මේක නම් නාමල්ගේ WhatsApp ගිණුමට එල්ල වුණු "සුබපැතුම් ප්‍රහාරයක්" කිව්වොත් නිවැරදියි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සුබ පතන්න ඊයේ දවසේ රට වටෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උත්සාහ කරලා තිබුණා. කොයි තරම් පණිවිඩ සහ ඇමතුම් ප්‍රමාණයක් ගලාගෙන ආවාද කියනවා නම්, නාමල්ගේ WhatsApp ගිණුම එකවරම අක්‍රිය වී තිබෙනවා.
අධික පණිවිඩ ප්‍රමාණය (Data Traffic) දරාගත නොහැකිව සිදු වූ මේ බිඳවැටීම නිසා සුළු වෙලාවකට නාමල්ට තමන්ගේ WhatsApp ගිණුම භාවිතා කිරීමට පවා නොහැකි වී ඇති බවයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් නාමල් වහාම ක්‍රියාත්මක වෙලා කාර්මික දෝෂය සකස් කරගෙන නැවතත් ගිණුම යථා තත්ත්වයට පත් කරගෙන තිබෙනවා.
දේශපාලන වැඩකටයුතු කොච්චර තිබුණත් නාමල් හැම උපන්දිනයකදීම කරන විශේෂ කාර්යයක් තිබෙනවා. ඒ තමයි අනුරාධපුරය වන්දනාමාන කිරීම.
මෙවර නාමල් උපන්දිනයට කලින් දවසෙම තමන්ගේ ආදරණීය බිරිඳ ලිමිණි සහ පුතුන් දෙදෙනා එක්ක අනුරාධපුරයට ගොස් තිබුණා.ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් නාමල්, මෙවර මිහින්තලය කටු සෑය වැඳපුදා ගැනීමටත් අමතක කළේ නැහැ.
බොහෝ දෙනෙක් උත්සවශ්‍රීයෙන් උපන්දිනය සමරන්න බලාපොරොත්තු වුණත්, නාමල් මෙවර කිසිදු උපන්දින සාදයක් පවත්වා නැහැ. පවුලේ අය සමඟ ඉතා සරලව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උපන්දිනය සැමරීමටයි ඔහු කටයුතු කර තිබුණේ.
ෆෝන් එක හිරවෙන්න තරම් නාමල්ට ලැබුණු මේ සුබපැතුම් වැස්ස ගැන දැන් සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා.