උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඩම කරවන මංගල රිය පෙරහැරේ ගමන් මාර්ග මෙන්න
ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවට නව්‍යවූත්, පෙරළිකාරවූත් අත්දැකීම් රැසක් එක් කල ආසියානු මාධ්‍යජාලයේ හිරු FM තවත් දැවැන්ත කටයුත්තකට මේ වනවිට සියල්ල සුදානම් කර හමාරයි. ඒ හිරු සිරිපා කරුණාවයි.
17ත් වසරක් පුරාවටම ශ්‍රී ලාංකේය ගුවනේ අංක එකේ රේඩියෝ නාලිකාව බවට හිරු ඔසවා තැබූ දයාබර ශ්‍රාවක ඔබ වෙනුවෙන් හිරු සිරිපා කරුණාව මෙවර සංවිධානය වන්නේ 4වෙනි වරටයි.ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති
රේනෝ සිල්වා මහතාගේ තවත් පිංබර සංකල්පයක් ලෙසින් දිග හැරෙන හිරු සිරිපා කරුණාව ඔස්සේ දිවයිනේ සතර දිග්භාගයෙන්ම පෙලගැසෙන ශ්‍රාවක බැතිමතුන්ට හිරුගේ සියඵ සුව සත්කාර මැද සිරිපා කරුණා කිරීමට වරම් හිමිවනවා.
ඒ අනුව එදා මෙදාතුර දිවයිනේ සංවිධාන වන විශාලතම වන්දනා ගමනට තවත් සුවිශේෂිත්වයක් එක් කරන්නටත් හිරු FM මෙවර කටයුතු කොට තිබෙනවා. ඒ ලංකාවේ සතර කොනින්ම ආරම්භ වන වන්දනා නඬ සමගින් පරම පූජනීය වූ මංගල කරඬුන්වහන්සේලා ශ්‍රීපාදස්ථානය දක්වා මහ පෙරහරින් වැඩම කරවීමයි.
ලොව්තුරා බුදු පියාණන්වහන්සේ තෙවන ලංකා ගමනේදී ශ්‍රී පතුල පිහිටුවා පරම පූජණීයත්වයට පත් කල සමන්ත කූඨය අදටත් දෙව් බඹුන්ගේ නොමද වන්දනාමානයට පාත්‍රවන්නා වූ අසිරිමත් පිං බිමකි.
භූගෝලීය වශයෙන් මධ්‍යම හා සබරගමු පලාත්වලට අයත් විශාලත්වයෙන් සැතපුම් 8641 ක් හෙවත් අක්කර 56,000 කින් යුත් ශ්‍රීපාදස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක උසකින් පිහිටා තිබෙනවා.
එකී පිං බිමෙහි උඳුවප් පුර පසලොස්වක දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයෙනි.
බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබු, සිරිපතුල් සටහන රැදුණු මේ පිං බිම නලල් තලය තබා වන්ඳනා කරන්නට ලැබීම බොදුනුවන් සලකන්නේ සිය ජීවිතයේ ලැබෙන දුර්ලභ වු අවස්ථාවක් ලෙසයි.
එකී පිං බිම වැඳ පුදා ගන්නට වරම් ලැබු සදාදරණීය ශ්‍රාවක ඔබව රැගෙන හිරුගේ සියඵ සුව සත්කාර මැද ජනවාරි 29 වන සිකුරාදා අලුයම් කාලයේ දිවයිනේ ස්ථාන 6 කින් ගමන් ආරම්භ කරන්නට මේ වන විටත් සියල්ල සූදානම්..
ඒ අනුව, උත්තරීතර පූජා කරඬු වහන්සේ 6 නමක් වැඩම කරවන මංගල රිය පෙරහැරේ ගමන් මාර්ග
ආරම්භය - ඇඹිලිපිටිය
ඇඹිලිපිටිය - ගොඩකවෙල - පල්ලෙබැද්ද - මාදම්පේ - කහවත්ත - පැල්මඩුල්ල - රත්නපුර - කුරුවිට - ඇහැළියගොඩ - අවිස්සාවේල්ල - කරවනැල්ල - යටියන්තොට - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය

ආරම්භය - නිකවැරටිය
නිකවැරටිය - වාරියපොළ - කුරුණෑගල - මාවතගම - ගලගෙදර - කටුගස්තොට - නුවර - පේරාදෙණිය - ගම්පොළ - නාවලපිටිය - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය

ආරම්භය - කොළඹ
කොළඹ - ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය - කොටිකාවත්ත - අංගොඩ - කඩුවෙල - හංවැල්ල කොස්ගම - පුවක්පිටිය - අවිස්සාවේල්ල - කරවනැල්ල - යටියන්තොට - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය

ආරම්භය - මිනුවන්ගොඩ
මිනුවන්ගොඩ - වේයන්ගොඩ - නිට්ටඹුව - වරකාපොළ -කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - පේරාදෙණිය - ගම්පොළ - නාවලපිටිය - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය

ආරම්භය - මහියංගනය
මහියංගනය - හසලක - උඩුදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - දිගන - නුවර - පේරාදෙණිය - ගම්පොළ - නාවලපිටිය - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය

ආරම්භය - කළුතර
කළුතර - පානදුර - හොරණ - පාදුක්ක - මීපේ - පහත්ගම -කළුඅග්ගල - කොස්ගම - පුවක්පිටිය - අවිස්සාවේල්ල - දෙහි ඕවිට - කරවනැල්ල - යටියන්තොට - ගිනිගත්හේන - හැටන් - නල්ලතන්නිය

යන මාර්ග ඔස්සේ ශ්‍රීපාදස්ථානය කරා ගමන් කිරීමට නියමිතයි.

17 වසරක් පුරාටම අප ඉපැයූ වත්කම වූ දයාබර ශ්‍රාවක ඔබට මෙකී පිං කටයුත්තටත් අප බැතිසිතින් ඇරයුම් කරමු.