මේ ලිපිය නිකුත් කරන ලෙස ක්‍රිකට් ආයතනයට නියෝගයක් දෙන්න කියලා ඉල්ලමින් තමයි නුවන් කොළඹ දිසා අධිකරණයට මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබුණේ.
ජ්‍යේෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් හරහා ගොනු කරපු මේ පැමිණිල්ල අද (අප්‍රේල් 02) උසාවියේ කැඳෙව්වා.
එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් විදියට ක්‍රිකට් ආයතනයේ ලොකු පුටුවල ඉන්න අයවම නම් කරලා තිබුණා.
ඒ අනුව, සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා කියන මහත්වරුන්ට අධිකරණයෙන් දැන් නොතීසිත් නිකුත් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ
මෙම නඩුව නැවතත් අප්‍රේල් 09 දිනට කල්තැබුණා.
ඊළඟට මොකද වෙන්නේ?
අපි ඒ වෙනකල් බලාගෙන ඉමු.