Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ඔහු මේ සුන්දර තරුණියව තනියම පැත්තකට කැඳවාගෙන ගියා.."
 
සියල්ල පාපොච්චාරණය කළ තරුණයා පොලිසියේදී හෙළි කළ දේ...
 
පෙම්වතෙකුගේ පිහි පහරකින් අවසන් ගමන් ගිය පෙම්වතියක් ගැන දුක්බර පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබුනා.
 
මෙම පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ නිව්යෝක් ප්රාන්තයෙන්.
 
රූප සම්පත්තියෙන් දමිළ සිනමාවේ නිළියක් හා සමාන සුන්දරත්වයක් හිමි, ඉන්දියානු සම්භවයක් සහිත මෙම තරුණියගේ මරණය සිදුවූ හැටි ගැන, ඉන්දියාව තුළත් යම් කතාබහක් නිර්මාණය වී ඇති බවයි එරට මාධ්ය වාර්තා කරන්නේ.
539 Views
“එහේදී තමයි කිව්වේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා..”
 
“ඒ නරුමයා.. මගේ එක කුස උපන් සහෝදරයා බව හිතාගන්න පුළුවන්ද”
 
“මගේම අයියාට තාත්තා කියන පොඩි එකෙක්..? මොන විලි ලැජ්ජාවක්ද?”
 
“මං මගේ ජීවිතේ එපා කියලා අඬද්දී... ජීවිතේ නැති කරගන්න පවා හදද්දී... එයා මාව ආදරෙන් තුරුළු කරන් උසාවියට ආවා... එයා මට වෙච්ච දේවල් කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ අයියේ...!! කොටින්ම මම අපිරිසිදු ගැහැනියක් කියන එක.. එයා වෙනුවෙන් පරිස්සම් කරපු හැමදේම... එක නරුමයෙක්, මාව සිහි නැතිකරලා.. හූරලා.. හපලා... අයිති කරගත්තම.... ඒ නරුමයා.. මගේ එක කුස උපන් සහෝදරයා බව හිතාගන්න පුළුවන්ද අයියට..?”
 
ආකාසේ නොසෙල්වෙන ලීලාවෙන් උන්නා වුනත් “කොරෝනාවේ දරදඬු ප්රතිපත්ති” වෙනස් වෙලා නැහැ කියලා මම හිතන්න ගත්තා. හරි හැටි කියවීමක් නොකරම මේ උතුංග උත්තමාවීය මගේ ඊළඟ කතාවේ “කතා නායිකාව” වග පමණක් මම හිතන්න ගත්තා.
705 Views
"ඒ ගැන ආරංචි වුනු වෙලාවේ මට නම් පුදුම තරහක් ආවේ.."

"වැරදි බොරු දේවල්වලින් මනුස්සයක්ගේ ජිවිතේට බලපෑමක් කරන්න හොද නැහැ.."

"අපි ලොකුකමින් ජිවත් වෙන අය නෙමෙයි, සාමාන්‍ය විදිහට සතුටින්, සැනසීමෙන් ජිවත් වෙනවා.."

අවිශ්ක ගුණවර්ධන කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙක්. ඒ වගේම ක්‍රිකට් පුහුණුකරුවෙක්..දක්ෂ පිතිකරුවන් බොහොමයක් බිහි කළ අවිශ්කගේ, ආදරණිය බිරිද තමයි ෆ්‍රැන්සි ගුණවර්ධන. වසර 2017 දෙසැම්බරයේ දි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ‘දහයයි10’ ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු තරග පවා දුන්නා කියලා මේ වෙද්දී චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒ ගැන වගේම ඔවුන්ගේ සුන්දර කැදැල්ල ගැන කතා කරන්න පි අවිශ්කගේ ආදරණිය බිරිද ෆ්‍රැන්සිව එකතු කරගත්තා. මේ ඇය සමග කළ කතාබහයි.
431 Views
“උගේ වද බන්ධන ඔක්කොම ඉවසන් තව කොච්චර කාලයක් ඉන්නද මම..?”
 
