වසර 20ක් තිස්සේ චාඩාව සර්කස් සංදර්ශන සඳහා කුරිරු ලෙස භාවිතා කර තිබුණා. මිනිසුන්ව පිනවීම සඳහා ඇය විඳි ගැහැට අප්‍රමාණයි. අවසානයේ ඇයගෙන් වැඩක් ගැනීමට නොහැකි වූ විට, ඇයව කුඩා යකඩ කූඩුවක දමා අතහැර දමා තිබුණා. සත්ව සුබසාධක කණ්ඩායම් ඇයව සොයාගන්නා විට, ඇයගේ ඇඟ පුරා තුවාල කැළැල් තිබූ අතර, ඇස් පෙනීම ද සම්පූර්ණයෙන්ම වාගේ අහිමි වී තිබුණා.
හැබැයි, මේ කතාව එතැනින් ඉවර වෙන්නේ නැහැ. යුක්රේනයේ "White Rock" රැකවරණ මධ්‍යස්ථානය චාඩාට අලුත් ජීවිතයක් දුන්නා. ජීවිතයේ පළමු වතාවට ඇයට තණකොළ පිට්ටනියක නිදහසේ ඇවිදින්න, ස්වභාවදහමේ සුවය විඳින්න වාසනාව ලැබුණා.
ඇස් පෙනෙන්නේ නැති වුණත්, ඇඟ දුර්වල වුණත්, චාඩා ජීවිතය අතෑරියේ නැහැ. තමන්ට වුණ හැම අසාධාරණයක්ම අමතක කරලා, ඉතිරි වෙලා තියෙන කාලය සතුටින් ඉන්න ඇය ගන්නා උත්සාහය, අපේ ජීවිත වලටත් ලොකු ආදර්ශයක්!
මුහුණු පොත ඇසුරෙන් .