Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
"ගමේ මිනිස්සු හොරෙක් කියලා අල්ලාගෙන තියෙන්නේ අපේ පුතාව, එයාලා කිව්වා පුතා රෑට ගම පුරා ගිහින් කාන්තා යට ඇදුම් හොරකම් කරනවා කියලා.." - මානසික වියවුල නිසා දක්ෂ පාසල් සිසුවෙකුට අත්වූ ඉරණම

- "ගමේ මිනිස්සු හොරෙක් කියලා අල්ලාගෙන තියෙන්නේ අපේ පුතාව, එයාලා කිව්වා පුතා රෑට ගම පුරා ගිහින් කාන්තා යට ඇදුම් හොරකම් කරනවා කියලා.." - මානසික වියවුල නිසා දක්ෂ පාසල් සිසුවෙකුට අත්වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,690 Views
"එයාගේ කාමරේ පෙට්ටියක ගොඩක් කාන්තා යට ඇදුම් තිබිලා හොයා ගත්තා.."

"කාන්තා යට ඇදුම්, ආභරණ ස්පර්ශ කරමින් ලිංගික සතුටක් ලබා ගන්නවා.."

ලක්මාල් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය හොදින්ම සමත්වී උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක්. විනයගරුක දෙමාපියන් යුවළකගේ ඔහු එකම පුතා. ඔහුට නගනියක්ද සිටිනවා. ඇයත් ඉගෙනීමට දක්ෂ රූමත් සිසුවියක්. ඇය ගමේම පාසලෙන් අධ්‍යාපනය හදාරද්දී ඔහු උසස්පෙළ සදහා වෙනත් පාසලකට ගියා. ඔහුගේ ජිවිතේ වෙනස් වෙන්නේ එතැන්පටන්. පාසල අවසන් වී ආ සැණින් ඔහු නින්දට යනවා. කම්මැලිකමින් හැසිරෙන්නේ. කාමරයටම වී සිටින ඔහු පොත පතේ වැඩ අතපසු කරගන්නවා. ඔහුගේ මේ වෙනස්වීම දෙමාපියන් එකවර දකින්නේ නැහැ. මහන්සියට පුතා විවේක ගන්න බව දෙමාපියන් හිතන්නේ.

"පුතා ටවුමේ ඉස්කෝලේ ගියාට පස්සේ තමයි එකපාරටම වෙනස් වෙන්න පටන් ගත්තේ, එයාගේ වෙනසට හේතුව මොකක්ද කියලා අපිට හිතා ගන්න බැරි වුනා..අපි හිතුවා එයාට මහන්සි නිසා ගෙදර ආවට පස්සේ නිදාගන්න කාමරේට යනවා ඇති කියලා..කන්න බොන්න තමයි එලියට එන්නේ..දුව ඉගෙන ගන්නේ 8වසරේ. මේ දෙන්නා හරිම ආදරෙන් හිටියේ. නමුත් පුතා දුවත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා..ටික දවසක් යද්දී පොඩි පොඩි දේවල්වලට පුතා අපිත් එක්කත් රණ්ඩු කරගත්තා..ඔය විදිහට ජිවිතේ ගෙවිලා ගියා..දවසක් මම පාන්දර 2ට විතර ඇහැරුණා..පුතාගේ කාමරේ ලයිට් දාලා තිබ්බේ..ඒක නිවන්න කාමරේ දොර ඇරියා..නමුත් පුතා හිටියේ නැහැ..මම බය වෙලා බාත් රූම් එකේ, අනිත් තැන්වල බැලුවා පුතා පෙන්න නැහැ. ඊට පස්සේ මම සාලේ ලයිට් දාලා බලද්දී ඉස්සරහා දොර ඇරලා තිබ්බා බාගෙට..මම දොර ඇරලා මිදුලට යද්දී එයා අත්දෙක බැදගෙන මගේ ඉස්සරහට ආවා..මම ඇහුවා පුතේ කොහෙද ගියේ ඇයි මේ රෑ එලියට වෙලා කියලා..එයා කිව්වා මට දාඩිය දැම්මා..හුලග ටිකක් වදින්න කියලා එලියට ආවා කියලා..ඊට දවස්දෙක තුනකට පස්සේ මම රෑ 11 විතර නැගිටලා පුතා ඉන්නවද බලන්න ගියා..එයා එදා හිටියෙත් නැහැ..අපි හෙව්වා පැය භාගයකට විතර පස්සේ ගෙදර ආවා..කොහෙද ගියේ කියලා ඇහුවම කිව්වේ යාලුවෙක්ගෙ ගෙදර ගියා නෝට් වගයක් ගන්න කියලා කාමරේට ගිහින් දෙර වහගත්තා..දවස් කිහිපයක් අපි එයා ගැන සෙවිල්ලෙන් හිටියා..තවත් දවසකත් එයා ඒ විදිහට මහා රෑ ගේ අස්සට හොරෙන් ආවා.."

