නමුත් මෙය සාමාන්‍ය ගින්නක් නොවන බවට සැක පහළ වන්නේ අසල්වැසියන් පැමිණ ගින්න නිවන අවස්ථාවේ මුළු නිවස පුරාම පැතිර තිබූ තදබල පෙට්‍රල් ගඳ නිසාය.
55 හැවිරිදි මව සහ පාසල් යන වයසේ පසුවූ දියණිය කාමරයක් තුළ මියගොස් සිටියදී, දැරියගේ පියා සහ නිවසේ හිමිකරු බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබුණි.
අවාසනාවන්ත ලෙස නිවෙස් හිමිකරු ද රෝහල්ගත කිරීමෙන් පසු අද (19) දිනයේ මියගොස් ඇති බව වාර්තා වෙයි.
මෙය කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව සිදුකළ තිත්ව මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක කරයි.
නිසල රාත්‍රිය ගින්නෙන් අළු කළ මේ බිහිසුණු අපරාධයට හේතුව තවමත් රහසකි.
මහරගම පොලිසිය මේ වන විටත් විමර්ශන පවත්වන්නේ මේ මරණ පිටුපස සිටින අදෘශ්‍යමාන හස්තය සොයා ගැනීමටයි.