ටෙලිවිෂන් නව්‍යකරණයේ ප්‍රමුඛයා හිරු ටීවී තුලින් සුවහසක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන නවතම අත්දැකීම තමයි ‘‘හිරු Unplugged‘‘ . ශ්‍රී ලංකීය සංගීත ලොවේ දැවැන්ත තරු රැසක්ම එකම වේදිකාවට ගෙන එන මෙම අපූර්ව වැඩසටහනෙන් ඔවුන්ගේ සුමියුරු ගායනයන් සජීවීවම නැරඹීමේ හැකියාව ඔබට තිළිණ කරන්නට හිරු ටීවී මේ වන විටත් සියල්ල සූදානම් කර අවසන්.
ශ්‍රී ලාංකීය සංගීතය අන්තර්ජාතික ප්‍රවණතාවක් කරා ගෙනයමින්, සංගීත රටාවන් වෙනස් කරමින් ලාංකීය සංගීත ලෝලීන්ට හිරු ටීවී තුලින් පිදෙන මෙම නවතම වැඩසටහන නුඳුරේදීම ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය අවකාශයේ නුතන සංගීත මුද්‍රාවක් අනුසාරයෙන් ලාංකීය ටෙලිවිෂනය තුල හිරු ටීවී නිර්මාණාත්මකව Unplugged සංගීත වැඩසටහන ඉදිරිපත් කරනු ලබනවා සේම විවිධ සංගීත අධ්‍යක්‍ෂකවරුන් ‘‘හිරු Unplugged‘‘ සංගිත වැඩසටහන සදහා යොදාගන්නා අතර විවිධ සංගීත තේමාවන්, ශෛලීන් මේ සදහා භාවිතා කිරීමට මේ වන විටත් සිල්ල සූදානම්.
ගායකයෙක්, ගීත කිහිපයක් පමණක් වු සාමාන්‍යය සංගීත සංස්කෘතිය අතික්‍රමණය කරමින් විවිධ හැඩතල පිරි විවිධ දක්‍ෂතා රැදී ඇති දක්‍ෂ සංගීත අධ්‍යක්‍ෂකවරුන් විසින් නව්‍යකරණය කරන ලද සංගීත භාවිතාවෙන් ජනප්‍රියතම ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් විවිධ තේමා සමගින් නිර්මාණය වන දැවැන්ත ප්‍රාසාංගික සංගීත ප්‍රකාශන ආකෘතියකින් හා අන්තර්ගතයකින් හෙබි ”Hiru Unplugged” ලාංකේය සංගීත වංශයද නැවත ලියනු නොඅනුමානයි.
ඡායාරූප සියල්ල මෙතැනින්......