Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
29
"එයා හරි වැරැද්ද දන්නවා, මෝඩ වැඩකරලා නම්බුව නැති කරගන්න එයාට කොහෙත්ම වුවමනාවක් නැහැ.." - තරගපාවාදීම් ගැන අවිශ්ක ගුණවර්ධනගේ බිරිද කියූ කතාව

- "එයා හරි වැරැද්ද දන්නවා, මෝඩ වැඩකරලා නම්බුව නැති කරගන්න එයාට කොහෙත්ම වුවමනාවක් නැහැ.." - තරගපාවාදීම් ගැන අවිශ්ක ගුණවර්ධනගේ බිරිද කියූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

92 Views
"ඒ ගැන ආරංචි වුනු වෙලාවේ මට නම් පුදුම තරහක් ආවේ.."

"වැරදි බොරු දේවල්වලින් මනුස්සයක්ගේ ජිවිතේට බලපෑමක් කරන්න හොද නැහැ.."

"අපි ලොකුකමින් ජිවත් වෙන අය නෙමෙයි, සාමාන්‍ය විදිහට සතුටින්, සැනසීමෙන් ජිවත් වෙනවා.."

අවිශ්ක ගුණවර්ධන කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙක්. ඒ වගේම ක්‍රිකට් පුහුණුකරුවෙක්..දක්ෂ පිතිකරුවන් බොහොමයක් බිහි කළ අවිශ්කගේ, ආදරණිය බිරිද තමයි ෆ්‍රැන්සි ගුණවර්ධන. වසර 2017 දෙසැම්බරයේ දි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ‘දහයයි10’ ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු තරග පවා දුන්නා කියලා මේ වෙද්දී චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒ ගැන වගේම ඔවුන්ගේ සුන්දර කැදැල්ල ගැන කතා කරන්න පි අවිශ්කගේ ආදරණිය බිරිද ෆ්‍රැන්සිව එකතු කරගත්තා. මේ ඇය සමග කළ කතාබහයි.

ඔබ අවිශ්ක ගුණවර්ධනගේ ආදරණිය බිරිද, අපි මුලින්ම මේ කතාවට ප්‍රවිෂ්ඨ වෙමු දෙදෙනාගේ හමුවීම, ප්‍රේමය පටන් ගන්නේ කොහොමද කියලම..?
අපි දෙන්නගෙම යාලුවෙක් හිටියා. එයා නිසා තමයි මමයි අවිශ්කයි දැනහදුනා ගන්නේ. ඒ වෙනකොට මම දන්නේ නැහැ මෙයා ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබ්බා කියන එක. මම කාලයක් මගේ තාත්තා එක්ක හිටියේ පිටරට. ඒ නිසා කොහෙත්ම ක්‍රිකට් ගැන දැනුමක් නැහැ. වෙන්නේ මොනවාද ක්‍රීඩකයින් කවුද කියන එක මට අවබෝධයක් තිබ්බේ නැහැ. එතකොට එයා ක්‍රිකට් පුහුණුකරුවෙක් . ඒ ගැන කිව්වා. නමුත් ලොකුවට කිව්වේ නැහැ. යාලුවා මාර්ගයෙන් දැනහදුනාගෙන මාසයක් දෙකක් යනකල් අපි දුරකතනයෙන් කතාබහ කළා. ඒ කතාබහ දුරදිග ගිහින් තමයි අපි පෙම්වතුන් වෙන්නේ. අවුරුදු තුනක් විතර ආදරේ කරලා තමයි විවාහ වුනේ.

