මියයන විට ඇය 92 වන වියේ පසුවූ අතර, ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මුම්බායිහිදී සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ගිනස් වාර්තා පොතට පවා හිමිකම් කියමින්, ලොව වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කළ ගායිකාව ලෙස විරුදාවලිය ලත් ඇය, භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ගීත දසදහස් ගණනක් ගායනා කර ඇත. ඇයගේ හඬ ඉන්දියාවට පමණක් නොව මුළු මහත් ආසියාවටම මෙන්ම ලෝකයටම අභිමානයක් විය.
කෝටි සංඛ්‍යාත රසික හදවත් තුළ සදාතනික මතකයන් ඉතිරි කරමින් ඇය නික්ම ගියද, ඇය ගැයූ ඒ අමරණීය ගීත රාවය පරම්පරා ගණනාවක් පුරා සදාකාලිකව රැඳී පවතිනු ඇත.