‘‘මම හරි බයෙන් ඉන්නේ. මට හරි බයක් දැනෙනවා.ඉක්මනින් කෝල් එකක් ගන්න‘‘තරුණියගේ ඇඳුමක් ගලවා ආයෙත් අන්දලාලු
ඇල්පිටිය, පිටුවල අඬාහැලෙන දිය ඇල්ල ආසන්නයේ මියගිය තරුණ යුවළගේ මරණය මිනීමැරුමක් බවට පොලිසිය හෙළිකර ගැනීමෙන් පසුව තරුණයාගේ මිතුරන්ගේ දුරකථන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
එහිදී තරුණ යුද හමුදා සෙබළා සිය මිතුරෙකුට ‘මම හරි බයෙන් ඉන්නේ. මට හරි බයක් දැනෙනවා. ඉක්මනින් කෝල් එකක් ගන්න‘‘. යැයි කෙටි පණිවුඩයක් යවා ඇතැයි වාර්තා වෙනවා. ඝාතනයට ලක් වූ පෙම් යුවළගේ ජංගම දුරකථන දෙක, තරුණියගේ පොත් බෑගය, තරුණයාගේ හැඳුනුම්පත් සහිත මුදල් පසුම්බිය, තරුණියගේ පාවහන් යුගල අතුරුදන්ව තිබේ.