“එයා නරක කෙනෛක් නෙවෙයි තමයි.. ඒත් ඒ ලෝකෙට පේන්න විතරයි”
 
“මොන... ඌ කැමති නෑ, මොකද ඌ බයයි ඌට අවනම්බු වෙයි කියලා”
 
“සර්.... මම මිනීමැරුවේ නෑ සර්.. අනික මේ මගේ මිනිහා.. ඌ බිස්නස්කාරයෙක් තමයි.. කොටින්ම... ඌ සල්ලි ගහක්.. ඒකේ තේරුම මම ඒවා අයිති කරගන්න ඌ මැරුවා කියන එක නෙවෙයි... අනිත් දේ... මට මොනාවගෙන් අඩුපාඩුද..? මට තේරෙන් නෑ මිනිස්සු මාව සැක කරන්නේ ඇයි කියලා..?”
 
ඇය කතාවක් කියනවා. ඒක ඇගේ කතාව... ඈ මිනීමරු ගැහැනියක් බවට පත් කරපු කතාව..! ඒත් ඇත්තටම ඈ මිනීමරු ගැහැනියක්ද? ඈව කියවන්න හැකි හරි ආකාර එකෙකුට ඈට ඒ වගේ “නම් තැබීමක්” කරන්න පුළුවන්ද?
407 Views
"එයාගේ කාමරේ පෙට්ටියක ගොඩක් කාන්තා යට ඇදුම් තිබිලා හොයා ගත්තා.."

"කාන්තා යට ඇදුම්, ආභරණ ස්පර්ශ කරමින් ලිංගික සතුටක් ලබා ගන්නවා.."

ලක්මාල් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය හොදින්ම සමත්වී උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක්. විනයගරුක දෙමාපියන් යුවළකගේ ඔහු එකම පුතා. ඔහුට නගනියක්ද සිටිනවා. ඇයත් ඉගෙනීමට දක්ෂ රූමත් සිසුවියක්. ඇය ගමේම පාසලෙන් අධ්‍යාපනය හදාරද්දී ඔහු උසස්පෙළ සදහා වෙනත් පාසලකට ගියා. ඔහුගේ ජිවිතේ වෙනස් වෙන්නේ එතැන්පටන්. පාසල අවසන් වී ආ සැණින් ඔහු නින්දට යනවා. කම්මැලිකමින් හැසිරෙන්නේ. කාමරයටම වී සිටින ඔහු පොත පතේ වැඩ අතපසු කරගන්නවා. ඔහුගේ මේ වෙනස්වීම දෙමාපියන් එකවර දකින්නේ නැහැ. මහන්සියට පුතා විවේක ගන්න බව දෙමාපියන් හිතන්නේ.
530 Views
"එක ගෙදර හතුරෝ වගේ ඉන්න බැහැ. ඊට වඩා හොදයි කතාබහ කරලා අයින් වෙන එක.."

"මගේ ජිවිතේ දික්කසාදය තුලත් තියෙන්නේ අමිහිරි අත්දැකීම්.."

බොහෝ නිර්මාණවලින් පසුගිය කාලයේ දකින්න ලැබුණු මේධා ජයරත්නට මේ වෙද්දී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙනවා. තරුණ පෙණුම රැකගන්න උත්සහ කරන මේධා ආදරේ, විවාහය, දික්කසාදය වගේම ඇයගේ නිර්මාණ ගැන වෙනස්ම කතාබහකට අපිත් වුණා. මේ හැමෝම ආදරේ කරන මේධා ගැන අලුත්ම තොරතුරුයි.
853 Views
"ගිලන් රථයේ යනකොටත් අම්මා තාත්තා එක්ක හොදට කතා කරලා.."

"ඒ වගේ බැදීමක් එක පාරටම නැති වෙලා යද්දී තාත්තාට දරාගන්න අමාරු ඇති..."

