Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
28
“ඒකි ලස්සනයිලූ.. මූ වශී වුණාලූ.. කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා කිව්වා..” - තරුණියගේ මළමිනියත් එක්ක හනිමූන් ගොස් එළිවෙනකම් සතුටු වී, එන හැම ගැහැනියක් එක්කම ලිංගිකව එකතු වුන, ප්‍රසිද්ධ මල් ශාලාවක වැඩ කරපු ගාල්ලේ කොල්ලෙකුගේ පුදුම හිතෙන කතාව - Photos [Exclusive]

- “ඒකි ලස්සනයිලූ.. මූ වශී වුණාලූ.. කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා කිව්වා..” - තරුණියගේ මළමිනියත් එක්ක හනිමූන් ගොස් එළිවෙනකම් සතුටු වී, එන හැම ගැහැනියක් එක්කම ලිංගිකව එකතු වුන, ප්‍රසිද්ධ මල් ශාලාවක වැඩ කරපු ගාල්ලේ කොල්ලෙකුගේ පුදුම හිතෙන කතාව - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100 Views
“...ඔය අවුරුදු හතළිහේ පනහේ ගෑනු එක්කත් මූ ඉඳලා..”
 
“ඌ මහා සතෙක් කියලා විතරයි මට කියන්න තියෙන්නේ.”
 
“ඌ ඇත්තටම ඒක රස කරලා කියනවා. ඌ ගත්තු ආතල්..”
 
“අයියේ ඔයා කිව්ව විදිහේ හාදයෙක් ඉන්නවා.. ආටිකල් එකට ගැළපෙනම විදිහේ...”
 
ඒ මාතෘකාව බොහෝම බැරුරූම් එකක්. ඒක මේ විදිහට ඔබට පැහැදිලි කරන්න පුළුවන්.
 
“මළසිරුරු සමඟ ලිංගිකව එකතු වෙන මිනිස්සු..”
 
ඒක ටිකක් විතර (ටිකක්මත් නෙවෙයි.) අප්‍රසන්න මාතෘකාවක්. කවුරුත් කතා කරන්න අකැමැති පිළිකුල් සහගත මාතෘකාවක්. ප්‍රැක්ටිකලි මේ ගැන කතා කරන්න පුළුවන් විදිහේ හාදයෙක්ව මම හොයමින් හිටියේ බොහෝ කාලෙක ඉඳලයි..

නමුත් මොකද්දෝ හේතුවකට එහෙම කෙනෙක් හොයාගන්න එක මට තරමක් අපහසු කාරණාවක් වෙනවා. මේ කාලය අතරතුරදී තමයි සුදේශ් වසන්තගේ “හුස්ම” ෆිල්ම් එක රිලීස් වෙන්නේ. “හුස්ම” ෆිල්ම් එක ඔබ දැනටමත් බලලා තියෙන කෙනෙක් නම්.. මම ඒ ගැන වැඩිය කියන්න සුදානමක් නෑ.
 
අපි මේ කතා කරමින් ඉන්න “මළසිරුරු සමඟ ලිංගිකව එකතු වෙන අරුම පුදුම මිනිස්සු” කියන කාරණාව “හුස්ම” ඇතුළේ අපූරුවට පෙන්වා දෙනවා. පසු කාලයක රුපියල් සියයේ පන්සියයේ නෝට්ටු-වලින් මළසිරුරක් සමඟ “ආතල් එකක්” ගන්න තලු මරන තරුණයෝ ගැන කතාවකුත් මුහුණු පොතේ පළ වෙලා තිබුණා.
 
ඉතින් දැන් ප්‍රශ්නයක්...? ඇත්තටම මේ කියන දේවල් වෙනවද? වෙනවා නම් ඒ කොහෙද කොහොම ද?
 
මේක එහෙම් පිටින්ම විශ්මය ජනක සහ අරුම පුදුම කාරණාවක් නිසාම ප්‍රගීත් හා එකතුව මම ගවේෂණයක නියැලෙන්න තීරණය කරනවා. ප්‍රගීත් කියන විදිහට එහෙම හාදයෙක් දැන් ඔහු සමීපයේ ඉන්නවා...
 
“මිනිහා කැමතිද සේරම කියන්න...?”
 
