Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
"අම්මේ තාත්තාව මරලා දායි කියලා මට හරිම බයයි කියලා පුතා කිව්වා..අපිට කිසිම හතුරෙක් නැහැ.." - මනසේ අසහනය නිසා පිඩා විදි පුර්ණගේ සංවේදී කතාව

- "අම්මේ තාත්තාව මරලා දායි කියලා මට හරිම බයයි කියලා පුතා කිව්වා..අපිට කිසිම හතුරෙක් නැහැ.." - මනසේ අසහනය නිසා පිඩා විදි පුර්ණගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,898 Views
"ඒ දේවල්වලින් මිදෙන්න පුතා හරියට වීඩියෝ බැලුවා.."

"එයා බාත් රූම් එකට ගිහින් පැයක් විතර ඉන්නවා.."

පුර්ණ. වයස අවුරුදු 18ක නවයොවුන් තරුණයෙක්. ඔහුට අම්මා තාත්තා හැර හිටියේ බාල සහෝදරියක් පමණයි..උසස්පෙළ විභාගය සදහා ඔහු තෝරාගෙන තිබුණේ විද්‍යා විෂයන්. වෛද්‍යවරයෙක් වෙන්න හීන දැක්ක ඔහු ඒ සදහා කැපවීමෙන් කටයුතු කළා. නමුත් ඔහුගේ වෙනස්වීමක් තිබෙන බව දකින ඕනෑම කෙනෙකුට වැටහුණා. මුලින්ම දැනගන්නෙ දෙමාපියන්. දෙමාපියන් ඔහුගේ වෙනස වටහා ගන්නේ වැරදි වැටහීමකින්. ඔවුන් සිතනවා ඔහු කඩවසම් සිත්ගන්නා පිරිමි දරුවෙක් නිසා ආදර සම්බන්ධතාවයක් ඇති කියලා.

දින සති ගෙවී යනවා. දෙමාපියන් ඔහුගේ වෙනස්වීම සොයන්න පටන්ගන්නවා. නමුත් ඔහුට පෙම්වතියක් නැති බව තහවුරු කරගන්න දෙමාපියන්ට හැකියාවක් ලැබෙනවා. එසේ නම් තම පුතනුවන්ගේ වෙනස්වීමට හේතුව කුමක් විය හැකිද යන්න ඔවුන් කල්පනා කරනවා.

"පුතා හරිම දක්ෂ දරුවෙක්. හොදට ඉගෙන ගත්තා. එකපාරටම පුතා පාඩම් කරන එකට අදිමදි කළා..ඊට පස්සේ අපි හිතුවා අපල වෙන්න ඇති ඒ නිසා එයාගේ හදහන බලවගන්න ඕන කියලා. අන්තිමට හිතුවා හදහන බලන්න.. හදහන බලලා කිව්වා පුතාට අපල ඒ නිසා ග්‍රහ පුජාවක් පවත්වන්න කියලා..අපි එයත් කළා..නමුත් කිසිම අඩුවක් නැහැ..දවසින් දවස එයාගේ එක එක වෙනස් වීම දැකගන්න ලැබුනා..ක්ලාස් කට් කරනවා..ක්ලාස් යන්න එලියට බැහැලා ආයෙමත් ගේ ඇතුලට යනවා..දවසක් දෙකක් එයා කොහේ හරි යන්න එලියට බහිද්දී ආයෙමත් ගේ ඇතුලට කිහිප වතාවක් ඇවිත් තමයි ඒ ගමන යන්නේ..එලියට යනවා ගෙට යනවා..ආයෙමත් එලියට ඇවිත් බිම බලාගෙනම ගේ ඇතුලට යනවා..මුල් දවස් කිහිපය මම හිතුවේ එයාට මොනවා හරි ගන්න අමතක වෙලා ඇති කියලා..හැමදවසකම එහෙමයි..මට බය හිතුනා..ඊට පස්සේ බඩට හයියෙන් තට්ටු දානවා බෙර ගහනවා වගේ..ඇයි කියලා ඇහුවම බඩ ඇතුලෙන් වේදනාවක් එනවා කිව්වා..ඩොක්ටර් කෙනෙක් ලගට එයාව අකමත්තෙන්ම එක්කගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නා..ලොකු රෝගයක් හොයාගත්තේ නැහැ..පුතා එන්න එන්නම කම්මැලි වුනා..පාඩම් වැඩ අතපසු කළා..ඇයි කියලා ඇහුවම එක දිගටම පාඩම් කරද්දී මට වැරදෙනවා කිව්වා.. වාක්‍ය දෙක තුනක් ලියලා ඒක ඉරකින් කපලා ආයේ ආයේ ලියනවා..පොත පුරා නෝට් ලියලා තියෙන්නේ කපලා කොටලා..

එයා තාත්තාට හරි ආදරෙයි..බයෙන් දුකෙන් ඉන්නේ තාත්තා වැඩට ගියාට පස්සේ..තාත්තා ගෙදර අවම හරියට සතුටු වෙනවා..පුතා දවසක් බයෙන් ඉන්නවා දැක්කා..ඇයි පුතේ බය වෙලාවගේ ඉන්නේ කියලා මම දවසක් ඇහුවා..එයා කිව්වා අම්මේ තාත්තාව මරලා දායි කියලා මට හරිම බයයි කියලා කිව්වා..අපිට කිසිම හතුරෙක් නැහැ..පුතත් ඒක දන්නවා..හතුරෝ නැති වුනත් එයා කියන්නෙම තාත්තාට කරදරයක් වෙයි..කවුරු හරි තාත්තව මරලා දායි කියලයි..එහෙම වෙන්නේ නැහැ තාත්තා ආරක්ෂිතයි කිව්වට එයාගේ හිත පිළිගන්නේ නැහැ.."

