Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රට යවලා තියෙන්නේ මරදානේ ඒජන්සියකින්ලු
දැන් ලංකාවට ඇවිත්
නාවලපිටිය රෝහලේ

සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියෙදී නිවසේ හාමිපුතා ඇතුළු එම නිවසේ පදිංචි තවත් දෙදෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි දූෂණයට ලක්වු බව පවසමින් බගවන්තලාව රෝබිගිල් වතුයායේ තිදරු මවක් නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් ඉකුත් වසරේ ගෘහ සේවයට ගොස් ඇති 33 හැවිරිදි මෙම තිදරු මව මෙම ලිංගික අතවර හේතුවෙන් තමන් විදින පීඩා හමුවේ ඉකුත් නොවැම්බර් මාසයේ දිවයිනට පැමිණ මේ පිළිබඳව එම ඒජන්සියට ගොස් පැමිණිළි කර තිබෙනවා.

views881 Views
comment

අප අද ජීවත් වන්නේ ලේ කිරි කර පොවා හැදු වැඩූ දරුවන් විසින්ම දෙමාපියන්ව කූඩු කරන සමාජයකයි. එවන් සමාජයක මහළු පුද්ගලයින්ට සලකන අයෙකු දැකගන්නට ලැබීමද වාසනවකි. මේ අප කියන්නට යන්නේ එලෙස ගිලන්ව සිටි ස්වාමීන් වහන්සේලා කිහිප නමකට සත්කාර කළ බෝසත් පුතුන් කිහිප දෙනෙකු පිළිබඳවය.

ඔවුන් මේ සත්ක්‍රියාව සිදුකර ඇත්තේ ගිලන්ව සිටි ස්වාමින් වහන්සේලා දාහතරනමකටයි. උණු පැනින් නහවා අලුත් තුවා වලින් පිස අලුත් අඳන හා සිවුරු අන්දා පිරිසිදු කළ ඔවුන් ස්වාමීන්වහන්සේලාගේ සෑම ඇඳකටම අලුත් ඇතිරිලි, අලුත් කොට්ට, කොට්ටඋර දමා පිරිසිදු කළෝය.

views472 Views
comment

 ටෙරාලා අපිට ඇටෑක්‌ කරනවා.. මම ආයෙත් ඉතින් ගේමට බැස්‌සා..
අපේ කොල්ලෝ සටන් කරන විදිහ දැක්‌කහම හිතට ආවේ ලොකු හයියක්‌..
ටෙරාලා කොච්චර ගැහුවත් පස්‌සට යන්නේ නැතුව සටන් කළා.."

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකට පසුගියදා මරණ දඬුවම නියම වූයේ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු කරමිනි. මෙම දඬුවම පිළිබඳව සමාජයේ දැඩි කතාබහතක් ඇතිවුණු අතර ඇතැමුන් පවසා සිටියේ ඔහුගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අසාධාරණ එකක් බවයි.

 එලෙස දඬුවම් නියමූ රණවිරුවා සමඟින් කළ සාකච්ඡාවක් මේ වන විට සතිඅන්ත පුවත්පත් පළකොට තිබේ. එහි සඳහන් වන්නේ සිද්ධිය වූ අවස්ථාව හා මරණ දඬුවම සම්බන්ධයෙන් රණවිරුවා කළ සංවේදී කතාවකුයි. යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්‌ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ.

views1,161 Views
comment
සොරකම් කල භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 5ක් ලු..
‘‘රත්තරං බඩු ටිකට වැඩියෙන් වටින්නේ මගේ නිකල් පිස්තෝලෙ..‘‘

ජනප්‍රිය රංගන ශිල්පියකු වන රජිත හිරාන් චාමිකරට (පිං පොං) සිදුවු අකරතැබිබයක් ගැන හිරු ගොසිප් වෙත වාර්තා වුනා.  ඊයේ දහවල් ඔහුගේ නිවසට කිසියම් පිරිසක් ඇතුලු වී ස්වර්ණාභරණ ඇතුලු වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බවයි ඔහු අපට පැවසුවේ.