“කැමතියි.. ඌ ගාල්ලේ කොල්ලෙක්... ඒත් මම හිතන් නෑ.. අයියා හොයන විදිහේ විස්තරයක් මිනිහා ළඟ තියේවී කියලා..?” ප්‍රගීත්ගේ කටහඬ. මම මගේ ලැප්ටොප් එක අකුළ ගත්තා.
 
“ඌව විනාඩි පහක් නවත්ත ගනින්.. අයැම් ඔන් ද වේ....!!”
 
138 නැඟලා කොටුවෙන් බහිනකොට වෙලාව හරියටම පහ හමාරයි. ඔරලෝසු කටුවේ තප්පර ගණනේ ගණන් හැදෙනකොට කොරෝනාවට යට වෙච්ච මුළු කොළඹම පාළුවට ගිහින් තිබුණා. ඒත්... කෙළවර හෝල්ටුවක් සැමන් ටින් අඩුක් කළා වගේ පේන්න තිබුණා. මම කොළඹ අහස දිහා නුහුරෙන් බලාගෙන ප්‍රගීත්ගේ ඇමතුම දිගේ හෝල්ටුවේ කෙළවරක් වෙනකන් බඩ ගෑවා.
 
ඔහු සමන්.............. අපේ කතා නායකතුමා..! හීන්දෑරි හාදයෙක්.! (ඇත්තටම මේක ඔහු ගැන වරුණාවක් නෙවෙයි.) මල් ශාලාවක වැඩ කරපු.. ඒ හැම අහු මුල්ලක්ම හොඳින් දැන අඳුනන එකෙක්...
 
“සර්ලා ඔය සහසුද්දෙන්ම අහන්නේ මළිමිනී එක්ක සෙක්ස් කරන සීන් එක ගැනනේ..?” ඌ කතාව පටන් ගත්තේ එහෙම. මම ලැප් ටොප් එක දිග අරිනකන් නෝට් බුකියේ තිබුණු ප්‍රශ්න පත්තරය ප්‍රගීත් උගේ අතට ගත්තා.
 
“ඔව්.. පැහැදිලිවම ඒක තමයි.. අපිට දැනගන්න ඕනි.. මේ දේවල් ඇත්තටම අපේ රටේ වෙනවද කියලා...?”
 
“කවුරුත් එහෙම වෙන්නේ නෑ කියලා කිව්වද සර්ලාට...” හීන්දැරී කොලුවා හෝල්ටුවේ එක ළඟ අලවා තිබුණු ප්ලාස්ටික් පුටු රොත්තකින් එකකට බර දුන්නා.
 
“මුල ඉඳන් පටන් ගමු...”


 
“මේකයි සර්.. සර්ලා දන්නවනේ මළමිනියක් කියන්නේ කුණු ගඳ ගහන අප්‍රසන්න දෙයක්නේ.. කවුද මිනීයක් එක්ක සෙක්ස් කරන්න හිතන්නේ. ඒක ටිකක් හිතෙනකොටත් අවුල් කියලා හිතෙන් නැද්ද? හැබැයි... මේ මෑතක ඒ වගේ සීන් වෙනවා කියලා දැනගන්න ලැබුණේ නෑ...”
 
“මේ අහන්නකෝ.. මට කියන්න ඔයා කවදහරි.. ඔය දන්න අඳුනන කෙනෙක් ඒ වගේ දේවල් කරනවා කියලා අහලා තියනවද?” මගේ ඊළඟ ප්‍රශ්නය. හීන්දෑරි හාදයා හිනාවුණා. යන්තමින්...
 
“දෙයියම්පා සර් ! මගේ ඇස් දෙකෙන් නම් මම දැකලා නෑ. බොරු කියන්න ඕනි නෑනේ.. හැබැයි දැනට අවුරුදු ගාණකට කලින් මම එම්බාම් වැඩ-වලට ආපු මුල් දවස්වල.. මම හොඳටම දැනන් හිටපු කොල්ලෙක් මළමිනී-වලින් ආතල් අරන් තිබුණා. ඌ ඒවා මට කිව්වා.. (මේ සර්ලා මේකේ මගේ නම නම් දාන්න එපා හොඳේ.) ඒක අහන් ඉන්න අප්පිරියයි.. ඉස්සර අද කාලේ වගේ නෙවෙයිනේ සර්. මිනී එම්බාම් කරද්දි සාමාන්‍ය යෙන් කාටවත් ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඒක නිකන් රහසිගත වැඩක් කියලනේ කියන්නේ. ඌ වැඩකරපු..... (ඔහු මල් ශාලාවක නමක් කියයි.) එකෙන් කොහොමත් ඔය විදිහට මිනී එම්බාම් කරන්න එවනවා.... සමහරක් මිනී ගන්න එන්නේ පහුවදාට.. මේ කියන කොල්ලාට මුලින්ම ඔය ආසාව ඇති වෙලා තියෙන්නේ ලස්සන කෙල්ලෙක්ගේ ඇඟ දැකලා...?”


