු කරපු තවත් පොලිස් නිලධාරියෙක් ගැන වීඩියෝ එකක් හිරු ගොසිප් අපිට හම්බවුණා.
මේකේ ඉන්න පොලිස් නිලධාරියා හොඳටම මත්පැන් පානය කරලා බයික් එකේ ගිහින් තියෙනවා. වෙරි වැඩි නිසාමදෝ පාර අයිනේ හිටපු කාන්තාවකුත් මෙයා හප්පගෙන තමයි ගිහින් තියෙන්නේ. හැබැයි හැප්පුණාට පස්සේ බයික් එක නතර කරලා නෑ. කුරුල්ලෙක් වගේ කඩාගෙන ගිහින්. මේක දැකපු ගමේ කොල්ලෝ ටික බයික් එක පස්සේ පන්නන් ගිහින් පොලිස් නිලධාරියාව අල්ලගෙන. එතකොට තමයි තේරිලා තියෙන්නේ මෙයාට කෙලින් ඉන්නවත් බැරි විදියට බීලා කියලා.