සුඛෝපභෝගී මෝටර් රථයක නොහොබිනා ලෙස හැසිරෙමින් කොළඹ සිට කඩවත දෙසට ගිය බීමත් රියැදුරකු, කාන්තාවක් ඇතුළු තුන් දෙනෙක් පෑලියගොඩ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
අනතුරුදායක ලෙස අධික වේගයෙන් මේ මෝටර් රථය ධාවනය වී ඇති අතර එය පසුපස ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් මහර හංදියේදීයි ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඒ අවස්ථාවේ මෝටර් රථය පැදවූ පුද්ගලයා, කාන්තාව සහ අනෙකුත් සියලු දෙනා අධික බීමතින් සිටි බවයි පොලිසිය පවසන්නේ.
ඒ විටත් කෙලින් සිට ගන්න්නට බැරිව සිටි කාන්තාව පාරේ ඇද වැටී ඇති අතර පාරේ ගිය යතුරුපැදියක ගැටී ඇය තුවාල ලබා තිබෙනවා.
කෙසේ වෙතත් මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා කඩවත පොලිසියට භාරදී ඇති අතර තුවාල ලැබූ බීමත් කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදිද ඇය වෙරි මතින් රෝහලේ සේවකයන්ට පරුෂ වචනනයෙන් බැන වැදී අශෝබන ලෙස හැසිරි ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔවුන්ව කඩවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.