 
“දෙයියනේ...!!” ප්‍රගීත් මගේ දිහා බැලුවා. මම තාමත් මේ කතා කියන හාදයා දිහා විශ්මයෙන් බලාගෙන.. ඔහු ඒක කියන්නෙත් බයෙන්... හරියට පාපොච්චාරණයක් කරනවා හා සමානව... ඉතින් දෙයියනේ!! මේ වගේ දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?
 
“එක ලස්සන කෙල්ලෙක් මැරිච්ච.. ඕකට ඉතින් ඔය පරීක්ෂණ එහෙම කරලා හොස්පිට්ල් එකෙන් එවද්දි රෑ වෙනවනේ.. අපේ කොල්ලාට තමයි ඕක එම්බාම් කරන වැඩේ භාරවෙලා තියෙන්නේ.. ඒකි ලස්සනයිලූ.. මූ වශී වුණාලූ.. කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා කිව්වා... ඒ විදිහට මූ එළිවෙනකන්ම අර මිනීයත් එක්ක සතුටු වෙලා. හිතන්නකෝ සර්... මළමිනියක් එක්ක.. ඌ කියනවා ඒක හරියට හනිමුන් එකක් වගේ දැණනලු ඌට.. හැබැයි මේ ගැන කවුරුත් දන්නේ නැහැ...” ඌ ඒ ටික කියන්නේ බිරාන්ත වෙලා වගේ.. සමහරක් රූපණ මේ චිත්‍රපටි කතාවට ගළපන්න අමාරුයි. මම වේගයෙන් හුස්ම ඉහළ පහළ අරන් ගියා.
 
“ඉතින්... තවත් අය එක්කත් එයා එහෙම ලිංගිකව එකතු වෙලාද?”


 
“නැත්තම් සර්... ඌට මේ සෙල්ලම නවත්තගන්න බැරිවෙලා.. කොටින්ම ලස්සනද නැද්ද බලන්නේ නැතුව එම්බාම් කරන්න එන සමහරක් ඔය අවුරුදු හතළිහේ පනහේ ගෑනු එක්කත් මූ ඉඳලා..”
 
“මට මේක කියන්නකෝ.. ඔය කියන කොල්ලාව ඔයා හොඳට දන්නවද? මම මේ කියන්නේ.. සාමාන්‍ය යෙන් අපි ඕක මානසික රෝගී තත්ත්වයක් කියලනේ කියන්නේ. එහෙම වෙන්න නම් එයාට මොකක් හරි අවුලක් වෙලා තියෙන්නත් පුළුවන්...” මගේ ප්‍රශ්නය අවසානයේ ඔහු මහා අමුතු විදිහට හිනාවුණා.
 
“මොන අවුලක්ද සර්.. ඌට මම දන්න විදිහටනම් කිසි අවුලක් නෑ. හැබැයි අම්මා පොඩි කාලේ නැති වුණ කතාවක් කිව්වා. ඒ ඇරෙන්න ඌ ඔය ගණිකාවන්ට එහෙම ඇබ්බැහි වෙච්ච එකෙක්. කොයි වෙලෙත් උන්ව සෙට් කරන් උන් එක්ක ඉන්න යනවා.. ඔය සර්ලා කියන විදිහේ ප්‍රශ්න අවුල් කිසි දෙයක් ඌට නැහැ.. උගේ මානසිකත්වය කෙසේ වෙතත්... ඌ මහා සතෙක් කියලා විතරයි මට කියන්න තියෙන්නේ. මොන අසහනාකාරයෙකුටද සර් මළමිනියක් එක්ක බුදියන්න පුළුවන්...? මමත් එම්බාම් කරලා තියනවා.. ලස්සන අවලස්සන ගෑනු ඕනෑ තරම්.. දෙයියම්පා ! මට එහෙම ආසාවල් දැනෙන් නෑ.. මට තාමත් ඌ ඒ කතාව රහ කරලා කියපු විදිහ මතක් වෙද්දි අප්පිරියයි...”
 