ක්‍රිකට් පුහුණුකරුවෙක්ගේ දින චර්යාව සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙකුට වඩා වෙනස්. කාර්යබහුලයි. මේ තත්ත්වය එක්ක සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන් කියලා ඔබ හිතුවාද..?
විවාහ වෙලා එක ගෙදරකට පදිංචියට ආවට පස්සේ ඔහුත් එක්ක ජිවත් වෙන එක කොච්චර ලේසියිද කියලා හිතුනා. මොකද මම වගේම අවිශ්කත් සාමාන්‍ය විදිහට ජිවත් වෙන්නේ. අපි ජිවිතේ ගැන ජිවත් වෙන විදිහ ගැන ලොකුවට හිතන්නේ නැහැ. පවුලට අවශ්‍ය නිදහස සැනසීම. ඒ දේ අපේ පවුලේ විවාහ වුනු දවසේ ඉදලම තියෙනවා. ඒකට හේතුව අවිශ්කගේ ජිවන රටාව. ඒ නිසා මම අවිශ්ක එක්ක විවාහ වෙන්න බය වුනේ නැහැ. තාත්තා කෙනෙක් විදිහට, සැමියා විදිහට වගේම ගෘහමුලිකයා විදිහට කරන්න ඕන යුතුකම් එයා ඉටු කරනවා. එයාගේ රාජකාරී කටයුතු කරනගමන්ම. ඒ වගේම විවේකයක් ලැබෙන හැම මොහොතකම ඉන්නේ පවුල එක්ක.

ගෙදර තහනම් වචනය ක්‍රිකට්ද..?
ලොකුවට කතා කරන්නේ නැහැ. ඉස්සර වගේ නෙමෙයි මමත් දැන් ක්‍රිකට් ගැන දන්නවා. අපි ක්‍රිකට් තරග බලනවා. කතා නොකරම ඉන්නෙත් නැහැ. අවශ්‍ය දේවල් ගැන කතා කරනවා.

ෆ්‍රැන්සි ඔබ ලංකාවට එන්නේ අවිශ්ක නිසාමද..?
නැහැ. මගේ තාත්තා නැති වුනා. ලංකාවේ තමයි අවසන් කටයුතු සියල්ල කළේ. ඒ නිසා මමත් අක්කත් ලංකාවට ආවා. ඒ වෙනකොට අවිශ්ක එක්ක ප්‍රේම සම්බන්ධය තිබ්බා. ඒ නිසා හිතුවා මමත් ලංකාවේ ඉන්නවා කියලා.

අවිශ්ක පුහුණුකරුවෙක් හැටියටත් කටයුතු කරනවා, ඒ නිසා ඔහුව දකින කෙනෙකුට හිතෙන්න පුළුවන් දැඩි තීරණ ගන්න නපුරු චරිතයක් කියලා..ඇත්තටම පවුල ඇතුලේ ඔහු කොයි වගේ චරිතයක්ද..?
එයා කාටත් කරුණාවත්තයි. හරිම හොදයි. මම තමයි නපුරු. නමුත් එයා නම් එහෙම නැහැ. දරුවෝ දෙන්නට හොද තාත්තා කෙනෙක්. හරිම ආදරෙයි පවුලට. දුවලා දෙන්නා සෙල්ලම් කරන්නෙත් තාත්තා එක්ක.

පුත්තු නැති නිසා පියාගේ අඩිපාරේ දුවරු දෙන්නව යවන්නද කල්පනා කරන්නේ..?
අපි දෙන්නගෙම එහෙම අදහසක් නැහැ. ලොකු දුව යනෙෂ්කා. එයාගේ වයස අවුරුදු 8යි. පොඩි දුව නෙතන්‍යා. එයාගේ වයස අවුරුදු 6යි. මේ දෙන්නා ඒ වගේ දෙයක් හිතන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ. එයාලා ලොකු වෙලා මොන පැත්තෙන්ද ඉදිරියට යන්නේ කියලා. එදාට එයාලට දෙමාපියන් විදිහට උදව් කරනවා අපි. කිසිම බලපෑමක් නැතුව. තව ටික දවසකින් නර්තන පන්තියකට යොමු කරන්න ඉන්නේ. බාස්කට් බෝල් වලට තමයි කැමති. ඒ පැත්තට සම්බන්ධ කරන්නත් අදහසක් තියෙනවා. ඒ වගේම දෙන්නා අදින්න දක්ෂයි.

