අද (16) අගලවත්ත ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනයන් හමුවේ දේශීය මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බවයි.
"ඇඟට නොදැනී" මිල වැඩි වුණත්, එහි යම් බරක් භාණ්ඩාගාරය මගින් දරා ගැනීමට උත්සාහ කරන බව ඔහු පවසා සිටියද, අවසාන ප්‍රතිඵලය ජනතාවගේ සාක්කුවට තට්ටු වීමක් බව නොරහසක්.
මේ අතර ඉන්ධන ගැන කතා වෙද්දී විදුලි බිල ගැනත් අමුතුම කතාවක් කරළියට එනවා. අප්‍රේල් 1 වැනිදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලයෙන් ප්‍රතිව්‍යුහගත කළ නව සමාගම් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මේ ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම විසින් වහාම ප්‍රතික්ෂේප කළ යුතු බවට ක්ෂේත්‍රයේ විද්වතුන් දැන්ම තියා අනතුරු හඟවනවා. "බිල වැඩි කරලා ජනතාව හූරන් කන එක නතර කරන්න" කියලයි විද්වතුන්ගේ තර්කය වී තිබෙන්නේ.
ඉන්ධන මිලයි, විදුලි බිලයි දෙකම එකවර ඉහළ ගියොත් ලාංකිකයින්ට මේ අවුරුද්ද ලෙහෙසි වෙන්නේ නැහැ කියලා නම් පැහැදිලියි!