ඊයේ දහවල්, පානදුර ප්‍රදේශයේ  ඉදි කෙරෙමින් පවතින නිවසට පවුලේ සාමාජිකයන් ද සමඟ නිවසින් පිටවු අවස්ථාවේ මෙම සොරකම සිදුව ඇතැයි පිං පොං අප සමග සඳහන් කලා.
views1,527 Views
comment
රත්තරන් ගන්න කාන්තාව මැරුවලු

කොටකෙතන ඕපාතවත්තේදී අභිරහස්‌ අන්දමින් කාන්තාවක්‌ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (11 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු නීල් ලක්‍ෂ්මන් නොහොත් මහත්තයා නමැති අයකු බව පොලිසිය පවසන අතර ඔහු 38 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.

කොටකෙතන ඕපාතවත්තේම කම්කරුවකු ලෙස ජීවත් වී ඇති මොහු ඉකුත් නොවැම්බර් මස 18 වැනිදා මෙම ඝාතනය සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලියේ 400ක් පමණ යොදාගෙන පසුගිය කාලය පුරා පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

views801 Views
comment
‘‘යෝෂිත එක්ක අවුරුදු 4ක සම්බන්ධය නැතිවුණේ
කේන්දරේ හින්දා, මරීජා ගැන මුලින්ම කීවෙත් යෝෂිතට‘‘
‘‘තාජුඩීන් ගැන දන්නෙත් නෑ, දැකලත් නෑ, තාජුඩීන්ගේ
පවුලෙනුත් මේ ගැන ගිහින් කතාකළා‘‘ - යසාරා

වසීම් තාජුඩීන්, යසාරා අබේනායක,  වගේම රාජපක්ෂ පවුලේ සමාජිකයින්ගේ නම් එක්ක මේ දවස්වල විවිධ කතා මැවෙනවා. ඒ ගැන වෙබ් අඩවි, පුවත්පත් වලින් විතරක් නෙවෙයි මේ වෙනකොට පාර්ලිමේන්තුවේ පවා කතාබහට ලක්වෙලා තියෙනවා. මොකද පසුගිය දිනක රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට ඔප්පු වුණු නිසා.

කොහොම වුනත් වසීම්ගේ මරණය හේතුව පෙම් පටලැවිල්ලක් කියලා කටකතා පැතිරුණත් ඒකේ ඇත්ත නැත්ත ගැන  තාමත් හෙළිවෙලා නෑ, තාජුඩීන්ගේ සිද්ධියේදී කියැවුණු නමක් තමයි යසාරා කියන්නේ. ඇය ළඟදි දවස විවාහ ගිවිස ගත්තා. ඒ ෆාසිල් කියන රගර් ක්‍රීඩකයා එක්ක. ෆාසිල් තාජුඩීන්ගෙ හොඳම යාළුවෙක්. ඒ වගේම යසාරා කියන්නේ යෝෂිත රාපක්ෂගේ හිටපු පෙම්වතිය.

views9,302 Views
comment
ෆුල්ෆේස් හෙල්මට් භාවිතය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා රටේ කතාබහක් ඇතිවුණු අතර ලාංකික තරුණයෙකු විසින් එලෙස යතුරු පැදිවලින් සිදුවන අනතුරු කළින් දැනගන්නට හැකි හෙල්මටයක් නිපදවා තිබේ. ගනිඳු නානායක්කාර නම් වන ඔහු පවසන්නේ සියයට හතළිහක්, පිටුපසින් පැමිණෙන රථවාහන හා ගැටීමෙන් මෙලෙස අනතුරු සිදුවන බවයි.

