යසාරා අබේනායක මෑතකදී ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙකු සමගින් විවාහ වුණු අතර ඒ සම්බන්ධයෙන් පසුව පුවත් රැසක් මැවෙන්නට වුණා. ඇය හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ සමඟින් පෙම් සම්බන්දයෙක් තිබූ බවටද පුවත් මැවුණු අතර ඝාතනයට ලක්වූ බවට හෙළිවූ වසීම් තාජුඩීන්ගේද පෙම්වතිය බවට කටකතා පැතිරෙන්නට වුනත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා.
කෙසේ නමුත් යසාර විවාහයෙන් පසුව ඇයගේ ෆේස්බුක් ගිණුමේ නම ‘‘යසාර මරීජා‘‘ ලෙසින් වෙනස් කලේ ඇයගේ අතගත් පෙම්වතා වූ ෆසිල් මරීජාගේ නම එයට එකතු කරගනිමිනුයි. මේ සම්බන්ධයෙන් වූ විවිධ ප්‍රකාශයන්ට යසාරා ෆේස්බුක් ගිණුම මගින්ම පණිවුඩයක් ලබා දී තිබෙනවා.
එහි දැක්වෙන්නේ ඇය සිංහල වුනත් කතෝලික ආගම අදහන බවයි.. ඇයගේ ප්‍රකාශය සිංහලෙන් හා ඉංග්‍රීසි යන භාෂාවන් දෙකෙන්ම සඳහන්ව ඇති අතර එය පහතින් කියවන්න....
මට යමක් කියන්න ඕනේ හැමෝටම.. ඒකට හේතුව වෙන්නෙ මුලු ලංකාවම මගේ ජීවිතයෙ වෙන දේවල් තමන්ගෙ ප්‍රශ්නයක් කරගෙන තියෙන හින්ද..
මම සිංහල.. නමුත් බෞද්ධයෙක් නෙවෙයි.. මම සිංහල කතොලික ආගම අදහන කෙනෙක්.. නොදන්න අයටයි කියන්නෙ, ඉස්ලාම් ආගමයි කතෝලික ආගමයි දෙකම ගොඩක් එක සමානයි.. මම මුස්ලිම් කොල්ලෙක්ව කසාද බැන්දෙ මගේ දෙමව්පියන්ගෙ සහ ඔහුගේ දෙමව්පියන්ගෙ යන දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය එක්කයි.. අපි දෙන්නගෙ ආගම් වල විදියටම කාටවත් අසාධාරණයක්, පාඩුවක් නොවෙන විදියටයි මේ කසාදය සිදු කරේ..
මම මුස්ලිම් කොල්ලෙක්ව බැන්දට මම තවමත්, ඉදිරියටත් සිංහල ජාතියට අයිති කෙනෙක්.. දේශප්‍රේමියෙක්.. නමුත් මම ගොඩක් දුක් වෙනව අපේ සිංහල මිනිස්සු මෙච්චර ජාතිවාදී වෙන එක ගැන..
මගේ ස්වාමිපුරුෂයා මුස්ලිම්. නමුත් එයා ලංකාවට ඔයගොල්ලන්ට හීනෙකින්වත් ගේන්න බැරි කීර්තියක් ගෙනවිත් තියෙනවා.. සල්ලි ගන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි, හරියට මුදල් වත් ගෙවන්නෙ නැති ක්‍රීඩාවක් කරල ලංකාව ආසියාවේ 3න් වෙනි ස්ථානයට ගෙනැවිත් තියෙනවා එයාගෙ නායකත්වය යටතේ.. ආසියාවේ වෙනත් රටවල් ලංකාව එක්ක තරඟ කරන්න බයයි එයාගෙ නායකත්වය යටතෙ හදපු කණ්ඩායම නිසා.. එයා මේ හැමදේම ලංකාවට කරේ මුස්ලිම් කොල්ලෙක් විදියට..
මම එයා දිහා බලනකොට මට එයාව මුස්ලිම් කොල්ලෙක් විදියට විශේෂ වෙලා පෙන්නෙ නැහැ.. මට පෙන්නෙ හොඳ, කරුණාවන්ත, හොඳ ගතිගුණ තියෙන කෙනෙක් විදියටයි.. මට එයාගෙ ආගමෙන් වැඩක් නැහැ ඒ ආගම එයාට හොඳ මිනිහෙක් වෙන්න මගපෙන්වල තියෙනවනම්.. එයා ඒ ආගමෙන් ඉගෙනගෙන තියෙන්නෙ හොඳ මනුස්සයෙක් වෙන්න..
මම සිංහල, ගොවිගම, කතෝලික කෙල්ලෙක්.. මම විවාහ වුනේ ගොඩක් හොඳ මුස්ලිම් කොල්ලෙක් එක්ක..මම මගේ ජීවිතයෙ ගත්ත හොඳම තීරණ වලින් එකක් තමයි එයාව මගේ ස්වාමිපුරුෂයා කරගන්න මම ගත්ත තීරණය..
මගේ ජීවිතය ගැන වද වෙන ඔය හැමෝටම තම තමන්ගෙ ජීවිත වලත් ප්‍රශ්න, කරදර ඇති කියල මම හිතනව.. ඒ නිසා මම ඔය හැමෝගෙන්ම ඉල්ලන්නේ කවදාවත් දැකල වත් නැති, කවදාවත් අඳුරගන්නවත් ලැබෙන්නෙ නැති දෙන්නෙකුගෙ ජීවිත ගැන වද නොවී අපේ ජීවත ගැන කතා වෙවී නිකරුනේ කාලය නාස්ති නොකර තම තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න පුලුවන් නම්, තම තමන්ගෙ වැඩක් කරගෙන ඉන්නව නම්, ඒක හැමෝටම ගොඩක් හොඳයි!!
හැමදෙනාටම ජයෙන් ජය!!!!