Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
02
අහිමි පෙමක් නිසා අයාලේ ගිය ජීවිතයක් එළිය කළ අපේම රටේ සැබෑම පොලිස් නිලධාරීන් - Photos

- අහිමි පෙමක් නිසා අයාලේ ගිය ජීවිතයක් එළිය කළ අපේම රටේ සැබෑම පොලිස් නිලධාරීන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views

‘‘මහත්තයෝ අවුරුදු ගාණකට පස්සේ පුතා
මගේ අතින් හදලා දුන්නු තේ එකක් බීවා,
මේ කරපු දේට ගොඩාක් පින් ‘‘

ලංකාවේ සමහර පොලිස් නිලධාරීන් ගැන මේ දවස්වල අපිට අහන්න ලැබෙන්නේ හොඳ ආරංචි නෙවෙයි. හැබැයි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. මේ සිද්ධිය අපිට දැනගන්න ලැබුණේ  උතුරු කළුතර පොලිසියෙන්. ඒකේ වැඩ කරන නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපති මහත්මයා තමයි සංජීව් විජේවීර කියන්නේ. මෙයා වැඩට එන්නේ දකුණු කළුතර පැත්තේ ඉඳන්. අවුරුදු එක හමාරක් විතර උදේ හවා වැඩට එනකොට ඔහු පාර අයිනේ කිළිටි වුණු ඇඳුම් ඇඳගෙන වෙලවල්, සොහොන් දිහා බලාගෙන ඉන්න පුද්ගලයෙක් දකිනවා.

කාත් එක්කවත් කතා කරන්නේ නැති මේ පුද්ගලයාගෙන් කාටවත් කරදරයක් නම් නෑ. ඒත් මේ පොලිස් නිලධාරියාට ඔහු ගැන හොයලා බලන්න ඕනි වුණා. ඒ හිරු TV ඔස්සේ උදෑසන විකාශය වූ තරු වළල්ල වැඩසටහනේදී ඇහුණු කතාවකුත් එක්ක.  ඉතින් මේ පොලිස් නිලධාරියා තීරණය කරලා තියෙනවා කාත් කවුරුත් නැතිව පාරක් අයිනේ බලාගත්තු අතේ බලාගෙන ඉන්න මේ මනුස්සයාට උදව්වෙන්න. ඒ තනියම නෙවෙයි, ඔහුගේ පොලිස් ස්ථානයේ එකට වැඩකරන එයාගෙම යාළුවෝ එක්ක..



මේ පොලිස් නිලධාරියා රෝමානු කතෝලික ආගමේ කෙනෙක් වුනත් ඔහුගේ පියා බෞද්ධයෙක් බවයි හිරු ගොසිප් අප ඔහුව ඇමතූ අවස්ථාදී  අපිට කීවේ. තමන්ගේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වගේම අනෙත් පිරිසත් එක්ක ජිප් එකට නැඟපු මෙයා නතරවෙලා තියෙන්නේ අපි කළින් කීව කොණ්ඩය වවාගෙන කාගෙවත් පිහිටක් නැතුව හිටපු මනුස්සයා ළඟ.

ඔහුගෙන් පවුගේ තොරතුරු වගේම නම ගැන ඇහුවම මොකුත් කීවේ නැති වුණත් පොලිසියට එක්ක ඇවිත් ඔහුව පිරිසිදු කරලා, වැවිලා තිබුණේ කොණ්ඩය රැවුල කපන එකට මෙයා විරුද්ධ වෙලා නෑ. ඉතින් ඊට පස්සේ කරණවෑමියෙකුත් ගෙනැල්ලා මෙයාගේ කොණ්ඩයා කපලා, වැවිලා තිබුණු නියපොතුත් කපලාදාලා අලුත් ඇඳුම් අන්ඳලා මේ විදියට ඉන්න හේතුව ඇයි කියලා අහලා තියෙනවා.