“මේ කතාවේ හැටියට හුඟක් උන් ඉන්නවා මේකට ඇබ්බැහි වුණු? එහෙමද?” මගේ ඊළඟ ප්‍රශ්නය.
 
“ඔව් සර්... ඔය ගොඩාක් උන් මිනී එම්බාම් කරන... මල් ශාලාවලට වැඩ කරන උන්මයි. උන්ම තමයි ඔය කියන සීන් එකේ වැඩියෙන්ම ඉන්නේ.... අරූ කියනවා එහෙම අය ඌටත් හම්බෙලා තියෙනවලූ.. ඒක ආතල් එකක් මිසක් ඒ මිනිස්සුන්ට වරදක් කරනවා කියලා ඌ හිතන් නෑ. ඌ කියන්නේ මළමිනියක්.. පණ නැති කෙනෙක්නේ. ඒකට මුකුත් කළාට අවුලක් වෙන් නෑ කියලා..”
 
“දැනුත් ඔය දේවල් වෙනවද? මම මේ ඇහුවේ දැන් ඔයා කියන්නේ අවුරුදු ගාණකට කලින් වෙච්ච කතාවක්නේ... මට කියන්නකෝ.. දැන් තත්ත්වය ගැන..?”
 
“අනේ නෑ සර්.. දැන් ඔය සෙල්ලම් වෙන්නේ නෑ මම දන්න විදිහට. ඉස්සර තමයි ඔය බඩවැල් එළියට අරන් එම්බාම් කොරලා මල් ශාලාවේ තියලා පහුවදාට අරන් යන්නේ.. දැන් ඔය හැමදේම අපි කරන්නේ ඒ අයගේ ගෙවල්වලට ගිහිල්ලයි.. කෙළින්ම ෆෝමලීන් ගැහුවා. වැඩේ ක්ලෝස් කළා. ඔය කියන සෙල්ලම් නටන්න බෑ දැන්.. මොකද සමහර වෙලාවට වැඩේ කරන තැනට ගෙවල්වල කෙනෙක් දානවා බලන් ඉන්න.. මම හිතන්නේ එහෙම සංස්කෘතියක් හැදුනේම ඒ සීන් ගැන මිනිස්සු දැනගත්ත නිසා තමයි.. මම මේ කියන්නේ සර්ලා නෙවෙයි ඔය මළමිනී සෙක්ස් ගැන මගෙන් මුලින්ම අහපු කෙනා.. හුඟක් අය හිතන් ඉන්නේ එම්බාම් කරන හැම එකාම මළමිනී එක්ක බුදියලා ආතල් ගන්නවා කියලා.. ඒත් ඒක ඇත්ත නෙවෙයි සර්...!!” උගේ හඬ බාල වුණා. ප්‍රගීත් නෝට් බුකිය වැහුවා. කතාවට තිත් කොමා නොතියා මම ටික වෙලාවක් මුනිවතින් උන්නා..
 
දැන් ආකාසේ නිදාගන්න වෙලාව. කළු වළාකුළු ඒ අහස පොරෝගන්න ගමන්... තවත් එක අප්‍රසන්න කතා පුවතකට පස්සෙ මම අර හාදයාට ස්තුති ප්‍රශංසා කළා. ඌ උගේ අත් දෙක එක්කහු කළා විතරයි.
 
“සුළු දෙයක් සර්... ඕනෑ වෙලාවක කතා කරන්න.. අනේ මගේ නමක් නම් ගාවන්න එපා...!! මම ඔය සීන් ගැන දන්න ටික තමයි ඔය කිව්වේ.. මළිමිනී එක්ක ලැග්ගට අපි කරන්නෙත් රස්සාවක්.. මම මිනියක් එම්බාම් කරලා අනිවා අරක්කු කාලක් ගහනවා. නැත්තම් මට ඒ වෙලාවට ඉන්නම අමාරුයි... සර්ලාට තේරෙනවා ඇතිනේ.. සර්ලා වගේ ඔය ලැප්ටොප් උස්සන් යන එන ජොබ් එකක් නෙවෙයිනේ.. අපි වැඩ කරන්නේ කුණු වෙච්ච ඇඟ පතවල් එක්ක..” ඌ ඒක කියන්නේ දුකකින්. ප්‍රගීත් මගේ දිහා බැලුවේ මුකුත්ම නොකියා. අඩුම ගාණේ පැහැදිලි නාම පුවරුවක්වත් නොදක්වා... මම ආයෙම අර හාදයා දිහා බැලුවා.
 
