Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
23
“ඌට තිබ්බේ විකෘති ආසාවල්... වෙන මිනිහෙකුට නැති.. ඊට එහා ගිය ජරා ආසාවල්.. ඌ මට රිද්දුවා... මොන ගෑනිටද සර් ඉවසන්න පුළුවන්..?” - හැම රෑකම බිරිඳව විකෘති කාමාශාවට එක් කරගත් සල්ලිකාර සැමියා, හොඳට බීපු දවසක ඇඳේදීම වූ නොසිතූ සිදුවීම - Photos [Exclusive]

- “ඌට තිබ්බේ විකෘති ආසාවල්... වෙන මිනිහෙකුට නැති.. ඊට එහා ගිය ජරා ආසාවල්.. ඌ මට රිද්දුවා... මොන ගෑනිටද සර් ඉවසන්න පුළුවන්..?” - හැම රෑකම බිරිඳව විකෘති කාමාශාවට එක් කරගත් සල්ලිකාර සැමියා, හොඳට බීපු දවසක ඇඳේදීම වූ නොසිතූ සිදුවීම - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views
“උගේ වද බන්ධන ඔක්කොම ඉවසන් තව කොච්චර කාලයක් ඉන්නද මම..?”
 
“එයා නරක කෙනෛක් නෙවෙයි තමයි.. ඒත් ඒ ලෝකෙට පේන්න විතරයි”
 
“මොන... ඌ කැමති නෑ, මොකද ඌ බයයි ඌට අවනම්බු වෙයි කියලා”
 
“සර්.... මම මිනීමැරුවේ නෑ සර්.. අනික මේ මගේ මිනිහා.. ඌ බිස්නස්කාරයෙක් තමයි.. කොටින්ම... ඌ සල්ලි ගහක්.. ඒකේ තේරුම මම ඒවා අයිති කරගන්න ඌ මැරුවා කියන එක නෙවෙයි... අනිත් දේ... මට මොනාවගෙන් අඩුපාඩුද..? මට තේරෙන් නෑ මිනිස්සු මාව සැක කරන්නේ ඇයි කියලා..?”
 
ඇය කතාවක් කියනවා. ඒක ඇගේ කතාව... ඈ මිනීමරු ගැහැනියක් බවට පත් කරපු කතාව..! ඒත් ඇත්තටම ඈ මිනීමරු ගැහැනියක්ද? ඈව කියවන්න හැකි හරි ආකාර එකෙකුට ඈට ඒ වගේ “නම් තැබීමක්” කරන්න පුළුවන්ද?

“ඒක සැකයක් විතරයි.... ඒ කියන්නේ ඔයා සැකකාරියක් මිසක් වැරදිකාරියක් නෙවෙයි කියන එක තේරුණාද? අනිත් දේ... මිසිස් කාන්ති... ඔයාට සිද්ධ වෙනවා මට හැම ඇත්තක්ම කියන්න.. දැන් මේ රිපෝට් වල කියන විදිහට ඔයාගේ මහත්තයා දිවි නසාගෙන... රේඩියෝ වයර් එකකින් එල්ලිලා... එයාට එහෙම දිවි නහගන්න තරම් හේතුවක් තිබුණාද? මම මේ අහන්නේ.. ඔයාලා අතරේ ආරවුල්..? එහෙම දේවල්..? නැත්තම්...? වෙන මොනා හරි..?”
 
ඇය අතීතයට දුව ඇවිදන් ගියා. ඇගේ මනස නිසි ආකාරයෙන් ඈට විධාන නිකුත් නොකරන තැන ඇය වියරුවෙන් වගේ කියවන්න ගන්න හුඟක් දේ මට බැහැර කරන්න සිද්ධ වුණා. ඒත් අවසානයේ ඇය ඒ කතාව ගළපන්න ගත්තා... හෙමින් සීරුවේ... මහා වේගයෙන් දුවන් ගිය අරුම පුදුම කාල තරණයක කතාව. මේක විගඩමක් නෙවෙයි ඈ විසින් රඟදක්වන.. අවාසනාවකට මට වුනත් හිතෙන්නේ නැහැ, මේ අසරණ ගැහැනිය අර හාදයාව හිත්පිත් නැතුව මරා දැම්මා කියලා..?
 
