"ඔහු මේ සුන්දර තරුණියව තනියම පැත්තකට කැඳවාගෙන ගියා.."
සියල්ල පාපොච්චාරණය කළ තරුණයා පොලිසියේදී හෙළි කළ දේ...
පෙම්වතෙකුගේ පිහි පහරකින් අවසන් ගමන් ගිය පෙම්වතියක් ගැන දුක්බර පුවතක් විදෙස් මාධ්ය වාර්තා කර තිබුනා.
මෙම පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ නිව්යෝක් ප්රාන්තයෙන්.
රූප සම්පත්තියෙන් දමිළ සිනමාවේ නිළියක් හා සමාන සුන්දරත්වයක් හිමි, ඉන්දියානු සම්භවයක් සහිත මෙම තරුණියගේ මරණය සිදුවූ හැටි ගැන, ඉන්දියාව තුළත් යම් කතාබහක් නිර්මාණය වී ඇති බවයි එරට මාධ්ය වාර්තා කරන්නේ.
හෙදියක්ව සේවය කළ මෙම තරුණිය නමින් මැරින්.. ඇයව අවසන් ගමන් යවන පෙම්වතා ඇය සමඟ "එක්ව වාසය" කර ඇති අතර ඔවුන් දෙදෙනා නීතියෙන් විවාහපත් වී සිටියේ නැහැ.
එමෙන්ම.. ඇයට ඔහුගෙන් දාව පුංචි දරුවෙකුද සිටිනවා.
මෙම යුවළ අතර කලක සිට ඇති වූ මතභේදයක් අවසානයේ තරුණයා විසින් මෙසේ තරුණියව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩමුරය අවසන් වී පැමිණි හෙද තරුණියව තනිවම "කතා කරන්න උවමනා" බව කියමින් පසෙකට කැඳවාගෙන ගොස් පිහි ඇනුම් දී ඇයව මෙම තරුණයා විසින් කෲර ලෙස ඝාතනය කර තිබෙනවා.
2016 වසරේ සිට ඔවුන් අඹුසැමි සබධතා පවත්වා තිබෙනවා.
The Sun ඇසුරිනි.