“අර කියපු කොල්ලා හම්බුණේ නැද්ද ආයෙම?”
 
“නැහැ... ඌයි මායි ගොඩක් කල් එකට වැඩ කළා. දැන් ඌ මෙහේ නෑ කියලයි ආරංචි.. මම දන්නේ නෑ ඌ ගැන කිසිම විස්තරයක්.. හොයන්න උවමනාවකුත් නෑනේ ඉතින්... හැබැයි සර් එක දෙයක්.. අඩියක් ගහන ගමන් ඌ කියන ඒ දේවල් ඇහුවාම මට හිතෙන්නේ... ඌ මානසික ලෙඩෙක් කියලා තමයි.. ඌ ඇත්තටම ඒක රස කරලා කියනවා. ඌ ගත්තු ආතල්.. (ඒ හැම ආතල් එකක්ම මෙහි ලිවීම සුදුසු නොවේ.) ඒවා ඒ වුණාට අහන්න පුළුවන් විදිහේ ආතල් එහෙමත් නෙවෙයි....”
 
බස් එකක් හෝල්ටුව ළඟ ගාල් වෙද්දි ඌ අන්තිම පාරට අපිට අත වැනුවා. මම උගේ අත් මිටට රුපියල් පන්සීයේ නෝට්ටුවක් ගුලි කළා.
 
ප්‍රගීතුයි මායි බෝඩිමට කඩා පාත් වෙද්දී මධ්‍යම රාත්‍රීය 12 පහුවෙලා තිබුණා.
 
By Samitha Lakshan
(විශේෂ ස්තුතියි ප්‍රගීත් එස්. නාලින්ද.)
 
පසු සටහන>>>>>>>>>>>>>>>>>>>>
 
සැබැවින්ම මළසිරුරු සමඟ ලිංගිකව එක්වනවා යනු ජුගුප්සාව දනවන හැසිරීමක් වන අතර මෙය මනෝවිද්‍යාවේදී නම් කෙරෙන්නේ (Necrophilia) ලෙසටයි.
 
මෙහි සිංහල අරුත විග්‍රහයට ගතහොත් මියගිය තැනැත්තන් මියගිය අයගේ සිරුර (මෘතදේහ) කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ෂණය සහ මෘතදේහ සමග ලිංගික ක්‍රියාවල නියෑලීමට යෙදීමට දක්‌වන්නාවූ අරුමාකාර ආශාව ලෙසට නම් කළ හැකියි.
 
මෙම චර්යාවට යොමුවූ නැනැත්තන් එළිපිට හඳුනාගැනීම සොයාගැනීම උග්‍රතර අපහසු කාරණයක්.


 
එහෙත් මෙබඳු තැනැත්තන් 34 දෙනෙකු යොදා සුවිශේෂී ආයතනයක්‌ දියත් කළ Rosman හා Resnick (1989) මළමිනියක්‌ සමගින් තම රාගය අවදි කරවා ගන්නට ඔවුන් යොමු වූ පොළඹවනු ලැබූ කාරණාවන් පිළිබඳව අධ්‍යයනයක නිරත වූවා. එම අධ්‍යයනයට අනුව එම පුද්ගලයන් මෙලෙසින් තම චර්යාවට අනුගත වූයේ කාරණාවන් කිහිපයක්‌ මුල්කරගෙන යි.
 
තමන්ගේ පරලොව ගිය සොඳුරිය තමන් ව ප්‍රතික්‌ෂේප නොකරන තමන්ට එරෙහිව ප්‍රතිචාර නොදක්‌වන තැනැත්තියක වීම. මළ මිනියකට තමන්ට ලිංගික හිංසනයන්ගෙන් අතවරයන් කරන්නට එන තැනැත්තාට එරෙහිව ප්‍රතිචාර ප්‍රතික්‍රියා දැක්‌විය නොහැකියි. එම නිසා ඔවුහු මෙම ක්‍රියාවලට ප්‍රිය කළ බව අදාළ පර්යේෂණයේදී 68 දෙනෙක්‌ ප්‍රකාශ කර තිබුණා.
 
