Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
31
“ගොදුරක් ඩැහැගෙන සතුටු වෙන ව්‍යාඝ්‍ර පැටියෙක් වගේ එයා මාර සතුටකින් හිටියේ මගේ ඊරී මාංශ උරා බීලා..” - තමන්ගේම අයියා අතින් අමානුෂික ලෙස දූෂණයට ලක් වූ නංගි කෙනෙක්, පෙම්වතා ඉදිරියේදීම කියූ, ඇදහිය නොහැකි සත්‍ය කතාව - Photos [Exclusive]

- “ගොදුරක් ඩැහැගෙන සතුටු වෙන ව්‍යාඝ්‍ර පැටියෙක් වගේ එයා මාර සතුටකින් හිටියේ මගේ ඊරී මාංශ උරා බීලා..” - තමන්ගේම අයියා අතින් අමානුෂික ලෙස දූෂණයට ලක් වූ නංගි කෙනෙක්, පෙම්වතා ඉදිරියේදීම කියූ, ඇදහිය නොහැකි සත්‍ය කතාව - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100 Views
“එහේදී තමයි කිව්වේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා..”
 
“ඒ නරුමයා.. මගේ එක කුස උපන් සහෝදරයා බව හිතාගන්න පුළුවන්ද”
 
“මගේම අයියාට තාත්තා කියන පොඩි එකෙක්..? මොන විලි ලැජ්ජාවක්ද?”
 
“මං මගේ ජීවිතේ එපා කියලා අඬද්දී... ජීවිතේ නැති කරගන්න පවා හදද්දී... එයා මාව ආදරෙන් තුරුළු කරන් උසාවියට ආවා... එයා මට වෙච්ච දේවල් කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ අයියේ...!! කොටින්ම මම අපිරිසිදු ගැහැනියක් කියන එක.. එයා වෙනුවෙන් පරිස්සම් කරපු හැමදේම... එක නරුමයෙක්, මාව සිහි නැතිකරලා.. හූරලා.. හපලා... අයිති කරගත්තම.... ඒ නරුමයා.. මගේ එක කුස උපන් සහෝදරයා බව හිතාගන්න පුළුවන්ද අයියට..?”
 
ආකාසේ නොසෙල්වෙන ලීලාවෙන් උන්නා වුනත් “කොරෝනාවේ දරදඬු ප්රතිපත්ති” වෙනස් වෙලා නැහැ කියලා මම හිතන්න ගත්තා. හරි හැටි කියවීමක් නොකරම මේ උතුංග උත්තමාවීය මගේ ඊළඟ කතාවේ “කතා නායිකාව” වග පමණක් මම හිතන්න ගත්තා.

මේ අහඹු මුණ ගැහීම.. රූවීගේ හිතවත් සඟයෙකුගේ පිහිට පතා ආපු පෙමව්තුන් දෙන්නෙක්... තමන්ගෙම අයියා අතින් දූෂණය වෙච්ච අහිංසකාවියක්.. ඇස් කඩා හැලෙන තරමේ කඳුළු කෝටි හය හත්දාහස් ගණනක්..!
 
“ඒක මහා වේදනාබර කතාවක්... මට ඒකට නමක්වත් හරි හැටි හිතාගන්න බැහැ..” එයා මගේ ගේමීන් ලැප් එක දිහා සීරුවට බැලුවා. එයා එයාගේ කතාවේ අකුරු ගැළපෙන යතුරු පුවරු දිහා විමසිලිමත් වුනා.
 
“අයියා අවුරුදු පහළොවේදී විතර බස් එකේදී ගුටි කාලා තිබුනා. එයාට තිබුණේ අමුතුම ජීවිතයක්... මම දන්නේ නැහැ එයාට ඒ දේවල් කොහොම සිද්ධ වුනාද කියලා... බස් එකේ කෙල්ලෙක්ව අතපත ගාන්න ගිහින්... ඊළඟට ඉස්කෝලේදී දෙපාරක්ම බ්ලූ සීඩී බලලා එයා මාට්ටු වුනා. සිගරට්.. අරක්කු... ගංජා.... ඒවා තමා එයාගේ ජීවිතේ........ හරිම දඩබ්බරයෙක්... ඒත් ඒ මගේ අයියනේ... අම්මලා වුනත් කොහොම හිතන්නද ඒ තිරිසනා තමන්ගේම ලේ වලින් හැදිච්ච එකියක්ව මෙහෙම කිළිටි කරයි කියලා....”
 
