Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
“තාත්තා අමුතු විදිහට හිනාවුනා. ඊට පස්සේ තාත්තා කිව්වා අම්මගේ ලේ දකිනකොට එයාට මාර සතුටුයි කියලා.. එහෙම කියලා එයා..........” - අම්මාට ලේ එනතුරු පහරදී අවසන් ගමනට යැවූ තාත්තා, අමුතු ආශාවක් ඉටුකර ගන්නා හැටි, තම ඇස් දෙකෙන් දුටු දියණියකගේ අනුවේදනීය කතාවක් - Photos [Exclusive]

- “තාත්තා අමුතු විදිහට හිනාවුනා. ඊට පස්සේ තාත්තා කිව්වා අම්මගේ ලේ දකිනකොට එයාට මාර සතුටුයි කියලා.. එහෙම කියලා එයා..........” - අම්මාට ලේ එනතුරු පහරදී අවසන් ගමනට යැවූ තාත්තා, අමුතු ආශාවක් ඉටුකර ගන්නා හැටි, තම ඇස් දෙකෙන් දුටු දියණියකගේ අනුවේදනීය කතාවක් - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,122 Views
“අම්මා ගුටි කන්න පුරුදු වෙලා හිටියේ... තාත්ති කොච්චර නරක වුණත් අම්මා එයාට ආදරෙයි..”
 
“අම්මගේ කොණ්ඩෙන් අල්ලගෙන බිත්තියේ ගැහුව හය හත් පාරක්...”
 
“අන්තිමට අම්මා වැන්ඳා තාත්තාට... එයාටයි මටයි කරදරයක් කරන්න එපා කියලා..”
 
"පුංචි දරුවෙක්ගෙන් එහෙම අහන එක හරි මදි නේද?" මම ආයෙමත් ඒ දේට අදිමදි කළා. ඒත්... අරූ ඔළුව දෙපැත්තට දැම්මා විතරයි..
 
"හරි නැහැ.. කොටින්ම එහෙම අහන්න ඕනි නෑ.. ඒත් අපිට වෙන විකල්පයක් ඉතිරි වෙලා නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ දේ කරන්න..."
 
"මම හිතන් නෑ... තමන්ගේ තාත්තා අතින් එහෙම දෙයක් වුනා කියන එක, එයාට දරාගන්න පුළුවන් වෙයි කියලා... අවුරුදු 14ක ළමෙකුට..." මම එහෙම කිව්වේ නෝට් බුකිය අතට අරගෙන. උසාවි සංකීර්ණය "නිශ්ශබ්ද කලාපයක්" බවට පත් වෙලා තියෙද්දී, සුරූපී තරුණියක් අර පුංචි දෝණිව ඉඹගෙන ගියා. හරියට පරණ කෝන්තරයක් පිරිමහන්නා වගේ මුහුණේ කිසිදු භාව ප්‍රකාශනයක් නැති මේ පුංචි එකිව මම මගේ ළඟට කරගත්තා. ඒකිගේ ළා නිල් පාට ඇස් තාමත් දිලිහෙනවා... වෙච්ච කිසිම දෙයක් නොදන්න අහිංසකී!!

"ඔයාට ඒක කියන්න පුළුවන් වෙයිද?"
 
"තාත්තා ගැනද?" ඒකි හිනාවෙනවා.
 
"ඔව්..........."
 
"ඔයා ඒක දැක්කා?"
 
"එයා අම්මට ගැහුවා සිංහයෙක් වගේ කඩා පැනලා.. අම්මගේ කොණ්ඩෙන් අල්ලගෙන බිත්තියේ ගැහුව හය හත් පාරක්..."


 
"ම්ම්ම්ම්ම්..."
 
"පස්සේ මගේ දිහා තරහින් බලලා උඹ පලයන් ගෙට වේ## කියලා කිව්වා... මම ගියේ නැහැ.. අම්මා පව් නිසා මම එතැනට වෙලා උන්නා වෙන දේ බලාගෙන.. මම කෑ ගැහුවා... මාමේ මාමේ කියලා.. අල්ලපු ගෙදර සුරාජ් අංකල් දුවන් එයි කියලවත් හිතාගෙන... තාත්තා අන්තිමට ගහපු පාරට අම්මට කතා කරගන්න බැරිවුනා. එයාගේ ඔලුවෙන් ලේ ගලන්න පටන් ගත්තා... තාත්තා එයාගේ දිහා බලලා අමුතු විදිහට හිනාවුනා. ඊට පස්සේ තාත්තා කිව්වා අම්මගේ ලේ දකිනකොට එයාට මාර සතුටුයි කියලා.. එහෙම කියලා එයා............." පුංචි ඒකිගේ ළා නිල් පාට ඇස් පෙති දෙක තෙමෙනවා. කඳුළු පෝලිම් ගහපු ඒ ඇස් පිහිලි-වල මදි නොකියන්න දුක තියෙනවා. ඉතින් ඔහේ වැටුණදෙන්..!! මම ඒ මුහුණත නොඅල්ලා මිනිත්තු ගණනක් කා දැමුවා.


 
"කියන්න අමාරුයි නේද?"
 
"නැහැ කියන්නම්... එයා ලේ දකින්න ආසාවෙන් අම්මට ආයෙම ගැහුවා... එයා ඒ... අංකල්... එයා... එයා ලේ ලෙව කෑවා පෙරේතයෙක් වගේ... ඊයා....!!! මම බලන් ඉන්නවා කියලා දැන දැන එයා එහෙම කළා. අන්තිමට අම්මා වැන්ඳා තාත්තාට... එයාටයි මටයි කරදරයක් කරන්න එපා කියලා.. දුවව මෙතනින් යවන්න කියලා... තාත්තා ඇහුවේ නෑ.. තාත්තා හයියෙන් හිනාවේවී ආයෙම අම්මට කරදර කෙරුවා. අම්මා මට කෑ ගැහුව දුවපන්, අංකල්ට එන්න කියපන් කියලා... මම දිව්වා... සුරාජ් අංකල්ව එක්කන් එද්දි... වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි දෙයියනෙ... මගේ අම්මා මාව දාලා ගිහින්.. තාත්තා අතුරුදහන් වෙලා...."


 
මට කෑ ගැහුනා. අමානුෂික කතන්දරයක් අහන්න බැරි තරමේ.. ඒක ඒකි කියනකොට ඇස්-වලට වෙහෙස දැනෙනවා. තාම ලෝකයක් හරි හැටි අතපත නොගාපු වරදට... වන්දි ගෙවන එකි... තාත්තෙක් හිත්පිත් නැතිව තමන්ගේ අම්මාව මරා දාන හැටි ඇස් දෙකෙන්ම දැක්ක අහිංසකී... දාහක් උනුන්ගේ ප්‍රශ්න තෝරා බේරා ගන්න බැරුව අමාරුවෙන් උත්තර අමුණන එකී...
 
"ඔයා කාලද?" මම ඇහුවා වුණත් තාමත් මතක ඇතුළේ රොන්දේ යන කෙල්ල, කතාවේ ඉතිරි හරිය සම්පූර්ණ කරන්න පටන් ගත්තා.
 
"තාත්තා තාම හොයාගන්න නෑ... එයා.. එයා.. කොහේහරි ගිහින්.. එයා ඉස්සර ඉඳන්ම ඔහොමයි.. තාත්තා අම්මට ගහනකොට මමයි සුරාජ් අංකලුයි 119 ගහනවා. එතකොට පොලිස් අංකල්ලා ඇවිල්ලා එයාලට කතා කරලා බේරනවා. අම්මා ගුටි කන්න පුරුදු වෙලා හිටියේ... තාත්ති කොච්චර නරක කෙනෙක් වුණත් අම්මා එයාට ආදරෙයි..."
 
"තාත්තා ඔයාටත් කරදර කළාද?"
 
"නැහැ.. මට හරි ආදරෙයි... එයා... කවදාවත් මට ගහලා නෑ... ඒත් අම්මා එක්ක තරහයි... මම දන් නෑ හේතුවක් කියන්න..." කෙල්ල කතාව නැවැත්තුවා. මම එයාව ළඟ තිබුණු ප්ලාස්ටික් පුටුවක ඉන්දුවා.
 
"ඔහොම ඉන්න බබා... මම ඔයාට බොන්න මොනා හරි අරන් එන්නම්.."
 
කිරි පැකට් එකක් ගන්න යනකොට මගේ මිත්‍රයා මගේ අතින් ඇදගෙන පැත්තකට ගියා.
 
"ඌව අල්ලලා.. අර බල්ලව... කෙල්ලගේ අම්මා මරපු.."
 
"ඒ කොහෙදිද?"
 
"මොරටුවේ හැංඟිලා ඉඳලා.. උගේ යාළුවෙක්ගේ ගෙදර.. මචං මම අර කෙල්ලව අරන් යනවා.. එයාව එයාගේ ආච්චි අම්මට භාර දෙන්න ඕනි..!!"
 
මට ඒ කෙල්ලට කිරි පැකට් එක දෙන්න බැරිවුණා. ඒකි යන්න කලින් හත් අට පාරක්ම මට අත වැනුවා.
 
By Samitha Lakshan
 
(පසු සටහන - මෙම මිනීමැරුම් සිද්ධියට වරදකරු වූ එක්දරු පියා යම් මානසික රෝගයකින් පීඩා විඳින අයෙකු බව පොලිස් පරීක්ෂණ-වලින් තහවුරු වී තිබෙනවා. මීට පෙරද මෙම අඹුසැමියන් දෙදෙනාගේ අඬදබර පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර, ඔවුන් එම අවස්ථාවන්වල ඒවා සමාදාන කෙරූ බව සඳහන්. කෙසේ වෙතත් මියගිය කාන්තාව වෙනත් අයෙකු සමඟ අනියම් සබධතා පැවැත්වූවා යන සැකයක් පොලිසියට මේ වන විට ඇති වී තිබෙනවා. මෙම ලිපිය පොලිස් පරීක්ෂණ ඇසුරින් සකස් කළ එකකි.)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top