“මම හැමදාම බබාව ස්කූල් දානවා. බබාට අසනීපයෙන් ඉන්නේ සතියක විතර ඉඳන්, උණ ගැනිලා. ඒක නිසා මම එයා ගාව නිදාගත්තේ දවස් දෙක තුනේම... පෙරේදා ඔය සිද්ධිය උනු දවසේ.. හස්බන් හොඳට හිටියා.. මා එක්ක කතා කළා.. පුතා ගැනත් ඇහුවා.. හැබැයි එදා එයා ගොඩක් ඩ්රින්ක්ස් ගත්තා..”
 
“ඔව්... ඒක මේ රිපෝට්ස් වල තියෙනවා මිසිස් කාන්ති...”


 
“මාවත් ඉඹලා තමයි පුතා ගාවින් මට ඉන්න කියලා එයා නිදාගන්න ගියේ.. එච්චරම තමා සර්.. පහුවදා මම ටී එකත් අරන් ගිහින් එයාව ඇහැරවන්න හදද්දි දැක්කේ.. දෙයියනේ! එයා මැරිලා................ රේඩියෝ වයර් එකකින්.... ම..මට... කතා කරගන්න බැරි උනා.. කෑ ගැහුවා විතරයි මතක... පස්සෙ එතැනට පහළ ඇනෙක්ස් එකේ කට්ටියම දුවන් ආවා.. කවුරුහරි පොලිසියට කතා කළා.. එච්චරයි සර්! දෙයියනේ..! මගේ මනුස්සයා.. මම දන්න තරමින් එයාට හතුරෝ නෑ. එයා හැමෝම හොඳින් ආශ්රය කළා. කොටින්ම සර්... එයා තරහාකාරයෝ තියාගන්නවත් අකැමැති කෙනෙක්... මට මේකට සැක කවුරුත් නෑ. ඒත් හැමෝම ඇඟිල්ල දික් කරන්නේ මට..... මොකද මම දේපලවලට කෑදරකමේ මිනිහා මරාගත්තලු.. දැන් උන් කියනවා මට මිනීමරු ගෑනිලූ.. මඟුල..!! අහවල් දේකටද මම ඒ යකාව මරන්නේ...? මොන ඉලව්වක් නිසාද? කියන්න සර්... මම දිහා බැලුවම එහෙම පේනවද සර්ට....”
 
“පේනවා නේන්නම් දෙයියනේ...!” මම උරුවන් බෑවා. ඒ ගැහැනිය ඉබේටම නැගිටුනා. ඇගේ ඇඟිලි කූරු වේගයෙන් ගැහෙන්න ගත්තා. ඇස් වල පතාක කඳුළු කුළුණු නැවතුණාද මන්දා.. ඒ ගැහැනිය හිනා වෙන්නවත් නොදන්න එකියක් වගේ ආයෙම මා දිහා බලලා ඉවතා බලා ගත්තා. මම ඈ ඉදිරියෙන් වතුර බෝතලයක් තිබ්බා.
 
“මම... ම... ම............ මිනීමරුවා... මො...න... කුණුහරපයක්.................. ද ඒක...........!”
 
“ඉස්සල්ලා ඔය වතුර එක බීලා ඔබතුමිය වාඩිවෙන්නකෝ.. අන්න ඔහොම මිසිස් කාන්ති.. මට හිතාගන්න පුළුවන් ඔයාගේ අතේ මඟුල් මුද්ද නැති හේතුව... එතකොට... ඔයයි හස්බනුයි අතර දේපල සම්බන්ධව ඇති වෙච්ච ප්රශ්නේ... අන්න ඒ ගැන දැනටම පොලිසිය දන්නවා... තව දෙයක්.. ඔයාගේ මහත්තයාගේ පවුලේ උදවිය ලෑස්තියි ඔයාට විරුද්ධව සාක්ෂි දෙන්න.. වෙයිට් වෙයිට්... කලබල වෙන්න එපා..!! මම ඔයාගේ ලෝයර්...! සෝ... ඔයාට බැරි වෙන්න විදිහක් නෑ, මට ඔයාගේ ඇත්තම කතාව කියන්න.. මම මේ කිව්වේ දැන් ටිකකට කලින් ඔයා කිව්ව ප්රබන්ධ කතාව වෙනුවට ඇත්තටම සිද්ධ වුනු දේ...? ප්ලීස්...!!”
 