“ඔයා අසරණ වුනා..?” මට ඈව කියවාගන්න තේරෙන් නෑ. කොණ්ඩා කටු බොහෝමයක් ගැවසෙන ඒ කෙහෙරැලි හුළං කපොලු කඩාගෙන උඩු දුවන් යන්න තනද්දි තාමත් කොන්ක්රීට් තට්ටුවකට හේත්තු වුනු ඇගේ පෙම්වතා ආකාසේ වළාකුළු එක්කලා බර කතාවක්.. ඒ කතාවත්.. ඈ ගැනම වෙන්නැති.. ඒත් ඉරහඳ එක්ක මොන කුමන්ත්රණයක් කරනවාද හැබෑටම..?
 
“මට ඒ වෙද්දි අවුරුදු දාහතරක් විතර ඇති.. ඒ දවස්වල ශාම් අයියා (පෙම්වතා.) මගේ පස්සෙන් එනවා. ඒත් මම එයාට කැමැත්ත දීලා තිබුනේ නෑ. ඒකට හේතුව වුනෙත් අයියා. මොකද අයියා කැමති නෑ ශාම් අයියට... කොහොමත් කලින් මගේ පස්සෙන් ආපු එකෙකුටත් අයියා කන පැලෙන්න ගහලා තිබුණා. මම ශාම් අයියට කැමති උනත් මගේ අයියා ගැන බයෙන් එයාට උත්තර නොදී මඟ ඇරියා...”
 
“මට ඕනි නෑ මේක තවත් එක කතාවක් විතරක් වෙනවට..? මේ කතාව ඇතුළේ ඇති යමක්...? මේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් විදිහේ..?”


 
“මන්දා අයියේ මට තේරෙන් නෑ. අයියෙක් එහෙමයි කියලා මොන නංගිද හිතන්නේ..? මම දැනන් උන්නා එයා නපුරෙක් දඟයෙක් කියලා. ඒත් අර තරම් පහත් මානසිකත්වයක්.. එයා එදා මට කරදර කරද්දී මම දෙවියන්ගෙන් ඉල්ලූවා මාව මරලා දාන්න කියලා.. මට සිහියක් තිබුනේ නැහැ වෙන්නෙ මොනාද කියලා කියන්න.. එයා මට මොනාහරි නහයට ඇල්ලූවා කියලා විතරක් දන්නවා.. මම අයියේ අයියේ කියලා කෑ ගැහුවා. දන්නේ නැහැ කාට ඇහුණාද කියලා...? ඒ ඇහුණත් කවුරු එන්නද? අපේ අහළ පහළ ගෙවල් තිබුනෙත් අඩුවෙන්..................”
 
“අම්මලා..?” මගෙන් තව ප්රශ්නයක්. (ඒක ඇත්තටම.. කතාවට බාධා කිරීමක්.)
 
“අම්මයි තාත්තයි එදා හිටියේ නෑ ගෙදර.. එයාලා ගමනක් ගිහින්.. අයියා මට තර්ජනය කළා.. මේක කාටහරි කිව්වොත් අම්මවයි තාත්තවයි මාවයි තුන්දෙනාවම මරලා හිරේ යනවා කියලා.. එයා කිව්වා... මාව දැක්කම එයාට පාලනයක් නැතිව ගියා කියලා.. දෙයි හාමුදුරුවනේ!! මම ඇහුවා... මම නංගි නේද කියලා.. ඒත් එයාට කඳුළක්වත් ආවේ නැහැ අයියේ.. ඒ ඇස් තෙත් වුනේ නෑ. ඒ වෙනුවට හරියට ගොදුරක් ඩැහැගෙන සතුටු වෙන ව්යාඝ්ර පැටියෙක් වගේ එයා මාර සතුටකින් හිටියේ මගේ ඊරී මාංශ උරා බීලා.. නොදකින් ඒ තිරිසනා..!!” ඇගේ උස් හඬ. ස්වර තන්තූන් බිඳගෙන දුවන සුන්දර සුසුමක් මඟ අහුරලා තිබුනා. ඒ දෙඅත්ලෙන් මුහුණත් වහගත්තු කෙලි පොඩ්ඩ මතක අමතක වෙන්න හිතාගෙනද මන්දා, වරුවක්ම ඉකි බින්ඳා. බිත්ති කණ්ඩිවල ඇහරිච්ච ඒ මතක කුළුණු වලට වැරෙන් පහර දෙන්න නොදැන ඈ අසරණ වෙන්න ඇති කියලයි මට හිතුනේ..


 
“ඔයාගේ ශාම් අයියා? එයා දැනගත්තා ඒ ගැන..?”
 
