Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
‘‘එයා UNP එකේ ඉඳලා ඇවිත්
මහින්ද මහත්තයාගේ පක්ෂයෙන්නේ ඉල්ලන්න යන්නේ“

මාරවිල ප්‍රදේශයේ උත්සවයක් අතරතුර අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලැබුවා.  සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ගිනි අවි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නාත්තන්ඩිය, ධම්මිස්සර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සුහද හමුවක් අතරතුර දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තා. ඒ, අද අළුයම 2.30 ට පමණ. මෙම සුහද හමුවට සංගීතය සපයනු ලැබුවේ ජිප්සීස් වාදක මණ්ඩලය වන අතර එහි නායක සුනිල් පෙරේරා ගායනා කළ ගීතයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම ගැටුමට මුල් වුණා.

views825 Views
comment

englishtrans
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව පොලිසිය ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳ මේ වනවිට මතුව ඇත්තේ දැඩි කතාබහක්. නීතිය ක්‍රියාමක කරවීමට සිටිනා ප්‍රධාන ආයතනයක් වන්නේ පොලිසියයි. යම් සිද්ධියක් පිළිබඳ අධිකරණයට නිසි තොරතුරු - 'නොසඟවා  වාර්තා කිරීමේ වගකීමද' පොලිසියට පැහැර හැරිය නොහැකිය.
 
ඇඹිලිපිටිය නගරයේ තෙමහල් නිවසක දෙවන මහලේ පැවති  උත්සව අවස්ථාවකට පොලීසිය කඩාවැදී  29 හැවිරිදි තරුණයෙකුට පහර දී උඩු මහලෙන් තල්ලු කල බවට වාර්ථාවූයේ පසුගිය ජනවාරි 04 වනදායි. අනතුරට පත් වූ සුමිත් ප්‍රසන්න දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූවා.

views796 Views
comment

englishtrans
මේවර පැවැත්වුණු 68වන නිදහස් උත්සවයේදී ජාතික ගීය දමිළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇතිවුණු අතර ඇතැම් පාර්ශවයන් මෙයට විරෝධතාවය පළකර සිටියා.

කෙසේ නමුත් නිදහස් උත්සවය ආරම්භ කිරීමේදී ජාතික ගීය සිංහලෙන් ගායනා කළ අතර උත්සවය අවසන් කළේ ජාතික ගීය දමිළ බසින් ගායනා කරමිනි.

views3,443 Views
comment
englishtrans
‘‘උස කළු මහත්තයෙක් කලබලයෙන් වගේ ඇවිත් කිව්වා
ASP මහත්තයා එකෙක් තල්ලු කළා, බලපන් වැටිලද කියලා‘‘

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා පොලීසිය සමඟ ගැටුමේදී මියගිය සුමිත් ප්‍රසන්න සාදය පැවති නිවසේ උඩු මහලින් බිමට තල්ලූ කළ බව පවසමින් තවත් පුද්ගලයෙකු ඊයේ (3) අධිකරණයේදී සාක්ෂි ලබාදී තිබෙනවා. මීට පෙර ඒ පිළිබඳ සාක්ෂියක් ලබාදී තිබුණේ මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ පමණයි.

මෙලෙස සාක්ෂි දී තිබුණේ දංඕවිට කංකානම්ගේ විමලසිරි නැමති පුද්ගලයායි. ඔහු සිද්ධිය ඇසින් දුටු ආකාරය සම්බන්ධයෙන් උසාවියේදී පවසා සිටියේ මේ ආකාරයෙන්...
views691 Views
comment
englishtrans
ජාන විකෘතිතාවක් හේතුවෙන් පුංචි වයසේදීම මහළු පෙනුමක් ලැබුණු එකම පවුලේ දරුවන් දෙදෙනකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා. බැලූ බැල්මට අවුරුදු 90 කටත් වඩා වැඩි පෙනුමක් මේ දරුවන් දෙදෙනාට ලැබී තිබෙනවා.

නමුත්  එකම පවුලේ සහෝදරයින් වන අංජලී කුමාරිට අවුරුදු 7 ක් වන අතර කේෂව් කුමාර්ට තවමත් වයස මාස 18 ක් පමණයි. ඔවුන් ජිවත් වන්නේ ඉන්දියාවේ පාර්කන්ද් ප්‍රදේශයේ රංචි නගරයේයි.

views916 Views
comment
‘‘රෝහලේ බිල ලක්ෂ 30ක් - තාම ගෙව්වේ ලක්ෂ 8යිලු‘‘

දශක ගණනාවක් පුරා මියුරු ගායනයෙන් රසික හදවත් පිනවූ ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත  මේ වනවිට ඉන්නේ ලෙඩ ඇඳේ කියලා හිරු ගොසිප් අපි ඔබට කීවා මතක ඇති. ඊයේ (2) රාත්‍රී එකපාරටම ප්‍රින්ස්ගේ රෝගී තත්වය පොඩ්ඩක් වැඩි වුණා කියලා අපිට ආරංචි වුණා.