ඇය නිශ්ශබ්ද වුනා. ඇල්පැනිත්තක් බිම නොවැටුනු තරමේ නිශ්ශබ්දතාවයක්.. මගේ මුහුණවත් නොබලන ඇය ඇඟලි කූරු ආයෙම නවා ගත්තා. පස්සේ ලේන්සුවකින් මුහුණත් තහඩුව පොරෝ ගත්තා. පර්ස් එකෙන් ටිෂූ කඩදැහි ගෝනියක් එළියට ගත්තා. ලිපිස්ටික්..... කොණ්ඩ කටු... නිය ආලේපන...
 
දැන් මේ ඉන්නේ ඇය... කලින් හිටපු කෙනාම තමයි. වෙනසක් නැහැ. මම මගේ පෑන අතට ගත්තා.


 
“සොරි සර්... මම දන්නෑ.. සර් මම දැන් කියන්න යන කතාවත් ප්රබන්ධයක් කියලා හිතාවී සමහර විට.. ඒත්... ඒ යක්ෂයා එක්ක අවුරුදු ගානක් පවුල් කාපු මම ඒකේ වේදනාව දන්නවා. මට හේමන්තව හම්බුනේ ප්රොපොසල් එකකින්.. ඒ වෙද්දි මම මගේ පළවැනි ආදරෙන් පැරදිලා ඉන්න කාලේ... බැලූ බැල්මට එයා නරක කෙනෙක් කියලා මට හිතුනේ නෑ. ඇත්තටම එයා නරක කෙනෛක් නෙවෙයි තමයි.. ඒත් ඒ ලෝකෙට පේන්න විතරයි. එයා තිරිසනෙකුටත් අන්ත එකෙක්...”
 
“ම්ම්ම්... ඒ කියන්නේ මොකද්ද ලෝකේ නොදැන හිටපු දේ..?” මම දුරකථනයේ කුළුණු පරීක්ෂා කරන අතරේ ආයෙම ඒ අමුතු කතාවට සේන්දු වුනා. අර ගැහැනිය තාමත් අතීතය වන්දනා කරන ගමන්... එහෙම නැත්තම්.. ඒකට ශාප කරන ගමන්!
 
“ඌ තිරිසනෙක් සර්.. ඒ තිරිසනා... හැම නින්දකදීම මට වද දුන්නා.. ඌට තිබ්බේ විකෘති ආසාවල්... වෙන මිනිහෙකුට නැති.. ඊට එහා ගිය ජරා ආසාවල්.. ඌ මට රිද්දුවා... මගේ රහස් තැන් පිළිස්සුවා.. මොන ගෑනිටද සර් ඉවසන්න පුළුවන්..? ඌ සතෙක්.. අම්මපා!! මම ඉවසුවා. බැරිම තැන මම එයාට කිව්වා ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බෙමු කියලා.. මොන... ඌ කැමති නෑ, මොකද ඌ බයයි ඌට අවනම්බු වෙයි කියලා. අන්තිමට මම ඒක ඩොක්ටර් කෙනෙක් හම්බෙලා කිව්වා. එයා කිව්වේ හස්බන්ව එක්කන් එන්න කියලයි. ඒත් හස්බන් කැමති උනේ නෑ. මම දිගින් දිගටම වද වින්ඳා. උගේ සතුට වුනේ මට වැඩිපුර රිද්දලා තෘප්තිමත් වෙන එක..” ඇය හඬන්නේ නැහැ. කෝප ගැන්වෙනවා විතරයි. බේත් ගල්වන්න බැරි තැන ඇගේ හදවත ගලක් වුනු හැටි අරුමයක් නෙවෙයි.


 
“එතකොට... ඒ විදිහේ මානසික තත්ත්වයක හිටපු මනුස්සයා මරන්න ඔයා තීරණය කරනවා..?”
 