නිහාල් නෙල්සන් කියන්නේ එදත් අදත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ඔහු ගයන හැම ගීතයක්ම ජනතාව ආදරයෙන් පිළිගත්තා. ඒ නිසාම ඔහු ඉන්න සංගීත ප්‍රසංගයක් මගනොහරින රසිකයින් ඔහුට හිටියා. ඔහුත් එක්ක කුලගෙය ආදරයෙන් බෙදා ගත් ආදරණිය ප්‍රියම්භිකාව මාලි පසුගියදා ඔහුව තනිකර සදහටම ජිවිතයෙන් සමුගත්තා. ඒ සොවින් ඉන්න නිහාල් ගැන අහන්න අපි ඔහුගේ ආදරණිය පුත්‍රයා තරංග නෙල්සන්ව සම්බන්ධ කරගත්තා. ඔහු ගැන හා දෙමාපියන් ගැන ඔහු කියන්නේ මේ විදිහටයි.
1,337 Views
“අම්මා ගුටි කන්න පුරුදු වෙලා හිටියේ... තාත්ති කොච්චර නරක වුණත් අම්මා එයාට ආදරෙයි..”
 
“අම්මගේ කොණ්ඩෙන් අල්ලගෙන බිත්තියේ ගැහුව හය හත් පාරක්...”
 
“අන්තිමට අම්මා වැන්ඳා තාත්තාට... එයාටයි මටයි කරදරයක් කරන්න එපා කියලා..”
 
"පුංචි දරුවෙක්ගෙන් එහෙම අහන එක හරි මදි නේද?" මම ආයෙමත් ඒ දේට අදිමදි කළා. ඒත්... අරූ ඔළුව දෙපැත්තට දැම්මා විතරයි..
 
"හරි නැහැ.. කොටින්ම එහෙම අහන්න ඕනි නෑ.. ඒත් අපිට වෙන විකල්පයක් ඉතිරි වෙලා නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ දේ කරන්න..."
 
"මම හිතන් නෑ... තමන්ගේ තාත්තා අතින් එහෙම දෙයක් වුනා කියන එක, එයාට දරාගන්න පුළුවන් වෙයි කියලා... අවුරුදු 14ක ළමෙකුට..." මම එහෙම කිව්වේ නෝට් බුකිය අතට අරගෙන. උසාවි සංකීර්ණය "නිශ්ශබ්ද කලාපයක්" බවට පත් වෙලා තියෙද්දී, සුරූපී තරුණියක් අර පුංචි දෝණිව ඉඹගෙන ගියා. හරියට පරණ කෝන්තරයක් පිරිමහන්නා වගේ මුහුණේ කිසිදු භාව ප්‍රකාශනයක් නැති මේ පුංචි එකිව මම මගේ ළඟට කරගත්තා. ඒකිගේ ළා නිල් පාට ඇස් තාමත් දිලිහෙනවා... වෙච්ච කිසිම දෙයක් නොදන්න අහිංසකී!!
930 Views
"ඒ දේවල්වලින් මිදෙන්න පුතා හරියට වීඩියෝ බැලුවා.."

"එයා බාත් රූම් එකට ගිහින් පැයක් විතර ඉන්නවා.."

පුර්ණ. වයස අවුරුදු 18ක නවයොවුන් තරුණයෙක්. ඔහුට අම්මා තාත්තා හැර හිටියේ බාල සහෝදරියක් පමණයි..උසස්පෙළ විභාගය සදහා ඔහු තෝරාගෙන තිබුණේ විද්‍යා විෂයන්. වෛද්‍යවරයෙක් වෙන්න හීන දැක්ක ඔහු ඒ සදහා කැපවීමෙන් කටයුතු කළා. නමුත් ඔහුගේ වෙනස්වීමක් තිබෙන බව දකින ඕනෑම කෙනෙකුට වැටහුණා. මුලින්ම දැනගන්නෙ දෙමාපියන්. දෙමාපියන් ඔහුගේ වෙනස වටහා ගන්නේ වැරදි වැටහීමකින්. ඔවුන් සිතනවා ඔහු කඩවසම් සිත්ගන්නා පිරිමි දරුවෙක් නිසා ආදර සම්බන්ධතාවයක් ඇති කියලා.
518 Views
“මම ආස නෑ මගේ මිනිහා අඬනවට... මට ඕනි නෑ එයාව නිදහස් කරගන්න..”
 
