Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
"බය නැතුව ඉන්න මගේ දෙයියෝ.. කවුරු නැතත් මම ඉන්නවා. හොරාට උඹේ ශරිරය මැරුවා, ඒත් උඹේ ආත්මය සදාකාලිකයි.." - රටම කම්පා කරමින්, බුකියම කතා කළ අනියම් පෙමක් නිසා මහ මඟ මරා දැමුණු, නිමංකගේ ඝාතනය ගැන හෙළි වූ තවත් සංවේදී කතාවක් - Photos

- "බය නැතුව ඉන්න මගේ දෙයියෝ.. කවුරු නැතත් මම ඉන්නවා. හොරාට උඹේ ශරිරය මැරුවා, ඒත් උඹේ ආත්මය සදාකාලිකයි.." - රටම කම්පා කරමින්, බුකියම කතා කළ අනියම් පෙමක් නිසා මහ මඟ මරා දැමුණු, නිමංකගේ ඝාතනය ගැන හෙළි වූ තවත් සංවේදී කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

146 Views
"ජිම් එකේ කොල්ලා මාස දහයක් තිස්සේ කෙල්ලගේ ගෙදරට ඇවිත් ගිහින්.."
 
"අයියා මෙහෙම දාලා යයි කියලා දන්නවනම් මම අයියා ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ.."
 
අනියම් පෙම්වතා සමඟ තරුණිය ගත් ඡායාරූප කිහපයකුත් හමුවෙයි...
 
කඳාන ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ අති අමානුෂික සිද්ධියක් මුළු රටම කම්පා කරන්නට සමත් වුණා.
 
තරුණයෙකු හා තරුණියක අතර ඇති වූ රහසිගත පෙම් සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස අහිංසකයෙකුට මහමඟදී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ මේ අනුවේදනීය කතාව වාර්තා වූයේ කඳාන පොලිසියෙන්.
 
සිය පෙම්වතියගේ නිවසට පැමිණ ආපසු සිය නිවෙස බලා යමින් සිටි පෙම්වතෙකුට පෙම්වතියේ අලුත් පෙම්වතා බව කියන අයෙකු හා ඔහුගේ මිතුරෙක් විසින් මන්නා පහරකින් පහර දී ඝාතනය කළැයි කියන සිදුවීමක් ජුනි මස 7 වැනිදා කඳාන පොලිස් වසමට අයත් ජාඇල, උතුරු බටගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙසේ ඝාතනය කෙරුනේ කැළණිය, දිග්පිටිගොඩ පදිංචි ජි. ඒ. ඩී. නිමන්ක මධුෂාන් නැමති අබේරත්න නම් තරුණයෙක්. ඔහු තැපැල් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙක්...
 
මේ අති අනූවේදනීය කතාව පෙළ ගැසෙන්නේ මෙසේ යි.
 
ඉකුත් ජූනි මස 7 වැනිදා 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කඳාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලැබුණු ඇමතුමකින් දැනුම් දෙනු ලැබූවේ ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පාරක කිසියම් පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව වැටී සිටින බවයි.
 
මේ බව වාර්තා වුනු මොහොතේම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කරද්දී ඔහු මියගොස් සිටි බව රෝහල් බලධාරින් පොලිසියට දැනුම් දුන්නා.
 
මධුෂාන් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි පෙම්වතිය සිය මව සමඟ ත්‍රිරෝද රථයකින් පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් කළා.
 
ඒ අනුව පොලිසිය සිදු කළ මූලික විමර්ශන-වලින් මෙම තරුණිය කිසියම් අයකු සමඟ ඇය හොඳයියක් ඇති බව දැනගැනීමට ලැබුණා.
 
මධුෂාන් හා මෙම 27 හැවිරිදි තරුණිය පාසල් යන කාලයේ සිට වසර අටක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබුණා.
 
අනතුරුව මේ යුවළ විවාහ වීමේ අපෙක්ෂාවෙන් ඇසුරු කළා. මේ පෙම් සබඳතාවයට දෙපාර්ශවයේ මව්පියන්ගේ කැමැත්ත ලැබී තිබූ නිසා ඔවුන් රිසි සේ ඇසුරු කළා.
 