ලක්මාල්ගේ මව එසේ පවසන්නේ කනස්සල්ලෙන්. දිනක් නිවසට එන මාර්ගය දෙපස නොනවත්වා බල්ලන් බුරන හදකට අවදි වී දෙපමියන් බලද්දිත් ඔහු නිවසේ සිටියේ නැහැ. මිදුලේ කොණට වී පාර දෙස බලාගෙන සිටියා. මේ තත්ත්වය ඉවසාගෙන ඉන්න ඔවුන්ට සිදුවුයේ ඔහු හිතුවක්කාර වී කුමක් හෝ නරක තීරණයක් ගනීවි කියන බයටයි.

"ඔය අතරතුර මුළු ගමම කතා වුණා රෑට හොරෙක් ගමපුරා යනවා කියලා. ඔවුන් අල්ලගන්න උත්සහ කරනවා කියලත්.. ඒ කතාව ආරංචි වුනාම අපිට බය හිතුනා පුතාට කරදරයක්වත් වෙයිද කියලා..සති කිහිපයක් පුතා ගැන සෝදිසියෙන් හිටියා එයා එලියට ගියේ නැහැ.. නමුත් අපිත් එක්ක රණ්ඩු වෙනවා ඉවරයක් නැහැ..ඔය අතරේ දවසක රෑ ගෙදර දොරට තට්ටු කළා..අපි ඇරලා බලද්දී ගමේ මිනිස්සු ටිකක් පුතාව අල්ලාගෙන ගෙනත් කිව්වා අපි හොයපු හොරා කියලා අල්ලාගත්තේ මහත්තයාලගේ පුතාව ඒ නිසා අත ඇරියා කියලා කිව්වා..අපි ඇහුවා පුතා මොනාද කරලා තියෙන්නේ කියලා..එතකොට තමයි කිව්වේ ගම පුරා මහා රෑ ඇවිදලා තියෙන්නේ මෙච්චරකල් පුතා කියලා.. හේතුව කිව්වම අපිට බය හිතුනා..ලජ්ජා හිතුනා.. ගෙවල්වල වැල්වල තියෙන ගැහැණු අයගේ යට ඇදුම් පුතා හොරකම් කරලා.. ගමේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් වෙයි කියලා අපි එයාලගෙන් සමාව ගත්තා අයෙත් ඒ වරද වෙන්නේ නැහැ කියලා..මගේ මහත්තයා ගමේ වැදගත් විදිහට ජිවත් වෙන්නේ..ඒ නිසා ගමේ මිනිස්සු ගෞරව කරනවා..ඒ නිසා ඒ ප්‍රශ්නය දුර දිග ගියේ නැහැ..ඒ වෙලාවේ මහත්තයා කිව්වා පුතාට තියෙන්නේ මානසික රෝගයක් වෙන්න ඇති එයා එහෙම කතා අහලා තියෙනවා කියලා..ඊට පස්සේ පුතාගේ කාමරේට ඇවිත් බැලුවා..එයාගේ ඇද යට ලොකු පෙට්ටියක දාලා කාන්තා යට ඇදුම් අඩි උස සපත්තු, මාල වළලු තිබ්බා..අපි පුතාගෙන් ප්‍රශ්න කළා..එයා කිව්වා එයා ඒවාට කැමති නිසා නංගිගේ යට ඇදුම් මුලින්ම ගත්තා කිව්වා..ඊට පස්සේ තමයි ගමෙන් හොරකම් කරලා එකතු කරලා තියෙන්නේ..ඒවා එයා ඇදලා ගොඩාක් ෆොටෝ අරන් තිබ්බා..එයාගේ ෆෝන් එකේ තිබ්බෙම ඒ වගේ ෆොටෝ..පුතාට අවවාධ කළාට වැඩක් නැහැ..ඒ නිසා මහත්තයා කිව්වා පුතාව වෛද්‍යවරයෙක් ලගට එක්කගෙන යමු කියලා..ඒ විදිහට තමයි පුතාව රෝහලට රැගෙන ගියේ.."