“මම දන් නෑ මේ නරුමයාට ඒ වගේ තිරිසන් ආසාවක් කොහොම ඇති වුනාද කියලා..”
 
“එයාට මාව නැතුවම බැරි වුනා.. ඒත් මම සම්පත්ට ද්‍රෝහි වෙන්න හිතුවේ නෑ..”
 
“මේ ඉන්නේ මම අර කිව්ව කෙනා...?”
 
රුවී මට එයාව අඳුන්වලා දුන්නා. ඒ තැනැත්තිගේ හිස කේ වැහිලා තිබුණා පත ස්කාෆ් එකකින්... යන්තමින්වත් නොපෙනෙන මුහුණත් තහඩුව දැන අඳුනගන්න බැරි තැන මම අසීරු උත්සහයක් ගත්තා ඈව මේ කතාවට ගළපගන්න. හොඳයි...! ඒක එහෙම් පිටින්ම අභිරහස් කතා ප්‍රවෘත්තියක් නම්.... මේ ඒ කතාවට අයිතිකම් කියන කෙනෙක්..
 
රුවීගේ නීති රීති සංග්‍රහ ආදිය නොතේරෙන තැන අදත් පුරුදු විදිහට මම උසාවියට ගොඩ වැදුනු එක ගැන ඒකි දොස් කියන්නේ නැහැ.
2,701 Views
"ඊරිෂ්‍යාවෙන් පෙළුණු දඩෝරියන් දරුවන්ව අවසන් නින්දට යැව්වා.."
 
"මම ඔවුන් බේරාගන්න හැදුවත් අනේ මට ඒක කරන්න බැරිවුණා..."
 
29 හැවිරිදි ඉලේන් නොවාස්... ඇය තමයි මේ කතාව අපිට කියන්නේ. ඇය ඉන්නේ බ්‍රසීලයේ ඊසාන දිග ප්‍රාන්තයේ.. පිහිටි ඇගේම නිවසේ....
 
නොසිතූ මොහොතක ඇයට ඇගේ අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනාව අහිමි වෙනවා.
649 Views
“...ඔය අවුරුදු හතළිහේ පනහේ ගෑනු එක්කත් මූ ඉඳලා..”
 
“ඌ මහා සතෙක් කියලා විතරයි මට කියන්න තියෙන්නේ.”
 
“ඌ ඇත්තටම ඒක රස කරලා කියනවා. ඌ ගත්තු ආතල්..”
 
“අයියේ ඔයා කිව්ව විදිහේ හාදයෙක් ඉන්නවා.. ආටිකල් එකට ගැළපෙනම විදිහේ...”
 
ඒ මාතෘකාව බොහෝම බැරුරූම් එකක්. ඒක මේ විදිහට ඔබට පැහැදිලි කරන්න පුළුවන්.
 
“මළසිරුරු සමඟ ලිංගිකව එකතු වෙන මිනිස්සු..”
 
ඒක ටිකක් විතර (ටිකක්මත් නෙවෙයි.) අප්‍රසන්න මාතෘකාවක්. කවුරුත් කතා කරන්න අකැමැති පිළිකුල් සහගත මාතෘකාවක්. ප්‍රැක්ටිකලි මේ ගැන කතා කරන්න පුළුවන් විදිහේ හාදයෙක්ව මම හොයමින් හිටියේ බොහෝ කාලෙක ඉඳලයි..
897 Views
"ජිම් එකේ කොල්ලා මාස දහයක් තිස්සේ කෙල්ලගේ ගෙදරට ඇවිත් ගිහින්.."
 
"අයියා මෙහෙම දාලා යයි කියලා දන්නවනම් මම අයියා ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ.."
 