එම අනතුරු වළක්වාගැනීමට පූර්ව අනතුරු හැඟවුම් උපාංග සහ නවීන මෝටර් රථ තුළ දක්නට ලැබෙන ආරක්ෂක පහසුකම් බොහොමයකින් සමන්විත අධිතාක්ෂණික යතුරුපැදි ආරක්ෂක හිස්වැස්මකුයි ඔහු මෙලෙස නිර්මාණය කර ඇත්තේ. ඔහුට එම අපූර්ව නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක්ද හිමිව තිබෙන  බවට වාර්තා වේ.

views696 Views
comment
හිරු ගොසිප් වෙතින් සතියේ සෑම සෙනසුරාදාවකම ඔබ වෙත ගෙන ආ ‘‘‘සතිඅන්තයේ අන්තර්ජාලයෙන්‘‘ විශේෂාංගයේ ජයග්‍රාහී 100වන සතිය අදයි.  2013 දෙසැම්බර් මස ඇරඹි මෙම විශේෂාංගය තුළින් අන්තර්ජාලයේ එදිනෙදා හුවමාරු වන ජනප්‍රියතම ෆේස්බුක් පෝස්ට් ඔබවෙත ගෙන එන්නට අප කටයුතු කළ අතර මේ වන විට ඒ සඳහා ප්‍රතිචාර රැසක් ලැබී තිබේ.

views1,585 Views
comment
අද දිනයේ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා සිය කතාව සිදුකරමින් සිටින අතරතුර ඝාතනයට ලක්වූ බවට පැවසෙන වසීම් තාජුඩීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්වයත් ඇතිවුණා.

ඒ හේතුවෙන් සභාව විනාඩි 10කට කල්තැබුණු අතර ඒ අවස්ථාවේදී සභා ඝර්භයේ ඇතිවූ උණුසුම්කාරී තත්වයේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ දිනේෂ් ගුණවර්ධන විසින් තවත් පිරිසක් සමඟින් දැඩි ආවේගයෙන් කතාකරමින් සිටින අයුරුයි.

views426 Views
comment
englishtrans
සභා ගර්භයේ ගුටි බැට හුවමාරුවකුත් ගිහින්ලු ?
තාජුඩීන් ගැන කී වාක්‍යක් හැන්සාඩ් එකෙන් ඉවත් කෙරේ

අද දිනයේ පාර්ලිමේන්තුව උණුසුම්කාරී තත්වයක් ගත්තේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පිළිබඳව වූ ප්‍රකාශයක් සමඟිනුයි. කාලවේලාවක් නොමැතිව කල් තැබුණු පාර්ලිමේන්තුව පස්වරු 6.09 ට පමණ ආරම්භ වූවා. ඒ සමගම කතානායකවරයා පැවසුවේ හැන්සාඩ් වාර්තාවෙන් යම් ප්‍රකාශයක් ඉවත් කළ යුතු බවයි.

මරණයට පත්ව ඇති - රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පිළිබඳ - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පස්වරුවේ අදහස් දැක්වූවා.

views494 Views
comment
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී  ශාලාවට පැමිණ ජනපති, අගමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙන්වූ ‘සුහද කොකා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනවාරයට  ඊයේ රාත්‍රී 7.00ට පමණ සහභාගී වුණා.එහි ඡායාරූප එකතුව පහතින්

views817 Views
comment
englishtrans
වාසුගේ අලුත්ම කතාව

පාර්ලිමේන්තුවේ අමුතු කතා කියන වාසුදේව ඊයේ (10) දිනයේත් අලුත් කතාවක් කියන්නට වුණා. ඒ ඔහුගේ කතාවට බාධා කළ මන්ත්‍රීවරුයෙකුටයි. පඩත්තලයා කියමින් ඔහුට ආමන්ත්‍රණය කළ වාසුදේව මහතා ‘‘හිටපන්, උඹත් කතා කරපන්කෝ, දෙන්නම් උඹටත්‘‘ කියමින් ආවේගයෙන්  කතා කරන්න වුණා..
views739 Views
comment
englishtrans
‘‘මගේ කොල්ලා මුස්ලිම්. ඒත් එයා ලංකාවට
හීනෙකින්වත් ගේන්න බැරි කීර්තියක් ගෙනැත් තියෙනවා‘‘
‘‘මම සිංහල.. නමුත් බෞද්ධයෙක් නෙවෙයි.‘‘

