අද දිනයේ පාර්ලිමේන්තුව උණුසුම්කාරී තත්වයක් ගත්තේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පිළිබඳව වූ ප්‍රකාශයක් සමඟිනුයි. කාලවේලාවක් නොමැතිව කල් තැබුණු පාර්ලිමේන්තුව පස්වරු 6.09 ට පමණ ආරම්භ වූවා. ඒ සමගම කතානායකවරයා පැවසුවේ හැන්සාඩ් වාර්තාවෙන් යම් ප්‍රකාශයක් ඉවත් කළ යුතු බවයි.
මරණයට පත්ව ඇති - රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පිළිබඳ - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පස්වරුවේ අදහස් දැක්වූවා.
ඉන් පසු නාමල් රාජපක්ෂ අදහස් දක්වන අතරතුරයි පළමුව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවුණේ. ඒ අනුව විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබුණා.
පාර්ලිමේන්තු කටයුතු පසුව ආරම්භ වූවත් මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ මැදට පැමිණ විරෝධතාවක නිරත තිබෙනවා. එහි දී මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළ බවද පැවසෙනවා. තත්වය සමතයකට ගෙන ඒම සඳහා අද දෙවන වතාවටත් පාර්ලිමේන්තුව කල් තැබුණා.
පැයකට ආසන්න කාලයක් නවතා තිබුණු පාර්ලිමේන්තුව ආරම්භ කරමින් කතානායකවරයා පැවසුවේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් පිළිබඳ ප්‍රකාශ වූ වාක්‍යක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවයි.
මේ අතර පස්වරු 6.25 පමණ දක්වා පැවති පාර්ලිමේන්තුව හෙට (12) පෙරවරු 09.30 දක්වා කල් තැබුණා.