අනියම් පෙම්වතා සමඟ තරුණිය ගත් ඡායාරූප කිහපයකුත් හමුවෙයි...
 
කඳාන ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ අති අමානුෂික සිද්ධියක් මුළු රටම කම්පා කරන්නට සමත් වුණා.
 
තරුණයෙකු හා තරුණියක අතර ඇති වූ රහසිගත පෙම් සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස අහිංසකයෙකුට මහමඟදී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ මේ අනුවේදනීය කතාව වාර්තා වූයේ කඳාන පොලිසියෙන්.
 
සිය පෙම්වතියගේ නිවසට පැමිණ ආපසු සිය නිවෙස බලා යමින් සිටි පෙම්වතෙකුට පෙම්වතියේ අලුත් පෙම්වතා බව කියන අයෙකු හා ඔහුගේ මිතුරෙක් විසින් මන්නා පහරකින් පහර දී ඝාතනය කළැයි කියන සිදුවීමක් ජුනි මස 7 වැනිදා කඳාන පොලිස් වසමට අයත් ජාඇල, උතුරු බටගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.
898 Views
"නිලූ කෝල් කරලා කිව්වා ඩග්ලස් චාන්දනිගේ ගේ අස්සට රිංගුවා කියලා.."

"දැන්ම ආවොත් චාන්දනී එක්ක ඉන්නවා අතටම අල්ලගන්න පුළුවන් කිව්වා.."

"මමත් හිටපු ඇදුම පිටින්ම දොරවල්වත් වහන්නේ නැතුව පාරට දිව්වා..."

ඔහු නමින් ඩග්ලස්. වයස අවුරුදු 65යි. දියණියක් හා පුතෙක් සිටින දෙදරු පියෙක් වූ ඩග්ලස් රැකියාව ලෙස කළේ ගොවිකම. ඔහු නියම ගොවියෙක් වුවත් දරුවන්ට හොදින් අධ්‍යාපනය ලබා දුන්නා. හොදින් ඉගෙන ගත් දරුවන් දැන් උසස් රැකියාවන්වල නිරත වෙනවා. ඒ වගේම ඔවුන් විවාහකයි. ඔවුන්ටත් දරුවන් සිටිනවා. මිණිපිරියක හා මුණුපුරන් තිදෙනෙක්ට ආදරණිය සීයා වුණු ඩග්ලස්ට ගොවිකමෙන් උපයාගත් ධනය තිබු නිසා ඔහු පහුගිය කාලයේම කුඹුරට බැස්සෙවත් නැහැ. එළවළු වගා කරන එකත් අමතක කරලා දැම්මා.
574 Views
“..මම හයියෙන් බෙරිහන් දෙනවා කෑ ගහනවා.. එයාව බලන්න ඕනි කියලා...”
 
“..එයාට දුවෙක් හදන්න ආසයි කිව්වා..”
 
“මම කොච්චර පව්කාරද ඒක මගේ ඇස් දෙකෙන්ම දකින්න වුණා..”
 
මේ මම ඇය එක්ක කතා කරන හතරවැනි පාර... ඒත්... ඇය තාමත් එහෙම්මමයි! සුදෝ සුදුවට වත පොරෝගෙන... නමක් නොදන්න මල් කිනිති දෝත පුරෝගෙන.. අර සොහොන් කොත ගාවින් වාඩිගන්න ඈ.. කිසි වෙනසක් නෑ අදත්..
 
ඒ ඉසව්ව දිහා බලාගෙන... මහ පොළව ඉඹගත්තු තමන්ගේ පෙම්වතාගේ ශරීරස්කන්ධය දිරාපත්ව තියෙනකොට.. ඒ ප්‍රේමවන්තයා මේ කොහේ හෝ ඉසව්වක තමන්ට අත වනනවා ඇති කියලා හිතාගෙන... තාමත් ඇය බලාගෙන ඉන්නවා...
375 Views
[1]      «      89   |   90   |   91      »      [107]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top