ඉතින් මේ ගැන දැනගන්න අපි ප්‍රින්ස්ගේ අක්කට කතා කළා. ඒ වෙලාවේ ඇය අපිට කීවේ ප්‍රින්ස්ගේ බෙහෙත්වලටවත් ගෙවන්න දැන් සල්ලි නෑ කියලා. මොකද එක එක මීඩියාවලින් ගිහින් ප්‍රින්ස්ට දැන් හොඳයි කියලා නිව්ස් දාලා. සමහරවිට ඔබත් ඒවා දකින්න ඇති. ඒත් ඇත්ත ඒක නෙවෙයි, ප්‍රින්ස් ලෙඩේට මේ වෙනකොට රුපියල් ලක්ෂ 30 විතර මුදලක් ගිහින් තියෙනවා.

views744 Views
comment
englishtrans
‘‘දඩාන් ගාලා සද්දයක් ආවා,
කාටවත් වචනයක්වත් කියන්න බැරිවුණා,
බෝට්ටුව කනපිට ගැහුවා, කිසි කෙනෙක් උඩට ආවේ නෑ,‘‘

පසුගිය දවසක ගාල්ල වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් මුහුද මැදදි වෙළඳ නැවක ගැටිලා ඒකේ හිටපු ධීවරයින් 5ක් ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන්ගේ සිරුරු නාවික හමුදාව විසින් හොයාගත්තේ ඊයේ (2) හවස. තමන්ගේ පවුලේ අයව ජීවත් කරවන්න මුහුදු ගිය මේ අයගේ හදිසි වියෝව ඥාතීන්ට දරාගන්න බැරිවුණා. ඒ වගේම ඔවුන් එක්කම මුහුදු ගිය 6 දෙනාගෙන් එක්කෙනෙක් කොහොම හරි මේ අනතුරින් ගැලවිලා පණ කෙන්ද බේරගත්තේ මරයා පෙනී පෙනී කියලයි මහ මුහුද මැද බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නු ඒ පුද්ගලයා ගොඩට ඇවිත් කීවේ.

සාගර පුතා - 3 කියන මේ බෝට්ටුව අනතුරට පත්වුණේ කුඩා රාවණා කොටුව මුහුදු තීරයට සැතපුම් 40 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදෙදි. තමන්ගේ සගයෝ මුහුදේ ගිලෙනවා දැක දැක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු මේ ධීවරයා ඒ අවස්ථා ගැන විස්තර කළේ මේ විදියට....

views778 Views
comment
englishtrans
තවත් නිලධාරීන්ට මාංචු වැටෙන්න ළඟයි

පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකදී ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට අදාළව ඊයේ  අත්අඩංගුවට ගත් ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.සී. ධර්මරත්න ලබන 17 දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට පැමිණ ඇත්තේ එහි පිටුපස දොරින් බවත් වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළා.
 
views491 Views
comment
englishtrans
‘‘නංගි වැඩේ මෙතනින් නතර කරමු,
ආයේ අදින්න ඕනි නෑ,
හාමුදුරුවෝ වැඩේ බලාගයි‘‘

මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ තමන්ට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් ඊයේ (2) හෙළිදරව්වක් කළා. ඇය කියා සිටියේ තම සැමියාගේ මරණයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසත්, ඊට මුදල් ලබාදීමට සූදානම් බවත් එම ඇමතුමෙන් කියවුණු බවයි.

මේ අතර පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකදී ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.සී. ධර්මරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. ඒ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුවයි.

views692 Views
comment
englishtrans
‘‘මහත්තයෝ අවුරුදු ගාණකට පස්සේ පුතා
මගේ අතින් හදලා දුන්නු තේ එකක් බීවා,
මේ කරපු දේට ගොඩාක් පින් ‘‘

ලංකාවේ සමහර පොලිස් නිලධාරීන් ගැන මේ දවස්වල අපිට අහන්න ලැබෙන්නේ හොඳ ආරංචි නෙවෙයි. හැබැයි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. මේ සිද්ධිය අපිට දැනගන්න ලැබුණේ  උතුරු කළුතර පොලිසියෙන්. ඒකේ වැඩ කරන නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති මහත්මයා තමයි සංජීව් විජේවීර කියන්නේ. මෙයා වැඩට එන්නේ දකුණු කළුතර පැත්තේ ඉඳන්. අවුරුදු එක හමාරක් විතර උදේ හවා වැඩට එනකොට ඔහු පාර අයිනේ කිළිටි වුණු ඇඳුම් ඇඳගෙන වෙලවල්, සොහොන් දිහා බලාගෙන ඉන්න පුද්ගලයෙක් දකිනවා.