තාත්තා ජනප්‍රිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන එක එයාලා දැන් දන්නවද..?
ලොකු දුවට නම් ටිකක් දැන් තේරෙනවා. නමුත් දෙන්නා ඒ ගැන හිතන්නේ නැහැ. නොතේරුම්කම වෙන්න ඇති. ඉස්සර අවිශ්ක රූපවාහිනියෙන් දකිද්දී ටීවී එක ලගට ගිහින් කතා කරනවා. ඒ වගේ දේවල් නම් වෙලා තියෙනවා.

අවිශ්කට ක්‍රිකට් පුහුණුකරුවෙක් හැටියට අවශ්‍ය සුදුසුකම් තිබෙන නිසා විදෙස්ගත වෙන්නත් අදහසක් ඇති..?
අවිශ්කගේ අම්මයි තාත්තයි ඉන්නේ ලංකාවේ. එයාගේ මල්ලි වගේම මගේ අයියත් ඉන්නේ මෙහෙ. ඒ නිසා අපි ආසයි ලංකාවේ ජිවත් වෙන්න. දැනට එහෙම අදහසක් නැහැ.

පුහුණුකරුවෙක් හැටියට අතිශය ජනප්‍රිය කාලයක ඔහුට චෝදනාවක් එල්ල වුනා තරගපවාදීමක් ගැන. ඔහුගේ බිරිද හැටියට ඒ සිදුවීම ගැන ආරංචිය ආ මොහොතේ මොකද හිතුණේ..?
මුලින් මම හිතුවේ නිකන් ප්‍රශ්න කිරීමක් වෙන්න ඇති කියලා. අදාල තැන්වලින් ඉල්ලපු ලියකියවිලි ලබා දුන්නා. නමුත් අපි හිතුවටත් වඩා චෝදනාව බරපතලයි. මොහොතේ මගේ හිතට ආවේ පුදුමාකාර තරහක්. අවිශ්කගේ ප්‍රතිරූපයට හානි කරනවා. දැන් අපි උත්සහ කරන්නේ අවිශ්කගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න. වරදක් කරන්නේ නැතුව චෝදනා එල්ලවෙනකොට ඇත්තටම දුකට වඩා තරහයි. බොරුව ඔප්පු කරන්න අපි කොහොම හරි උත්සහ ගන්නවා. මම අවිශ්කට කිව්වා කොහොම හරි අපි ෆයිට් කරමු කියලා. වැරදි බොරු දේවල්වලින් මනුස්සයක්ගේ ජිවිතේට බලපෑමක් කරන්න හොද නැහැ. ජිවිතයක් එක්ක සෙල්ලම් කරන එක එච්චර හොද දෙයක් නෙමෙයි.

ඒ මොහොතේ අවිශ්ක දුර්වල වුණාද..?
එයා වරදක් කරලා නැහැ. ඒ නිසා එයාට වැටෙන්න දුර්වල වෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. එයා මේ ප්‍රශ්නේ දිහා බලන්නේ වෙනස් විදිහට. වරදක් නොකර තමන්ගේ කීර්තියට හානි වෙනවා නම් එය යථාතත්වයට පත් කරගන්න ඕන. එයා හිතන්නේ එයාගේ කිර්තිය ගැන. එයා හරි වැරැද්ද දන්නවා. පුහුණුකරුවෙක් හැටියට එයා තුන්වැනි අදියරය පහුකරලා ඉන්නේ. එතරම් දුරක් කැපකිරීම් කරලා ආවේ මේ වගේ මෝඩ වැඩක් කරන්නද. කොහෙත්ම එයා ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ නැහැ. තරගපාවා දීලා එයාගේ නම්බුව නැති කරගන්න එයාට කොහෙත්ම අවශ්‍ය වුනේ නැහැ. මේක සම්පුර්ණ බොරු චෝදනාවක්. බොරුවේදී දුර්වල වෙන්න ඕනත් නැහැ.

කොහොමද අවිශ්කට ඉස්සර වගේම ප්‍රතිචාර තවමත් ලැබෙනවද..?
ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. දෙපාර්ශවයෙන්ම ප්‍රතිචාර ලැබෙනවා අදටත් .

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top