“ශාම් අයියට මම කිව්වා... එයාට හුඟක් තරහා ගියා.. එයා මාව බදාගෙන ඇඬුවා අයියේ.. ශාම් අයියා මට කොච්චර ආදරෙයිද කියලා මම දැනගත්තේ එදා... එයා මට උදව් කළා මේ වෙනුවෙන් සටන් කරන්න..!! මට බෑ මගේ අයියා වුනත් එයාට සමාව දෙන්න..!! එයා එයාගේම නංගිට මෙහෙම කළා නම්... තව කී දාහක් නංගිලාට කොහොම කරයිද අයියේ..? එයා මේ ලෝකේ ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි.. එයා යමපල්ලෙක්..! එදා කම්ප්ලේන් එක දැම්මාට පස්සෙ අයියව ඇරස්ට් කළා. මාව හොස්පිට්ල් දැම්මා... එහේදී තමයි කිව්වේ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.. දෙයියනේ!! මම බය වුනු තරමක්...!! අම්මලාටයි මටයි සිද්ධ වුනා ඒ දරු ගැබ නැති කරන්න.. මං දන්නවා ඒක මහා පාපකර්මයක් බව.. ඒත් එයාට මේ ලෝකෙට එන්න කිසිම අයිතියක් නෑ. මගේම අයියාට තාත්තා කියන පොඩි එකෙක්..? මොන විලි ලැජ්ජාවක්ද? මගේ දෙමවුපියෝ වහ කයි දෙයියනේ...! ශාම් අයියා මේ ගැන දැනන් හිටියා... කොහොම හරි අවුරුදු ගාණක් නඩුව ඇදුනා...”


 
තිතක්වත් කමාවක්වත් නොතියා කතන්දරයක් දිගේ දුව ඇවිදන මා දිහා ඈ විස්සෝපෙන් බැලුවා. හැඟීමක ලකුණක් පහළ නොවුනු ඒ ඇස් තප්පරයකට ඔහු වෙත දුවන් ගියා.
 
“එයා නොහිටින්න මම අද ජීවතුන් අතර නෑ.. ඔව් අයියේ මම තීරණය කරලා තිබුනේ.. ජීවිතේ නැති කරගන්න.. ඒත් එයා මාව තනි කළේ නෑ.. බෝධි පූජා අරන් ගියා... කතරගම.. බෙල්ලන්විල.. මාතර බෝධියේ හැමදාම පඬුරු ගැට ගැහුවා. එයා අම්මටයි තාත්තාටයි වැඩියේ මං ගැන හෙව්වා.. ඒ තමයි අයියේ ආදරේ.. හැමෝටම එහෙම ආදරවන්තයෝ ලැබෙන් නෑ..”
 
ඇගේ නිය තුඩු රටාවක ඇගේ මුදල් පසුම්බියේ මොකද්දෝ අඳිනවා. ඉන් පස්සෙ මම මගේ යතුරු පුවරු එක්ක මෙච්චර වෙලාවක් කරපු සෙල්ලම අමාරුවෙන් අහවර කළා.
 
“ඒක ඉවර වෙන්නේ එහෙමයි...”
 
“ඔව් අයියේ.. ඒක එහෙමයි ඉවර වෙන්නේ...!” ඈ ආයෙම පෙම්වතා ළඟට දුවන් ගියා. දෙනෝදාහක් බලා ඉද්දීම ඒ හාදයා මේ කෙල්ලගේ අත තදින් අල්ලගත්තූ හැටිත්, ඒ ඇස් කෙවිනි දිහා ලෝබකමෙන් බලන් හිටපු හැටිත් මේක ලියන මේ මොහොතෙත් මගේ මතකයේ උඩු දුවනවා.
 
(මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු වූ 29 හැවිරිදි තරුණයාට තම නැගණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් වසර ගණනක සිර දඬුවමක් නියම කර තිබුණා. ඔහුට යම් මානසික අබාධයක් ඇති බවයි උසාවියේදී හෙළි වූයේ. ළඟදීම විවාහ දිවියට එළඹෙන කතා නායිකාවව අසීරු මොහොතක සම්බන්ධ කර දුන් යෙහෙළිය රූවීට තුති!.)
 
By Samitha Lakshan

PIL Seeking Directions For Protection Of Rights & The Identity Of ...

අවධානයට:
 
දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.
2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.
3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.
4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්රතිපල හිමිවිය හැක.
5. දරුවා ප්රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.
6. බොහොම ක්රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.
7. දරුවා නරඹන කාර්ටුන්,චිත්රපට සහ පරිඝනක ක්රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්රියාවන්ට යොමු විය හැක.
8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.
9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.
10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.
11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.
12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.
 
(මෙම උපුටා ගැනීම - Rankoth - ශ්රී.)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top