ප්‍රේමයෙන් වෙලී හද බැඳී ඒ රුව මිලින වී ගිය පසුද තමන්ගේ මියගිය රසවතිය සමගින් අතීත ආදරයට පණදීම සඳහාම මෙබඳු ක්‍රියාවක නිරත වූ බව මෙම පර්යේෂණයට යොමුවූ 21 දෙනෙක් පැවසුවා.
 
මළ මිනියක්‌ දුටුවිට තමන්ගේ සරාගී සිත තුළ ඇති ලිංගික සහජාශයන් ප්‍රබල වූ නිසා නිසල මළ සිරුර සමඟ ලිංගිකව එක්‌ වූ බව තවත් 15 දෙනෙකු සඳහන් කර තිබුණා.
 
තමන් හුදකලාව සිටින නිසා තමන්ගේ තනිකම පාලුව යටපත් කර ගැනීම සඳහාත් තමන්ට කිසියම් ආත්මීය පහසුවක්‌ ලබාගැනීම සඳහා මෙම හැසිරීමට තමන් යොමු වූ බවයි මෙයින් 15 දෙනෙකු සඳහන් කර තිබුණේ.
 
තමන් විසින් ඝාතනය කරනු ලැබූ තැනැත්තියකට එරෙහිව ලිංගික ක්‍රියාවක යෙදීමෙන් තමන් සතු බලය ප්‍රකාශ කිරීමට මෙම චර්යාවෙහි නිමග්න වූ බව 12 දෙනෙක් සඳහන් කර තිබුණා.
 
නිසල මළ සිරුරක්‌ සමග ලිංගික පහසුව සොයන මේ අරුමාකාර ලිංගික රාගිකත්වය හෙවත් Necrophilia පිළිබඳව පර්යේෂණ ලෝකයේ සිදුව ඇත්තේ අවම වශයෙනුයි. සත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මෙම හැසිරීම් රටාවන් සත්ත්ව පරපුරේ උරග විශේෂ වඳුරු විශේෂයන් අතරේදී දැකගත හැකි බවයි.
 
එහෙත් මානව සමාජයේ මේ වන විටත් මෙම චර්යාවට යොමු වූවන් පිළිබඳව කතිකාවතක්‌ දක්‌නට තිබේ. Rosman සහ Resnick ප්‍රකාශ කරන්නේ මෙබඳු හැසිරීමත් පිළිබඳව තමන්ගේ නින්දේදී කල්ගත කර සිහින දකින උදවිය සිටියත් ඒවා ප්‍රායෝගික ලෝකයේදී ක්‍රියාත්මක කරන්නට බොහෝ දෙනා බියවන වගයි. එහෙත් Kiaf සහ Brown යන පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මළමිනී සමග ලිංගික කාර්යයන් පිළිබඳව සිහින දකින සිහින මවන උදවිය සමාජයේ අප සිතනවාට වඩා බෙහෙවින් ඉහළ මට්‌ටමක සිටින බවයි.
 
-ඉහත සටහනේ ගෞරවය ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
සමාජවිද්‍යාව හා අපරාධ විද්‍යාව
පිළිබඳ හිටපු කථිකාචාර්ය.-
 
අපි මෙම Necrophilia හෙවත් මළසිරුරු හා ලිංගික කාර්යයේ යෙදෙන පිරිස් සම්බන්ධයෙන් වන මානසික තත්ත්වයන් ගැන, රජයේ විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා විශේෂවේදී අවසන් වසර විද්‍යාර්ථයෙක් සමඟ කතා බහ කළා...
 