මධුෂාන්ගේ පෙම්වතිය කඳාන ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක කලක සිට සේවයේ නිරත වුණා. අනතුරුව මධුෂාන් හා ඔහුගේ පෙම්වතිය එක්ව රාගම, කුරුකලාව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් ද පවත්වාගෙන යාමට කටයුතු කළා.
 
මේ යුවළ ලබන දෙසැම්බර් මාසයේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඒ සඳහා පැවැත්වීමට නියමිත මංගල උත්සවය සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරගනිමින් සිටියා.
 
මධුෂාන් ඒ අනුව කැළණිය, දිගිපිටිගොඩ ප්‍රදේශයේ සිට ඔවුන්ට අයත් රාගම කුරුකුලාව ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයට පැමිණ තම විවාහ උත්සවය පිළිබඳ පෙම්වතිය සමඟ සාකච්ඡා කළා. ඉන් අනතුරුව මධුෂාන් සිය මෝටර් සයිකලයෙන් තම පෙම්වතියේ ජාඇල, උතුරු බටගම ප්‍රදේශයේ පිහිටි නිවසට කැඳවා ගෙන ගියා.
 
එහිදී ඔවුන් සතුටු සාමිචියේ යෙදී සිට තම විවාහ උත්සවයට අවශ්‍ය ඡායාරූප ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කළා. ඉන් අනතුරුව මධුෂාන් සිය නිවසට ඒමට පෙම්වතියගේ නිවසින් පිටත් වුණා. මේ අතර මධූෂාන්ගේ පෙම්වතිය ඔහු නොදැනුවත්ව පසුගිය කලයේ ජාඇල බෝධිරාජාරාම පාරේ පදිංචි කායවර්ධන මධ්‍යස්ථානයක වැඩ කරන විසි දෙහැවිරිදි තරුණයෙකු සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබුණා.
 
ඇය නිරන්තරයෙන් එම මධ්‍යස්ථානයට ගොස් කායවර්ධන කටයුතුවල ද නිරත වුණා. එහිදී මේ දෙදෙනා අතර ඇති වූ කතාබහ අවසාන වී ඇත්තේ සමීප සම්බන්ධතාවයකින්.
 
ඉන් පසුව ඇය මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන තරුණයාගේ නිවසට පවා යමින් එමින් සමීප සම්බන්ධය දිගින් දිගටම පවත්වාගෙන යන්නට වග බලාගෙන තිබුණා.
 
අනතුරුව එම විසි දෙහැවිරිදි තරුණයා මෙම තරුණියගේ බාල සොහොයුරාගේ මිතුරෙකු බවට පත්ව ඇත්තේ ටික කලකදී යි.
 
ඒ නිසා මෙම තරුණයා දිගින් දිගටම තරුණියගේ නිවසට යමින් ඔවුන්ගේ ළඟම හිතවතෙකු ලෙස මාස දහයක පමණ කාලයක සිට ඇසුරක් පවත්වා ගෙන තිබුණා.
 
මධුෂාන් තම පෙම්වතියගේ මෙම සමීප ඇසුර පිළිබඳව පසුව දැන ඊට විරෝධය පළ කර තිබුණත් පෙම්වතිය එය නවත්වා තිබුණේ නැහැ.
 
මේ සිද්ධිය වූ දින මෙම කායවර්ධන මධ්‍යස්ථානයට පැමිණි විසි දෙහැවිරිදි තරුණයා සිය මෝටර් බයිසිකලේ අංක තහඩු ගලවා එහි පසුපස පැදිකරු ලෙස 19 හැවිරිදි තරුණයෙකු සමඟ පැමිණියා.
 
ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසේ සිට තම නිවස බලා යමින් සිටි මධුෂාන්ගේ මෝටර් බයිසිකලය පැමිණෙන තෙක් දෙදෙනෙක් මාර්ගයේ රැඳි සිටියා. මධුෂාන්ගේ මෝටර් බයිසිකල මඟ හරස් වන අයුරින් මේ දෙදෙනා සිය යතුරු පැදිය හරස් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර බහින්බස් වීමක් ඇති වුණා.
 