යසාරා අබේනායක මෑතකදී ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු සමගින් විවාහ වුණු අතර ඒ සම්බන්ධයෙන් පසුව පුවත් රැසක් මැවෙන්නට වුණා. ඇය හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සමඟින් පෙම් සම්බන්දයෙක් තිබූ බවටද පුවත් මැවුණු අතර ඝාතනයට ලක්වූ බවට හෙළිවූ වසීම් තාජුඩීන්ගේද පෙම්වතිය බවට කටකතා පැතිරෙන්නට වුනත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා.

කෙසේ නමුත් යසාර විවාහයෙන් පසුව ඇයගේ ෆේස්බුක් ගිණුමේ නම ‘‘යසාර මරීජා‘‘ ලෙසින් වෙනස් කලේ ඇයගේ අතගත් පෙම්වතා වූ ෆසිල් මරීජාගේ නම එයට එකතු කරගනිමිනුයි. මේ සම්බන්ධයෙන් වූ විවිධ ප්‍රකාශයන්ට යසාරා ෆේස්බුක් ගිණුම මගින්ම පණිවුඩයක් ලබා දී තිබෙනවා.
views843 Views
comment
englishtrans
රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසි නිළධාරියෙකුට බීමතින් සිටි තවත් පුද්ගලයෙකු රෝහලේදී අසැබි වචන කියමින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට හිරු ගොසිප් අපවෙත ලැබී තිබෙනවා. ඔහු මෙලෙස පහර දෙන්නේ තුවාලයකට බෙහෙත් දැමීම සඳහා ගොස් සිටින අවස්ථාවකයි. වාර්තාවන ආකාරය සිද්ධිය මෙසේය.

එස්.කේ. හන්දිය නම් ස්ථානයකදී පොලිසියට පහරදෙන්නට යන පුද්ගලයා විසින් බීමතින් අසෝබන ලෙස හැසිරී ඇත්තේ පරුෂ වචන කියාගනිමින්ය. ඔහු එම ස්ථානයේ සිනමා සලක් අසල පිහිටි මත්පැන් හලකින් මත්වෙන්න බී එහි සිටි අනෙක් අයගෙන් මුදල් ඉල්ලා බලපෑම් කොට තිබේ.

views461 Views
comment
ටෙලිවිෂන් නව්‍යකරණයේ ප්‍රමුඛයා හිරු ටීවී තුලින් සුවහසක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන නවතම අත්දැකීම තමයි ‘‘හිරු Unplugged‘‘ . ශ්‍රී ලංකීය සංගීත ලොවේ දැවැන්ත තරු  රැසක්ම එකම වේදිකාවට ගෙන එන මෙම අපූර්ව වැඩසටහනෙන් ඔවුන්ගේ සුමියුරු ගායනයන් සජීවීවම නැරඹීමේ හැකියාව ඔබට තිළිණ කරන්නට හිරු ටීවී මේ වන විටත් සියල්ල සූදානම් කර අවසන්.

ශ්‍රී ලාංකීය සංගීතය අන්තර්ජාතික ප්‍රවණතාවක් කරා ගෙනයමින්, සංගීත රටාවන් වෙනස් කරමින් ලාංකීය සංගීත ලෝලීන්ට හිරු ටීවී තුලින් පිදෙන මෙම නවතම වැඩසටහන නුඳුරේදීම ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා.

views586 Views
comment
[1]      «      5015   |   5016   |   5017      »      [5495]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top