කාත් එක්කවත් කතා කරන්නේ නැති මේ පුද්ගලයාගෙන් කාටවත් කරදරයක් නම් නෑ. ඒත් මේ පොලිස් නිලධාරියාට ඔහු ගැන හොයලා බලන්න ඕනි වුණා. ඒ හිරු TV ඔස්සේ උදෑසන විකාශය වූ තරු වළල්ල වැඩසටහනේදී ඇහුණු කතාවකුත් එක්ක.  ඉතින් මේ පොලිස් නිලධාරියා තීරණය කරලා තියෙනවා කාත් කවුරුත් නැතිව පාරක් අයිනේ බලාගත්තු අතේ බලාගෙන ඉන්න මේ මනුස්සයාට උදව්වෙන්න. ඒ තනියම නෙවෙයි, ඔහුගේ පොලිස් ස්ථානයේ එකට වැඩකරන එයාගෙම යාළුවෝ එක්ක..

views1,853 Views
comment
englishtrans
වැළලුණු කතාවක් ආයෙත් එළියට

ශ්‍රී ලංකාවේ ජීවත්ව පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය යුවලකට එහිදී සිදුවූ  අකරතැබ්බයක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යවල පවා තොරතුරු වාර්තා වෙනවා.  මෙම යුවල එරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කර ඇති අතර පසුව එහිදී ඇතිකරගත් සම්බන්ධයෙන් නිසාවෙන් වෛද්‍යවරයා වයස අවුරුදු 17ක තරුණියක් සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා.

ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් දැනගෙන ඇති අතර පසුව වෛද්‍යවරයා පවසා ඇත්තේ තිදෙනාටම එකට ජීවත් වෙමුයි කියායි. නමුත් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය කැමැත්ත පළකර නැති අතර පසුව දෙදෙනා අතර යම් විරසක ඇතිව තිබෙනවා. ඔහු යම් අවස්ථාවල අයුතු යෝජනා කරමින් තිදෙනාම එකට නිදියහනේ ගත කරමුයි කියා පවසා තිබෙනවා.

views1,376 Views
comment
englishtrans
රක්ෂිත බන්ධනාගාර ගතව සිටිය සිය සහෝදරයා වූ යෝෂිත රාජපක්ෂ බැලීමට ඊයේ (01) රෝහිත රාජපක්ෂ ඔහුගේ පෙම්වතියද සමඟ ගොස් තිබුණා.

යෝෂිත අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ෆේස්බුක් ගිණුමේද සටහනක් දමා තිබූ අතර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේ ඔහු පවසා සිටියේ සත්‍ය ජයගනු ඇති බවයි.

views1,008 Views
comment
englishtrans
බලෙන් කැව්වේ ලියුම නෙවෙයි, කොල ගුලියක්ලු

ඉස්කෝලේ කාලේ කෙල්ලෙක් පස්සෙන් යනකොට ගෙදරින් බර බරේ දාන එක සාමාන්‍ය දෙයක්. සමහර විට ඔය නිසා ගුටිකන්න වුනත් සිද්ධවෙනවා. සමහර විට කෙල්ලගේ අයියාගෙන්, නැත්තම් තාත්තාගෙන්. ඒ විදියට කෙල්ලෙකුට ආදරේ කියපු කොල්ලෙක්ට හොඳටම ගුටි දීලා, මූත්‍රා බොන්න දුන්න කතාවක් ගැන ඊයේ (1) අපි ඔබට කීවා මතක ඇති.

ආදරේ කරන්න ගිහින් ඒ විදියට ගුටි කෑව තරුණයාව අපිට සම්බන්ධ කරගන්න පුලුවන් වුණා. ඒ වගේම ඔහු තරුණියට ලියපු ලියුමත් ඔහු අපිට පෙන්නුවා. ඇත්තමට මේ සිද්ධියට වෙලා තියෙන්නේ මීට සතියකට විතර කලින්..

views1,205 Views
comment
රෝහලට අරන් ගියාම නෝනා නර්ස්ලටත් කුණුහරුපෙන් බැනලා

සුඛෝපභෝගී මෝටර් රථයක ‍නොහොබිනා ලෙස හැසිරෙමින් කොළඹ සිට කඩවත දෙසට ගිය බීමත් රියැදුරකු, කාන්තාවක්  ඇතුළු තුන් දෙනෙක් පෑලියගොඩ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
views787 Views
comment
englishtrans
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ  13 වාට්‌ටුවේ ප්‍රධාන හෙද සොයුරියක්‌ සහ හෙද නිලධාරිනියක්‌ අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක්‌ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය ළමා රෝගීන් බලා සිටියදීම සිදුවී ඇතැයි ද පවසෙනවා.

මෙම ගුටිබැට හුවමාරුවේදී සීරීම් තුවාල ලැබූ හෙද නිලධාරිනිය කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර මෙම ගුටි බැට හුවමාරුවට හේතුව ටේප් රෙකෝඩරයක් බවටද තොරතුරු වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධව ප්‍රධාන හෙද සොයුරිය, හෙද නිලධාරිනියන් කෑම කන කාමරය තුළ කතාවෙන දේවල් දැනගැනීමට ටේප් රෙකෝඩරයක්‌ තබා තිබේ.

views839 Views
comment
[1]      «      5157   |   5158   |   5159      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top