එහිදී දෙදෙනා පැමිණි මෝටර් බයිසිකලයේ දකුණු පසුපස අසුනේ සිටි 19 හැවිරිදි තරුණයා මොහොතකින් ක්‍රියාත්මක වී මධූෂාන්ගේ ගෙල ප්‍රදේශයට මන්නා පිහි පාරක් එල්ල කරනු ලැබුවා. අනතුරුව ඔවුන් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගියා.
 
පසුව කැළණිය කොට්ඨාස විමර්ශනාගාරයේ (සොකෝ) නිලධාරින් එහි පැමිණ මේ ඝාතනය සිදුවූ ස්ථානයේ විමර්ශන කටයුතු ආරම්භ කළා.
 
කඳාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම් කර ආරක්ෂාව යෙදුවා.
 
පසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තියුණු ආයුධයකින් ගෙල කැපීම නිසා රුධිරය වහනය වීමෙන් මධුෂාන්ගේ මරණය සිදුවී ඇති බවට නිගමනය කෙරුණා.
 
පසුව පොලිසිය සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේදී අපරාධය සිදුවූ මාර්ගයේ අංක තහඩු නොමැතිව මෝටර් බයිසිකලයක නැගී සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කළ ආරාක්ෂිත හිස්වැසුම් පැළඳී දෙදෙනෙකු ගමන් කරන අයුරු දැක ගැනීමට හැකිව තිබෙනවා. ඉන් පසුව ක්‍රියාත්මක වූ පොලිසිය මධුෂාන්ගේ බාල සොයුරාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ප්‍රධාන සැකකරු විසින් ඊට රවා තිබූ කෙටි පණිවුඩ ඔස්සේ විමර්ශන ඇරඹුවා.
 
මධුෂාන්ගේ පෙම්වතියගේ බාල සොහොයුරා ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන අයෙක්. මේ පිළිබඳව දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණය වුණා.
 
ඒ අනුව ප්‍රධාන සැකකරු වූ කායවර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන සැකකාර 22 හැවිරිදි අනියම් පෙම්වතා හා ඔහුගේ 19 හැවිරිදි මිතුරා සැකපිට අත්අඩංගුවට ගැ‍ණුනා.
 
පොලිසිය මේ සැකකරුවන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනයට යොදා ගත් මන්නා පිහිය, මෝටර් බයිසිකලය හා ජංගම දුරකථන පොලිස් භාරයට ගැණුනා.
 
අනතුරුව 22 හැවිරිදි සැකකරු එම තරුණිය සමඟ ගත් ඡායාරූප රැසක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.
 
මේ ඝාතනය ගැන පෙම්වතා පාපොච්චාරණයක් සිදු කර තිබුණා.
 
පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
ඝාතනය කෙරුණු මධුෂාන්ගේ පියා නොයෙල් අබේරත්න පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් මෙසේ සඳහන් කළා...
 
"මගේ පුතා වසර අටක පමණ කාලයක් සිට ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන සිටියා. ඔවුන්ගේ විවාහයට දෙපාර්ශවයේම කැමැත්ත ලැබී තිබුණා. පුතා ඉදිරියේ විවාහ වීමට අපේක්ෂාවෙන් මංගල උත්සවය සඳහා ලක ලෑස්ති වෙමින් සිටියා. මීට අමතරව පුතා නිවසක් සෑදීමට අවශ්‍ය මුදල් එකතු කරගෙන හිටියා..."
 
-ගණිදු රෝචන සමරතුංග
 
ප.ලි.
 
මියගිය මධුෂාන්ගේ සොයුරා විසින් සිය සොහොයුරාගේ ඝාතනය ගැන සංවේදී සටහන් කිහිපයක් සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා.
 