ඇත්තටම මළසිරුරු සමඟ එකතු වෙන හැම කෙනාම මානසික රෝගීයෙක්ද?
එහෙමම අර්ථ දක්වන්න අමාරුයි. මළසිරුරක් කියන්නේ අප්‍රාණික දෙයක්.. ඒ කියන්නේ පණ නැති වස්තුවක්.. ඒ වගේ කෙනෙක් එක්ක ලිංගිකව එකතු කරන්න ආස කරනවනම් ඒක අපිට මානසික තත්ත්වයේ අවුලක් කියලා සරලවම හඳුන්වන්න පුළුවන්. ඒ දේ වෙන්නේ ඒ කෙනාගේ ඒ මොහොතේ මානසික තත්ත්වය අනුව. මෙහෙම හිතන්නකෝ.. කෙනෙක් මළසිරුරක් සමඟ ලිංගිකව එකතු වෙනවා. පස්සෙ එයාට පසුතැවීමක් ඇති වෙනවා තමන් කරපු දේ ගැන.. ඒක එයා කරන්නේ තමන්ට ඒ මොහොතේ ඇති වන හදිසි ආශාව නිසා.. එක්කෝ අර නිරුවත් ශරීරය දැකලා පාලනය කරගන්න බැරිම තැන ඒ දේවල් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට මේ දේවල් සිද්ධ වෙන්නේ මිනී එම්බාම් කරන පුද්ගලයින් අතින්...
 
මේ දේ අපිට වර්ග කිරීමක් කරන්න පුළුවන්ද?
මෙහෙමයි... හුඟක් වෙලාවට බොහෝ දෙනෙක් මේ විදිහේ අස්වාභාවික හැසිරීමකින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ සැබෑ ජීවිතේ බිඳ වැටීම්. මම මෙහෙම කියන්නම්කෝ.. හුඟක් මළසිරුරු එක්ක සංසර්ගයේ යෙදෙන්න ගන්න පිරිසක් ඉන්නවා ඔවුන් සැබෑ ජීවිතේ ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන පිරිස්.. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ සහකාරියගෙන් ප්‍රතික්ෂේප වුණු අය. ඉතින් ඔවුන්ට උවමනා වෙනවා ඒ දේ වෙන කෙනෙක් ලව්වා සපුර ගන්න. ඒක තරම් අමානුෂික වුණත් අර කිසිම ජීවයක් නැති මළසිරුරකින් ඔවුන් සතුටු වෙන්න උත්සහා කරනවා වෙන්න පුළුවන්...
 
ඊළඟ දේ තමයි සමහර අයගේ මානසික තත්ත්වය අනුව ඔවුන් ආස කරන්නේ ලිංගික කාර්යේදී සපා කෑම්, සියුම් සිපගැනීම්, රිදවීම්.. ආදි දේවල්-වලින් තෘප්තිමත් වෙන්න.. මේක සාමාන්‍ය ලිංගික චර්යාව නොවන නිසා ඔවුනුත් මේ කියන කැටගරි එකට වැටෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම මේ අපි කතා කරන මළසිරුරු සමඟ ඇත්තටම සහ සම්බන්ධ වෙන්නේ ලිංගික කාර්යය වෙනුවෙන්ම නෙවෙයි. ඔවුන් ආසයි අර කියන පුංචි පුංචි දේවල්වලිනුත් තෘප්තිමත් වෙන්න. ඔවුන් ඒ සිරුර ස්පර්ශ කරමින්, සපා කමින් හෝ රිදවීම් මඟින් ඒ තෘප්තිය ලබා ගන්නවා.
 
අනිත් දේ තමයි.. සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන් කැමතියි කුඩා දරුවන් ලවා සතුටු වෙන්න... ඒක සැබෑ ජීවිතයේදී ඔවුන්ට අතිශය අපහසු කාරණාවක්. ඔවුන්ට සිතැඟි පරිදි ඒ දේවල්-වලට යොමු වෙන්න බැහැ. මේ හේතුව මත අර ඇතැම් මළසිරුරු එක්ක ලිංගිකව හැසිරෙමින් හෝ ඔවුන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්නවා. මේ දේවල් සදාචාරාත්මකව කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් මේ විදිහේ ඇබ්බැහි වීම්... මේ විදිහේ මානසික මට්ටම් තියෙන පුද්ගලයන් අපි අතරේ ඉන්නවා..
 
ඒ වගේම තමයි.. වයෝවෘද්ධ කාන්තාවන්ට ප්‍රිය කරන අය.. ඒ අයගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු වෙන අය.. මේ හැමදේම වගේ... ලිංගික කාර්යයම බලාපොරොත්තු නොවී නග්න සිරුරක් දැකලා තෘප්තිය ලබන්න ආස කරන අය ඉන්නවා. මේ කියන නග්න සිරුරු හැබැහින් දකින්න ආස කරන පුද්ගලයෝ ඒ ශරීරය අල්ලන්නෙවත් නැතුව ඒ දිහා බලලා තෘප්තිමත් වෙනවා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top