ඒ ඇයි කියන්න ඇයට ආදරය කරන අය දන්නවා ඇතිනේ.. ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද, හර්ෂි කොහොම වුණත් ඇයගේ රසිකයින් වෙනුවෙන් ගීත නිර්මාණ පවා අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කළා.
කොහොම වුණත් ඇය ගැන ඊයේ දවසේ ඇසුණෙ විශේෂ කතාවක්. රන් මාලයක් නිසා කාගේත් අවදානය ඊයේ දවසේ ඇයට හිමිවුණා.. මෙම සිදුවීම පාදක කරගනිමින් සකස් කළ පුවත් වාර්තාව පහත දැක්වේ.
"ඒ මාලය භානුක රාජපක්ෂමයි මගේ බෙල්ලට දැම්මේ" ඇය මේ කතාව ගැන වීඩියෝවක් පළ කරමින් කියා තිබුණේ අන්න ඒ වගේ කතාවක්. කොහොම වුණත් මේ වන විට සමාජමාධ්‍ය කළඹපු ඒ කතාව ගැන ඇය කියලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්.
හර්ෂි රසාංගා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බවත්, අදාළ රන් මාලය තමා සොරකම් කළ එකක් නොවන බවත් ඇය අවධාරණය කළා.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, රන් මාලයක් රහසිගතව උකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාව මත තලංගම පොලිසියේ විවිධ පැමිණිලි අංශය මගින් ඇයව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ඊයේ වාර්තා වුණා.
"මේ ගැන දැනට පරීක්ෂණයක් යන නිසා මට සම්පූර්ණ කතාව කියන්න බැහැ. හැබැයි මම නීතිමය පියවර අරගෙන තියෙන්නේ. මේ මාලය මම කාගෙන්වත් ඉල්ලපු එකක්වත්, හොරකම් කරපු එකක්වත් නෙවෙයි. මගේ කැමැත්තට දාගත්ත එකක්වත් නෙවෙයි. ඒ පුද්ගලයා තමයි භානුක රාජපක්ෂ. භානුක රාජපක්ෂ තමන්ගේ අත් දෙකෙන්මයි ඒ මාලය මගේ බෙල්ලට දැම්මේ.