තවත් කෙනෙකුගේ ජීවිත බේරාගන්න රෝහලක සේවය කරන සුව විරුවෙකුට, කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතක මරණය සොයාගෙන ආපු සංවේදී පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පසුගිය 15 වැනිදා සවස අකුරැස්ස - කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල මිල්ල ගසක අත්තක් කඩා වැටීමෙන් මේ බිහිසුණු අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලබා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ අකුරැස්ස, විල්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කොඩිප්පිලිගේ ධර්මසේන මහතායි.
ඔහු කඹුරුපිටිය රෝහලේ සේවය කළ ඉතාමත් දක්ෂ මෙන්ම කාගේත් ආදරය දිනාගත් හෙද නිලධාරියෙක්. ඊයේ සවස ඔහු සිය ත්‍රිරෝද රථයෙන් අකුරැස්ස සිට කඹුරුපිටිය දෙසට ගමන් කරමින් සිටියදී, මාර්ගය අයිනේ තිබූ විශාල මිල්ල අත්තක් සෘජුවම ත්‍රිරෝද රථය මතට කඩා වැටී තිබෙනවා.
තුවාල ලැබූ ඔහු වහාම තමන් සේවය කළ රෝහලටම ඇතුළත් කළත්, ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී කාලයේදී ඔහු මෙලොව හැර ගොස් තිබෙන්නේ පවුලේ අය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයම දැඩි සෝකයකට පත් කරමින්.
අකුරැස්ස පොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.