“ඒක හුඟ කාලකෙට කලින් මම කරන්න උන්නේ.. මට දැන් ඇති හිතුනා.. සර් දන්නවද? මගේ ලිංගික ප්රදේශය තුවාල වෙලා. මම ඒවාට බේත් දානවා. උගේ වද බන්ධන ඔක්කොම ඉවසන් තව කොච්චර කාලයක් ඉන්නද මම..? කියන්නකෝ.. ඒකයි මම තීරණය කළේ ඌව මේ ලෝකෙන් තුරන් කරන්න.. සිද්ධිය වෙච්ච දවසේ මහ රෑ ඌ නිදාගෙන ඉද්දිමයි මම උගේ බෙල්ලට වයර් එක දැම්මේ.. එදා ඌට සිහියක් තිබුණේ නෑ, ඩ්රින්ක්ස් අරන් මත්වෙලා හිටියේ... මගේ ඇඟිලි සලකුණු නොහිටින්න මම බ්ලවුස් දෙකක් යූස් කළා. ඌ දඟලලා ඉවර වුනාම වයර් එක එහෙම්මම තියෙන්න ඇරලා, උගේ අත් දෙක ඒකේ පටලවලා ආවා.. දැන් මගේ මිනිහා මර නින්දේ.. උදේ මම මගේ රඟපෑම පටන් ගත්තා... කෑ ගැහුවා මගේ මිනිහා දිවි නහගෙන කියලා...”


 
“හොඳයි...!! දැන් ඔයාට විකල්ප දෙකක් තියනවා...?” කතාව අවසන් වුනු තැන මම හඬ අවදි කළා.
 
“මොකද්ද සර්...?”
 
“ඔයාට උවමනා නම් පුළුවන් අර මට මුලින්ම කියපු ප්රබන්ධ කතාවම උසාවිය ඉස්සරහා රඟදක්වලා පෙන්වන්න... හැබැයි ඒක ටිකක් මොඩිෆයි කරන්න වෙයි.. අනිත් විකල්පය තමයි... ඔයාට පුළුවන් කැමැත්තෙන්ම ඇත්තටම සිද්ධ වෙච්ච දේ පාපොච්චාරණය කරන්න..? මොකද්ද ඔයා කැමති...................?”
 
(මෙම කතා නායිකාව වන කාන්ති, මුලින්ම ප්රබන්ධ රඟ දැක්වීමකට කැමැති වුවත්, පසුව තම කැමැත්තෙන්ම පාපොච්චාරණය නියැලුණා. එහිදී සැමියා ඝාතනය කළ වරදට දීර්ඝ සිර දඬුවමක් විඳින්න ඇයට සිදු වුණා. වසර ගණනකට ඉහත සිදුවූ මෙම කතාවට අයිතිකම් කියන තැනැත්තිය මෑතකදී මියගොස් ඇති අතර මේ කතාව ඇගේ නීතිඥවරයා විසින් මා වෙත ලබා දුන්නේ නම් ගම් කිසිවක් හෙළි නොකරන ලෙස දැඩි ඉල්ලීමක් ද කරමිනුයි.)
 
By Samitha Lakshan

පසු සටහන

ශරීරයට දැඩි වේදනා දී ලිංගික තෘප්තිය ලැබීමේ මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ, පරපීඩා කාමුකත්වය ( #Sexual_Sadism ) ලෙසයි.

මෙවැනි තත්ත්වයක පුද්ගලයන් ලෛංගික තෘප්තිය ලබන්නේ ලිංගික සංසර්ගයේදී අනෙකාට නින්දා කිරීම, පහර දීම, තුවාල කිරීම , ගැට ගැසීම ආදියෙනි. මෙම තත්ත්වය අවසානයදී කාමුක මිනීමැරුමක් ( #lustmurder ) දක්වා වුවත් දුරදිග යා හැක.

මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ස්ව ‘ශ්‍රී ලංකාවේ ගණිකාවෝ’ පර්යේෂණ කෘතියේදි මෙවැනි තත්ත්වයන් රැසක් හෙළි කර ඇත.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top