ලක්මාල්ව රැගෙන දෙමාපියන් යන්නේ මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතාගෙන් පිහිට පැතීමට. ඔහු ලක්මාල්ව පරික්ෂා කර තීරණය කරනවා ඔහු මානසික පිඩනයකින් පෙලෙන බව,

"ඔහුව පරික්ෂා කළා.. දෙමාපියන්ගෙන් හා ඔහුගෙන් විමසු කරුණු හා සිද්ධි එක්ක ඔහුට කුමන මානසික රෝගයද වැළදී තිබෙන්නේ කියන එක දැනගත්තා. මෙවැනි මානසික රෝගී තත්ත්වයන් දකින්න ලැබෙන්නේ නවයොවුන් වියේ දරුවන්ගෙන්. සමාජශීලි නොවන අය කාන්තාවන් සමග මිත්‍රශීලි නොවන පුද්ගලින් බහුලව මේ වගේ දේවල් කරනවා..විරුද්ධ ලිංගික ආශාවන් තිබ්බත් ඔවුන්ට මානසික ශක්තියක් නැහැ ඒ සදහා පෙනී ඉන්න. ඒකට කියන්නේ ලිංගික අපවර්ධනය කියලා. සාමාන්‍ය විදිහට ලිංගිකව තෘප්තිමත් නොවන නිසා ඔවුන් කාන්තා යට ඇදුම්, ආභරණ ස්පර්ශ කරමින් ලිංගික සතුටක් ලබා ගන්නවා..ඇතැම් අය ඒවා ස්පර්ශ කරමින් ස්වයං වින්දනයේ යෙදෙනවා..ඒ නිසා තමයි කාන්තා යට ඇදුම් හොරකම් කරන්නේ, අලුත් යට ඇදුම් නෙමෙයි එකතු කරන්නේ භාවිතා කළ යට ඇදුම්..එයාට තරහ ගියේ, නිතරම කේන්ති ගත්තේ ඔහුගේ ක්‍රියාවන් දිගටම කරගන්න යද්දී ඇති වූ බාධා නිසයි. ඔහු එයින් මානසික පිඩනයට ලක් වූ නිසා නිතරම කේන්ති ගත්තා..පසුව ඔහුට ප්‍රතිකාර ලබා දුන්නා. මනෝ විද්‍යාත්මක හා චර්යාත්මක ප්‍රතිකාර ලබා දුන්නා..ඒ වගේම ඔහුට අවශ්‍ය පසුබිම හදලා දෙන්න දෙමාපියන්ට උපදෙස් දුන්නා..ඒ ප්‍රතිකාර එක්ක ඔහු දැන් සුවයි..සාමාන්‍ය විදිහට සුන්දර ජිවිතයක් ගත කරනවා..ඒ නිසා මෙවැනි තත්ත්වයන් තිබෙන කවුරුම හෝ සිටිනවා නම් වහාම ප්‍රතිකාර සදහා යොමු කර සුවදායක ජිවිතයක් ලගා කරගන්න උපකාර කරන්න..නොසලකා හරින්න එපා..ඒ මගින් ජිවිතයට බොහෝ හානි සිදුවෙන්න පුළුවන්..මානසික රෝගයක් කියලා හිතලා ලජ්ජාවෙන් ඉන්නේ නැතුව ප්‍රතිකාර කිරීම තමයි වැදගත් වෙන්නේ.."

හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
නම් ගම් මන:කල්පිතයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top