"බය නැතුව ඉන්න මගේ දෙයියෝ.. කවුරු නැතත් මම ඉන්නවා. ආදරෙයි මගේ දෙයියෝ හැමදාමත්.. ඒ ආදරේ කවදාවත් නැති වෙන් නෑ. මගේ අයියා විතරයි මගේ ජීවිතේ.. ආදරෙයි මගේ අයියේ හැමදාමත්.."
 
"ඇයි අයියේ මාව දාලා ගියේ එහෙම. මම එනකන් ඉන්න බැරි වුණාද අයියට? අයියා මෙහෙම දාලා යයි කියලා දන්නවනම් මම අයියා ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ අයියේ. මම අයියා ළඟටම වෙලා ඉන්නවා.."
 
එමෙන්ම නිමංකට සමීප බොහෝ පිරිසක් ඔහු ගැන මතකය අවදි කර තිබුණේ මෙහෙමයි...
 
"නිමන්ක මල්ලි අද මේ විදිහට එයාගේ තාත්තා, අම්මා ,සහොදරයො, නැදැයො,යාලුවො ,හිතවතුන් ඔක්කොම දාලා ගියා...හරිම දුකයි එ වගේම හිතට අමාරුයි .."
 
"ජිවිතේ තමුන්ට ආදරය නොකරන කෙනෙක්ට තමුන් පමනක් පන වගේ ආදරය කරන්න යන්න එපා ...ආදරයට ආදරය කරන්න දන්න මිනිස්සු ලග ආදරය සෙනේහස තිබ්බාට එක නොදන්න තිරිසන් මිනිස්සුත් ඉන්නවා එහේම මිනිස්සු වෙලාසනම අදුර ගන්න එහෙම නොවුනොත් ඔබටත් හේට මේ වගේ ඉරනමක් අත්වෙන්න පුලුවන් ...."
 
නිමන්ක .....මස්සිනා.....මල්ලි ...
 
නැදැයන්,උබේ හිතවතුන් හැමොම එකට එකතු වෙලා,
උබ වෙනුවෙන් හැමොම එකට එකතු වෙලා. ගෙවන අවසාන පැය කිහිපය...
 
හැමොම බලාපොරොත්තු උනේ උබ වෙනුවෙන්, උබේ අනාගත සතුට වෙනුවෙන්, සතුටු වෙන්න... එකට එකතු වෙලා මේ දෙසැම්බර් 6...එ උබ , උබේ ජිවිතේ ගොඩක්ම සතුටු වෙන දවසේ...
 
හැබැයි හිනෙන් වත් නොහිතපු, අකල් මරනයක් එක්ක හැමොටම මෙහේම උබේ වියොව,බෙදාගන්න,දරාගන්න,එකට+ එකතු වෙන්න වෙයි කියලා හිතුවේම නෑ මල්ලි...
 
මේ උබ ගේනාපු පොලොවේ උබේ ආයුශ...එහේම හිතලා හැමොම හිත හදාගන්නවා...හොරාට..
ශරිරය මැරුවා , එත් උබේ ආත්මය සදාකාලිකයි මොකද උබ යහාපත් මනුස්සයෙක්...
 
අද හැමොම උබව සිහිකරේ එක් සිත්ව මේ විදිහට...උබව සිහිකරලා 7 දවසේ..හැමදාම උබ අපේ සිත් වල ජිවත් වෙනවා මස්සිනා..
 
හෙටින් පස්සේ උබ ගැන ,තම තමුන්ගේ ජිවිත වලදි එකිනෙකාට මගහැරෙවි එදිනෙදා රාජකාරි එක්ක මතකය තිබ්බත්...එත් අදටත් මුලු ආත්මෙන්ම හඩා වැටේන උබේ දෙමාපියන්ගේ හිත් හදන්න අපි දන්නේ නැ මල්ලි...එ දුක අපිටත් දරාගන්න අමාරුයි....
 
මෙතනින් එහාට මේ කතාව,තව කෙනෙක්ට ජිවිතයට ආදර්ශයක් මිස , ජිවිතයක් මේලේස විනාශ වුන සමාජ පුවතක් මේ කන් වලට ,ඇස් වලට දකින්න අහන්න නොලැබේවා....!!!
 
R.I.P.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top