සිනහවෙන් සහ සතුටින් දිය නෑමට ගිය පිරිසකට දැදුරු ඔය මෙතරම් අකාරුණික වනු ඇතැයි කිසිවෙකුත් සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.
ඊයේ (16) දිනයේ කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔය මංකඩකට දිය නෑමට ගිය පිරිසක් අනපේක්ෂිත ලෙස දියේ ගිලී අතුරුදන් වුණා.
ඊයේ දිනයේදීම පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු හමු වූ අතර, ඉතිරි පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුණේ මුළු ගම්මානයම දැඩි නිහඬතාවයක ගිල්වමිනි.
ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් අනතුරුව, අතුරුදන්ව සිටි අනෙක් සිව්දෙනාගේම සිරුරු අද සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව මෙම අවාසනාවන්ත දිය අනතුරින් මියගිය මුළු සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