පුර්ණගේ මව එලෙසින් පවසනවා. පුර්ණ ඔහුට වෙන සියල්ල හිතත් එක්ක තර්ක කරන්න පටන් ගත්තා..ඒ තර්ක සියල්ලේම ඔහු දැනුවත් කිසිවක් වෙන්නේ නැහැ කියලා, නමුත් ඔහුගේ සිතුවිලිවලින් ඔහුට මිදෙන්න හැකියාවක් ලැබුනේ නැහැ.ඔහු සියල්ල යටපත් කරගෙන ඉන්න උත්සහ කළත් ඔහුට ඔහුගේ හිතේ සිතුව්ලි පාලනය කරගන්න බැරි වෙනවා..ඒ හේතු නිසාම උසස්පෙළ අසමත් වී අධ්‍යාපනය අඩාල වෙනවා.

"පුතා අන්තිමට හිතට එන සිතුව්ලි වලින් මිදෙන්න හරියට වීඩියෝ බැලුවා. සින්දු ඇහුවා..එතකොට ටිකක් හරි ගියා..ඒ ටික දවසකට විතරයි..ඊට පස්සේ බාත් රූම් එකට ගිහින් පැයක් විතර ඉන්නවා..අපි බය වුනා පුතා සිගරට්වලටවත් ඇබ්බැහි වෙලාද කියලා.. ඒකත් මම දැක්කේ අහම්බෙන්..දොර ඇරලා තිබ්බ නිසා මම හොරෙන් බලාගෙන හිටියා..එයා බාත් රූම් එක හෝදනවා ..අතපය හෝදන්නේ හිමිට...ශරීරයේ කොටස් එකින් එක හෝදන්නේ..ටැප් එක වහන්නේ ටිෂු එකක් ආධාරයෙන්..නැත්තම් කාටහරි වහන්න කියනවා..එහෙම කරන්නේ ඇයි කියලා ඇහුවම මගේ ඇග හරියට කිලිටි වෙලා මට මෙහෙම ඉන්න අමාරුයි කියනවා..බාත් රූම් එක හොදට පිරිසිදු කරලා තියෙද්දී අපිට කියනවා එයා යන්න කලින් හෝදන්න කියලා..ඒ විතරක් නෙමෙයි අන්තිමට මුලුගේම හෝදන්න වුනා බඩුමුට්ටු සියල්ලම..අපි ඒවා කලේ නැත්තම් එයාට තරහ යනවා..ඒවා නිතරම කරන්න කියනවා..බැරිම තැන අපි තීරණය කළා මනෝ වෛද්‍යවරයෙක් මුණගැහිලා පුතාව පෙන්නන්න..අපිට තිබුණු එකම විසදුම ඒක තමයි.."

අවසානයේ ඔහුව රැගෙන දෙමාපියන් මනෝ වෛද්‍යවරයෙකුගේ පිහිට පතනවා. ඔවුන් මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතා ලගට පුර්ණව රැගෙන යනවා.

"ඔය කියන දරුවා ග්‍රස්තිය (obsessive compulsive disorder) කියන රෝගයෙන් පෙළුණු දරුවෙක්. මේ රෝගය මෙවැනි වයස්වල දරුවන්ට වැඩිවශයෙන් දැකගන්න ලැබෙනවා. එහි ජානමය බලපෑමකුත් තියෙනවා. මෙහි මුලික ලක්ෂණය තමයි එකම සිතුවිල්ලක්, ආවේගයක් හෝ රූපයක් නැවත නැවත දැනීම. සැකයක් හැටියට තමයි දැනෙන්නේ. ඒ සිතුවිලි තේරුමක් නැහැ කියලා දන්නවා. නමුත් සිතුවිල්ල පාලනය කරගන්න බැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් එයින් පිඩා විදිනවා. සිතුවිලි නැවත නැවත එන එක නතර කර ගන්න පීඩනය අඩු කරගන්න මානසික හෝ කායික ක්‍රියාකාරකම් කරනවා. උදාහරණ කිව්වොත් අතපය කිලිටුයි කියලා නැවත නැවත සේදීම,( compulsions ) නිවසින් පිට වෙලා නැවත දෙතුන්වරක් නිවසතුලට ඒම, ආවේගය මගහැර ගන්න උදරයට තට්ටු කිරීම, වගේ ක්‍රියා. එකම දේ දෙතුන් වර කරද්දී කාලය යනවා, එතකොට කරන වැඩකටයුතු අඩාල වෙනවා. ඒ ක්‍රියාකාරකම් නතර කලාම තරහ යනවා. මේ රෝග ලක්ෂණ සහිත දරුවෙක් නිසා ඔහුට වැළදී ඇති රෝගය මොකක්ද කියලා සොයාගෙන ඊට ප්‍රතිකාර ආරම්භ කළා. ඖෂධ ප්‍රතිකාර වගේම චර්යාත්මක ප්‍රතිකාර. ප්‍රතිකාර ලබා දීම මගින් බොහෝ අය මසකින් පමණ සුව වෙනවා. සමහර අයට දීර්ඝකාලීනව ප්‍රතිකාර කරන්න වෙනවා. ඒ වගේම සුව වූ පසුවත් මාස 9ක් පමණ ප්‍රතිකාර කිරීම වැදගත්. මේ දරුවා දැන් සුව වෙලා ලස්සන ජිවිතයක් ගත කරනවා. නිසි ප්‍රතිකාර නිසි වෙලාවට ගැනීම වැදගත්.."

හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
නම් ගම් මන:කල්පිතයි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top