සුසිල් පුෂ්පකුමාර කියන මෙයාගේ වයස අවුරුදු 50ක්. මිනිස්සු සුසිල්ට පිස්සෙක් කියලා කීවට එයා එහෙම නෙවෙයි. මේ විදියට ඉන්න කලින් එයා ගුරුවරයෙක් විදියට සේවය කරලා තියෙනවා. අපි කාටවුනත් තියෙන පුංචි ආදර කතාවක් සුසිල්ටත් තිබිලා. හැබැයි සුසිල්ගේ හිත ගත්ත ඒ තරුණියව එයාගෙම කරගන්න සුසිල්ට බැරිවෙලා. මොකද ඒ තරුණියගේ ගෙවල් වලින් මේ සම්බන්ධයට කැමති නැතිවුණු නිසා. ඒ ගැන දුකින් හිටිය සුසිල් අන්තිමේදී දන්නෙම තැතුව තමයි මේ තත්වෙට වැටිලා තියෙන්නේ.

කොහොම හරි අන්තිමට පොලිස් නිලධාරීන්ගේ නොමඳ කරුණාව හිමිවුණු සුසිල්ව ගෙදරට එක්ක යන්නත් මේ අය කටයුතු කරලා තියෙනවා. ගෙදරට ගියාම වෙලා තියෙන්නේ හිතාගන්න බැරි දෙයක්. මොකද අම්මා තාත්තට මෙයාව අඳුරගන්න බැරිවෙලා. සුසිල් කලින් හිටියේ කොණ්ඩය වවාගෙන කිළිටි ඇඳුම් ඇඳගෙන. හැබැයි ඔහු දැන් එහෙම නෙවෙයි. ගෙදරට ගියපු පොලිස් නිලධාරීන් මේ ගැන දැනුවත් කළාම සුසිල්ගේ ගෙදර අය මේ තමන්ගේ පුතා තමයි කියලා පිළිගත්තට, තමන්ගේ ඉදිරියේ ඉන්නේ ඔහුගෙම අම්මා කියලා සුසිල්ට අමතක වෙලා. මොකද අවුරුදු  ගාණකින් තමයි ඔහු ගෙදර ගිහින් තියෙන්නේ.

තමන්ගේ පුතාට අම්මව අමතක වෙලා කියලා ඇයගේ ඇස්වලින් කඳුළු එන්න ගත්තා. ඒත් අන්තිමේට සුසිල් මේ තමන්ගේ අම්මා තමයි කියලා ඇයව අඳුරගත්තා. කලින් ආදර සම්බන්ධය තියෙන දවසේ ගෙදර අය එක්ක රණ්ඩු වුණු නිසා තමයි සුසිල් ගෙදරින් ගිහින් තියෙන්නේ කියලා අම්මා කියනවා. කොහොම වුනත් මේ උතුම් කාර්ය කරපු පොලිස් නිලධාරීන් ඉදිරියේ සුසිල් පොරොන්දු වෙලා තියෙනවා ආයේ කවදාවත් අම්මා එක්ක රණ්ඩු කරන්නේ නෑ කියලා.

පොලිස් නිලධාරීන් මේ කරපු කියලා නිමකරගන්න බැරි පින ගැන හිතේ තිබ්බ සතුටත් එක්ක  ආයෙත් එයාලගේ සේවා ස්ථානයට ඇවිත්. එහෙම ඉන්නකොට සුසිල්ගේ අම්මා මේ වැඩේ කරන්න මුලීකත්වය ගත්ත පොලිස් නිලධාරියාව දුරකථනයෙන් අමතලා ඇය කියන්නේ ‘‘මහත්තයෝ අවුරුදු ගාණකට පස්සේ පුතා මගේ අතින් හදලා දුන්නු තේ එකක් බීවා, මං උයපු බත් කටකුත් කෑවා, මේ කරපු දේට ගොඩාක් පින් මහත්තයෝ‘‘ කියලා.

හෙට (3) සුසිල්ව වෛද්‍යවරයෙක් ළඟට එක්ක යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. අරක්කු බෝතලයට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන සමහර පොලිස් නිලධාරියෝ අතරේ මේ වගේ උතුම් මහත්වරුත් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනි.

පොලිස් නිලධාරීන් ජීවිතයක් නැතිව ඒ මේ අත ගිය සුසිල්ගේ ජීවිතේ ආයෙත් එළිය කළේ මෙන්න මේ විදියට...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top